Govinda පසුගිය පෙබරවාරියේ සිය තිස් අටවසරක විවාහ දිවිය නිම කරමින් සිය බිරිඳ Sunita ගෙන් දික්කසාද වීමට යන බවට වාර්තා පළවූවා. ඔහුගේ නීතිඥයා වන Lalith Bindal පැවසූයේ Sunita දික්කසාද නඩු ගොනු කළ වගයි. නමුත් දැන් මේ යුවළ සමාදාන වී ඇති බව පසුගියදා පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔවුන්ගේ නීතිඥවරයා පවසා තිබේ.
Govinda දික්කසාදව ඇති බවට පැතිරෙන කතා සඳහා ඔහුගේ බිරිඳ Sunita Ahuja ද පිළිතුරු දී තිබේ. ඇය රසිකයන්ගෙන් ඉල්ලා සිටියේ පැතිරෙන කටකතා විශ්වාස නොකරන ලෙසයි. තම සැමියා සහ දරුවන් දෙදෙනා සමග ඔවුන් ආදරයෙන් වෙසෙන වගත්, තමා හෝ තම සැමියා ඔවුන් පිළිබඳ පවසනතුරු කටකතා විශ්වාස නොකරන ලෙසටත් ඇය රසිකයන් ගෙන් ඉල්ලා සිටියා. මිනිසුන් සුනඛයන් වැනි බවත්, ඔවුන් බුරන බවත් තවදුරටත් අදහස් දැක්වූ ඇය පවසා සිටියා.
Govinda සහ Sunita විවාහ වූයේ 1987 දී. ඒ ඔහු සිනමා තරුවක් වීමටත් පෙරදී යි. ඔවුන්ට Tina සහ Yashvardhan නමින් දියණියක සහ පුතෙකු සිටිනවා.
– Hans India ඇසුරිනි –