InterviewsSelena Gomez මට පළවෙනි හාදුව ලැබුණෙ අවුරුදු දොළහෙදි

Selena Gomez මට පළවෙනි හාදුව ලැබුණෙ අවුරුදු දොළහෙදි

-

spot_img

Selena Gomez තම වෘත්තීය ජීවිතය අරඹන්නේ ළමා නිළියක ලෙසින්. ගායිකාවක්, නිළියක්, ගීත රචිකාවියක්, ව්‍යාපාරික කාන්තාවක් වන ඇය, සංගීත ක්ෂේත්‍රයේ සිටින ධනවත්ම කාන්තාවන් අතරින් කෙනෙක්.

• Emilia Pérez චිත්‍රපටයේ රඟපාන්න සිතුවෙ ඇයි?

ඒ ගැන තිබුන කුතුහළය තමයි එයට හේතුව. මම එවැනි නිෂ්පාදකයන් සමග වැඩ කරන්න කැමතියි. පිටපත කියැවීමේදී මට ඒකට ආස හිතුණා. කතාව මගෙ හිතේ මැවුණා. මම එයට ආකර්ෂණය වුණා.

• ස්පාඤ්ඤ භාෂාව කතා කරන්න ලැබීම ගැන මොකද හිතෙන්නෙ?

මම ස්පාඤ්ඤ භාෂාව කතා කරන්න කැමතියි. සතුටුයි ඒ ගැන. මම මීට පෙර ස්පාඤ්ඤ භාෂාවෙන් ගීත ඇල්බමයක් කළා. ස්පාඤ්ඤ භාෂාවෙන් ගී ගයන එක පහසු නමුත් ෆිල්ම් එකක් කරනව කියන එකනම් අභියෝගයක්.

• කොණ්ඩෙත් ලොකු වෙනසක් කරන්න සිදු වුණා නේද?

මම Blonde පැහැයට ආසයි. ඒ විග් එක ගොඩක් ලස්සනයි. ඒක මට ගැළපෙන විදිහට හදන්න පැය අසූවක් ගතවුණා.

Selena Gomez

• Cannes සම්මානයෙන් පිදුම් ලැබීම මොන වගේ අත්දැකීමක්ද?

ඒක නියමයි. කට්ටිය නැගිටලා මා වෙනුවෙන් අත්පොළසන් දුන්නා.

• ඔබ සහ ඔබේ සහය නිළිය සම්මාන ලැබුවා.

ඒ වෙලාවෙ මම Newyork වල සිටියේ. ඒත් මට Zoe ඒ වෙලාවෙ කතා කළා. එයාලා අඬමින් සිටියේ. මටත් ඇඬුණා. එහෙම පිළිගැනීමක් ලැබෙන එක මාරයි.

• ඔබ පුංචි කාලෙ ඉඳලම රඟපානවා?

ඔව්. මගෙ අම්මත් නිළියක්. පුංචි කාලෙ ඉඳන්ම මට ඒ දේවල් හුරුයි. කම්මැළි වුණේ නැහැ. අම්මා මට ලොකූ සහයෝගයක් දුන්නා. මට මගේ පළමු රැකියාව ලැබුනෙ අවුරුදු හතේදි.

Selena Gomez

• ඔයාගෙ ක්‍රශ් එක කවුද?

මම සංගීතඥයන්ට සහ නළුවන්ට ආසයි. Jess McCartney, Michael Murray.

• ප්‍රථම හාදුව මතකද?

ඒක ලැබුණෙ රූගත කිරීමකදි. එතකොට මට වයස දොළහයි. මම Dylan එක්ක රඟපෑවේ. අපි පුංචි නිසා ඒක අපිට හරි විහිළුවක් වෙලයි තිබුණේ. ඒක කරන්නෙ කොහොමද කියලා අපි සිතුවා. සැබෑ ජීවිතේ නම් මට ඉස්සෙල්ලම හාදුවක් ලැබුනෙ අවුරුදු දාහතරෙදි. Juan කියල කොල්ලෙකුගෙන්.

• Halloween එකට ආසයිද?

ඔව්. මම Halloween එකට කැමතියි. Halloween සාදවලට සහභාගී වෙලා තියෙනවා. වතාවක් මම ඇලිස් විදිහට ඇඳගෙන ගියා. (Alice In the Wonderland)

• ඔයා බල්ලෙක් වගේද? පූසෙක් වගේද?

මම හිතන්නෙ බල්ලෙක් වගේ. හැම නිතරම විනෝදෙන් ඉන්නවා. හැම තැනම යනවා. තුරුල්වෙන්න ආසයි. උද්‍යෝගිමත් කෑම කන්න ආසයි. මට ඒක ගැළපෙනවා.

Selena Gomez

• ඔබට තරහ යන හේතු මොනවද?

පරක්කු වෙලා වැඩකරන අය. ඒ වගේම මට අනිත් අයට වඩා වෙනස්ව සලකනවට මම ආස නැහැ. මට ඒ දේවල් ඉක්මනට පෙනෙනවා. මට මේ කර්මාන්තයට කොහෙත්ම සම්බන්ධ නැති ආදරණීයයන් ඉන්නවා. ඉතින් මා වටා ඉන්න අයට සළකන ආකාරය පිළිබඳව මම සැළකිලිමත් වෙනවා.

• ඔබේ ලග්නෙ මොකක්ද?

කටක. නමුත් මට හිතෙන්නෙ සිංහ සහ කටක ලග්න දෙකේම ලක්ෂණ මට තියෙනවා.

• ඔබ කොහොම කෙනෙක්ද?

ගොඩක් සංවේදියි. මිනිස්සුන්ට ගැඹුරින් ආදරය කරනවා. (එය මට හොඳද නරකද කියල නොසිතාම) මම ඕනවට වඩා සිතන, අනිත් අය ගැන සැලකිළිමත් වෙන කෙනෙක්.

W Magazine ඇසුරිනි –

Latest news

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි?

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි? කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...
- Advertisement -spot_img

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන්

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන් - Sausage Bun බේකරි කෑම අතරෙ ලොකු කුඩා කවුරු අතරත් ගොඩක්...

ක්ලෝඩියාගේ සීයා

ක්ලෝඩියාගේ සීයා - The Funeral and the Feast ඇගේ සීයා මිය යෑමට දින තුනකට පෙර ක්ලෝඩියා සුදු ලේස් ඇඳුමකින් සැරසුණු...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you