illegal නීති විරෝධීව මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.
ඩුබායි සිට පැමිණි පුද්ගලයෙකු විසින් මෙම නීති විරෝධී දුම්වැටි තොගය මෙරටට රැගෙන විත් ඇති අතර, අදාළ ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ පරීක්ෂාවකදී මෙම දුම්වැටි තොගය හමුවී ඇති බවයි සඳහන් වෙන්නේ.
එම දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් මිලියන 24ක් බවයි ශ්‍රී ලංකා රේගුව සඳහන් කර සිටියේ.