More
    spot_img
    ArtMiss World 2025 තායිලන්තයේ පළමු ලෝක රූ රැජින

    Miss World 2025 තායිලන්තයේ පළමු ලෝක රූ රැජින

    -

    spot_img

    Miss World 2025 – ඊයේ (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති ලෝක රූ රැජින තරඟාවලියේදී 72 වැනි ලෝක රූ රැජින ලෙසින් තායිලන්තයේ Opal Suchata (Suchata Chuangsri) කිරුළු පැළඳුවා. ඒ ලෝක රූ රැජින කිරුළ දිනාගත් පළමු තායිලන්ත සුරූපිනිය ලෙස ඉතිහාසයට එක් වෙමින්. 21 හැවිරිදි Opal නිරූපිකාවක් ලෙසින් කටයුතු කරන අතර 2024 වසරේ විශ්ව රූ රැජින තරඟාවලියේ තුන්වැන්නා වූයේද ඇයයි.

    Miss World 2025

    සුදු පැහැ ගවුමක් (සුවපත් කිරීම සහ ශක්තිය සංකේතවත් කරන) මල්වලින් අලංකාර කරන ලද සුදුපැහැ රෙද්දකින් ඇය සැරසී සිටියා. ඇගේ ඇඳුම විපත්ති හමුවේ පවා එඩිතර වන ගැහැණුකම් සංකේතවත් කළා. රූ රැජිණ සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ Just Like the Opal, I Shine in My Own Light යනුවෙන් සටහනක් තබා තිබුණා. (Opal යනු මැණික් වර්ගයකි)

    Miss World 2025

    මේ මොහොත තම පෞද්ගලික ජයග්‍රහණයක් නොව බලාපොරොත්තුවේ සහ වෙනසක් ඇතිකිරීමට කැමති සෑම යුවතියකගේම සිහිනයක් සැබෑ වීමක් බවත් රූ රැජින උරුමය නියෝජනය කරන්නට ලැබීමත් වෙනසක් සඳහා රූ රැජින ලෙසින් තම කාලය භාවිතා කිරීමට ලැබීම ගෞරවයක් බවත් ඇය පවසා සිටියා.

    Miss World 2025

    පළමු අනුශූරතාවය සෝමාලියානු රූ රැජින Hasset Dereje ටත් දෙවන අනුශූරතාවය පෝල්න්ත රූ රැජින Maja Klajda ටත් හිමිවුණා. ශ්‍රී ලංකාවෙන් එම ඉසව්ව නියෝජනය කළ අනුදි ගුණසේකර පිළිබඳව ලාංකිකන් දැඩි බලාපොරොත්තු තබා සිටියද, තරඟාවලියේ අවසන් 40 දෙනා අතරට පැමිණීමටවත් ඇයට හැකියාව ලැබී තිබුණේ නැත.

    NDTV ඇසුරිනි –

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Latest news

    Piliyandala බෝකුන්දර ගින්නක්

    Piliyandala - පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේ ගින්නක් හට ගෙන ඇති බව වාර්තා වේ.කොළඹ පිළියන්ල මාර්ගයේ බෝකුන්දර ප්‍රදේශයේ පිහිටි ලී අලෙවි...

    Sri Lanka Airline ශ්‍රී ලන්කන් ගුවන් සේවයට නව සාමාජිකයෙක්

    Sri Lanka Airline - ශ්‍රීලන්කන් ගුවන් සේවයට එකතු වෙන එයාර් බස් A330 – 200 නවතම ගුවන් යානය මීට සුළු...

    To import ත්‍රිපෝෂ සදහා බඩඉරිඟු ආනයනයට අනුමැතිය

    To import - ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. දේශීයව බඩඉරිඟු සපයා ගැනීමට ඇති අපහසුව සැලකිල්ලට...

    Women’s Cricket ලෝක කුසලානය ඉන්දියාවේ සහ ලංකාවේ

    Women's Cricket - 2025 වසරේ ICC කාන්තා එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය පවත්වන දිනයන් සහ ස්ථාන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය...
    - Advertisement -spot_img

    To import ත්‍රිපෝෂ සදහා බඩඉරිඟු ආනයනයට අනුමැතිය

    To import - ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. දේශීයව බඩඉරිඟු සපයා ගැනීමට ඇති අපහසුව සැලකිල්ලට...

    Gangubai Kathiawadi බොලිවුඩ් සිහිනයක් කාමාතිපුරයකින් නිමාකළ ගැහැණියක්

    Gangubai Kathiawadi - යෞවනියක් විදිහට ඇය ගතකලේ සැහැල්ලුවෙන්, ප්‍රීතියෙන් පිරුණු ජීවිතයක්. ඈ සතුව සිහින තිබුණා. ඒවා යොවුන් විය සතුවූ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page