Tilvin Silvaපැරදුනු පිරිස විසින් ජනතාව නොමග යැවීමට බොරු ප්‍රකාශ කරමින්, ආණ්ඩුව යන ගමන වැළැක්වීමට උත්සාහ කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා. එම බාධක මැඩගෙන ඉදිරියට යාමට නම්, ජාතික ජන බලවේගයට ජනවරම ඇති බවට නැවත නැවත ඔප්පු කළ යුතු බවයි ජන හමුවක් අමතමින් ප්‍රධාන ලේකම්වරයා සඳහන් කර සිටියේ.
පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන විට, රනිල් වික්‍රමසිංහ කලබලයට පත්වී ඇති බවද, පසුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල නීතීඥයෙක් ලෙස පිල්ලෙයාන් හමුවී, ඔහුට උදව් කිරීමට උත්සාහ කරන බවද ඔහු ප්‍රකාශ කළා. අපරාධ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන පිල්ලෙයාන් මුදා ගැනීමේ මෙහෙයුමේ ප්‍රධානියා ලෙස උදය ගම්මන්පිල කටයුතු කරන බවයි ටිල්වින් සිල්වා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.