More
    NewsMissing බොල්ගොඩ ගඟට පැන්න පුද්ගලයෙකු අතුරුදන්

    Missing බොල්ගොඩ ගඟට පැන්න පුද්ගලයෙකු අතුරුදන්

    -

    spot_img

    Missing – හිරන පාලමින් බොල්ගොඩ ගඟට පුද්ගලයකු පැන ඇති බව පොලිසිය පවසනවා. පුද්ගලයෙකු අතුරුදන්ව ඇති බවට ලද පැමිණිල්ලකට අනුව ඊයේ රාත්‍රියේ විමර්ශන ආරම්භ කළ බවයි හිරන පොලිසිය සඳහන් කර සිටියේ. මෙලෙස අතුරුදන්ව ඇත්තේ පානදුර තන්ත්‍රීමුල්ල, කෝන් ගහකොටුව පදිංචිව සිටි  ඩි.ජි ජනක සේනාරත්න නැමැති 49 හැවිරිදි තිදරු පියෙක්. එම පුද්ගලයා හැඳ සිටි ටී ෂර්ටයක් සහ ඔහුගේ යතුරුපැදිය පානදුර හිරන පාලම අසල තිබී ඊයේ රාත්‍රී සොයා ගත් බවත් එම ටී ෂර්ටය තම පියාගේ බව පුතුන් දෙදෙනා හඳුනාගත් බවයි හිරන පොලිසිය සඳහන් කළේ.

    අතුරුදන් වූ පුද්ගලයාගේ වැඩිමහල් පුතු පොලිසියට පැමිණ කරන ලද පැමිණිල්ලේ පවසා ඇත්තේ අතුරුදන් වූ පුද්ගලයා ඊයේ පෙරවරුවේ සිය බිරිඳ සමඟ ආරවුලක් ඇතිවී අමනාපව බොල්ගොඩ ගඟට පැන සියදිවි නසා ගන්නා බව පවසමින් නිවසින් පිටවී තිබෙන බවයි. සිය මව පියා නිවසින් පැමිණීම වැළැක්වීමට උත්සාහ දරා ඇතත් පියා නිවසින් පිටවී පැමිණ දහවල් 12 ට පමණක් සිය සහෝදරියටද දුරකථන ඇමතුමක් ලබාගෙන ඇතැයි ඇය නැවත පියාට ඇමතුමක් ලබා ගනිද්දි දුරකථනය විසන්ධි වී තිබී ඇතැයි පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන බව පොලිසිය පවසයි.

    Latest news

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට...

    ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි

    ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 17

    රත් දෝතළු - 17 නොයෙකුත් සිතුවිළි මා මනස පුරා හොල්මන් කරන්නට විය. නිර්මාණි ආගන්තුකයෙක් ලෙස පළමුවරට මට දැනෙන්නට විය. මා...

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ්

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ් කොළ පාට එළවළු, පළතුරු කියන්නෙ සිරුරට අත්‍යවශ්‍යම දෙයක්. එය ඔබේ නිරෝගීකමට ගොඩක් බලපානවා. ග්‍රීන් සැලඩ්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page