NewsElection Commission ප්‍රතික්ෂේපිත නාමයෝජනා නැවත භාර ගැනීමට නියෝග

Election Commission ප්‍රතික්ෂේපිත නාමයෝජනා නැවත භාර ගැනීමට නියෝග

-

spot_img

Election Commission – දේශපාලන පක්ෂ වෙත මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අදාළ ඡන්ද විමසීම සඳහා භාර දෙන ලද නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබේ නම් එම පෙත්සම්වල හා නඩු තීන්දුවල පිටපත් අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත ලබා දෙන ලෙසයි.

මේ සම්බන්ධව අදාළ පක්ෂවල ලේකම්වරු හෝ බලයලත් නියෝජිතයින් හා ස්වාධීන කණ්ඩායම් නායකයින් වෙත මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනුවත් කර තිබෙනවා. ඇති වූ විවිධ ගැටළු මත විවිධ දේශපාලන පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම් කිහිපයක නාමයෝජනා රැසක් ප්‍රතික්ෂේප වී තිබුණි.

මේ හේතුවෙන් ඊට එරෙහිව එම දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කරනු ලැබුවා. එම පෙත්සම් විභාග කළ අභියාචනාධිකරණය, අදාළ කොට්ඨාසවල තේරීම් භාර නිලධාරීන්ට නැවත එම නාමයෝජනා පත්‍ර භාර ගන්නා ලෙස නියෝග කර තිබෙනවා.

ඒ අනුව එම නාමයෝජනා සම්බන්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති දේශපාලන පක්ෂ වෙත එම පෙත්සම්වල හා නඩු තීන්දුවල පිටපත් අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත ලබා දෙන ලෙස එම කොමිෂන් සභාව අදාළ පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල බලයලත් නිලධාරීන් ගෙන් ඉල්ලා තිබේ.

Latest news

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි ආණ්ඩුව ක්‍රියාත්මක කිරිමට නියමිත විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිමේ ව්‍යවස්ථා සංශෝධනයට නිතීඥ ක්ෂේතුයේ දැඩි...

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නුවර දුම්රියක් තුළ ගමන් ගත් මඟියකුගේ හිසට බෝතලයකින් පහර දීමේ...

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...
- Advertisement -spot_img

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නුවර දුම්රියක් තුළ ගමන් ගත් මඟියකුගේ හිසට බෝතලයකින් පහර දීමේ...

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you