More
    spot_img
    Newsධනුෂ්ක ගුණතිලකට එරෙහි බරපතල චෝදනා හතරක් ඉවතට - Danushka Gunatilaka

    ධනුෂ්ක ගුණතිලකට එරෙහි බරපතල චෝදනා හතරක් ඉවතට – Danushka Gunatilaka

    -

    spot_img

    Danushka Gunatilaka – සිඩ්නි නුවර සිය නිවස තුළදී කාන්තාවකට ලිංගික අතවර කළ බව කියන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව පොලිසිය විසින් එල්ල කල බරපතළ චෝදනා කිහිපයක් ඉවත් කරගෙන තිබෙනවා.

    32 හැවිරිදි මෙස්ටියගේ දොන් දනිෂ්ක ගුණතිලක, පසුගිය වසරේ අගභාගයේදී T20 ලෝක කුසලාන තරඟාවලිය අතරතුර අත්අඩංගුවට ගැනීමෙන් පසුව, අවසරයකින් තොරව ලිංගිකව එක්වීමේ චෝදනා හතරක් මත ඩව්නිං සෙන්ටර් ප්‍රාදේශීය අධිකරණය හමුවේට ඉදිරිපත් කළා.

    කාන්තාවගේ ගෙල සිරකර පහරදීමේ සිද්ධියෙන් පසුව, අවසරයකින් තොරව යෝනි මාර්ගයෙන් ලිංගිකව එක්වීමේ එකම චෝදනාවකට ගුණතිලකට දැන් මුහුණ දීමට සිදුවී තිබේ.

    ගුණතිලක කොන්ඩම් පැළඳීමෙන් පසු අවස්ථා තුනකදී කාන්තාවගේ ගෙල සිර කර “බලහත්කාර” සංසර්ගයේ නිරත වූ බවට පොලිසිය චෝදනා කරයි. අවසන් අවස්ථාවේ කාන්තාවගේ හුස්ම ගැනීම තත්පර හයකට නතර වී ඇති බවද පොලිසිය පවසා ඇත.

    කොන්ඩමයක් පැලැන්දීමෙන් පසුව පමණක් ක්‍රීඩකයා සමග ලිංගිකව එකතුවීමට තමන් එකඟ වූ බවත් පසුව ඇඳ අසල බිම තිබී කොන්ඩමය සොයාගත් බවත් කාන්තාව පොලිසියට පවසා ඇත.

    පසුගිය වසරේ අගභාගයේදී චෝදනා එල්ල වූ දා සිට ධනුෂ්ක ඕස්ට්‍රේලියාවේ රැඳී සිටි. ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය උසාවියට භාරගත් අතර පසුව ඩව්නිං සෙන්ටර් උසාවිය විසින් ඩොලර් 200,000 ක ඇපයක් මත එය මුදා හරියත් රටින් පිට නොවන ලෙස නියෝග කරන ලදී.

    ධනුෂ්ක ජුලි 13 වැනි දින නැවත අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතයි

    Latest news

    Bad Weather බෙංගාල බොක්ක ආශ්‍රිතව සුළි කුණාටු තත්වයක්

    Bad Weather - නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින ගැඹුරු පීඩන අවපාතය අද (නොවැ. 27) වන විට සුළි කුණාටු...

    Veyangoda Treasure වේයන්ගොඩ නිධානයේ ඇත්ත පැත්ත

    Veyangoda Treasure - අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය පොලිස් විශේෂ කාර්ය බළකායට ලබාදුන් නියෝගයක් අනුව වේයන්ගොඩ, වඳුරව රජමහ විහාරයට සමීපව මධ්‍යම...

    Defeated ministers මහින්දානන්ද අලුත්ගමගේ ගෙදර ගියාද යැව්වද..?

    Defeated ministers - පසුගියදා (නොවැම්බර් 16) නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනමේ මාධ්‍ය හමුවකදී හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගන්නා...

    Supreme Court order ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

    Supreme Court order - 5 වසර ශිෂ්‍යත්ව විභාගය පවත්වා මේ වනවිට දෙමසක් ඉක්ම ගොස් තිබුණද, මේ වනතෙක් එම විභාගයේ...
    - Advertisement -spot_img

    Test series vs South Africa දකුණු අප්‍රිකානු සංචාරයට ටෙස්ට් සංචිතය නම් කෙරේ.

    Test series vs South Africa - ICC ලෝක ටෙස්ට් ශූරතාවලියට සමගාමිව පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරග...

    Defeated ministers මහින්දානන්ද අලුත්ගමගේ ගෙදර ගියාද යැව්වද..?

    Defeated ministers - පසුගියදා (නොවැම්බර් 16) නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනමේ මාධ්‍ය හමුවකදී හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගන්නා...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page