InterviewsFahadh Faasil දෙමළ කතා කෙරුවට මට දෙමළෙන් හිතන්න බෑ

Fahadh Faasil දෙමළ කතා කෙරුවට මට දෙමළෙන් හිතන්න බෑ

-

spot_img

Fahadh Faasil මලයාලම් සිනමාවේ සිටින ජනප්‍රියම තරුවක්. එමෙන්ම ඔහු සැළකෙන්නේ මලයාලම් සිනමාව තුළ සිටින වැඩිම වැටුප් ලබන රංගන ශිල්පියෙකු ලෙසින්. සිනමා පවුලකින් පැවත ආවද, තමාටම සුවිශේෂී වූ අනන්‍යතාවයක් ගොඩනගා ගත් ඔහු රංගනයට අමතරව චිත්‍රපට නිෂ්පාදකවරයෙක් ලෙසින්ද කටයුතු කරනවා. මේ සටහන ඔහු සමගින් Film Companion සිදු කළ කතාබහක් ඇසුරෙනි.

• ඔබව සම්බන්ධ කරගන්න මාස ගණනාවක් ගතවුණා..

මගේ චිත්‍රපට ගැන මට අසම්පූර්ණ බවක් දැනෙනවා. ඉතින් කාලයක් ගතවෙන තුරුම මම ඒ ගැන කතාකරන්න සුදුසු වෙලාව දන්නෙ නෑ. මම කෙරුව දේ ගැන ඇත්තටම අවබෝධයක් ලැබුණට පසුවයි මම කතා කරන්නෙ. පිටපත අතට ගත්තම මම කොහොමද මේක කරන්න ඕනෙ කියල කල්පනා කරනවා. චිත්‍රපටය නිකුත් වුණාට පසුව මම ඒක හරියට සිදුකරලද කියල මම විමසිලිමත් වෙනවා. බොහෝවිට මම ප්‍රවර්ධන කටයුතුවලින් ඈත්වෙලා ඉන්නවා.

• රඟපෑම ඔබට සුදුසුම වෘත්තිය බව හැඟුණේ කවදද?

මට තවමත් එහෙම දැනෙන්නෙ නෑ. මම මගේ සහකාර නළු නිලියන් තරමට දක්ෂයි. ඔවුන් නැතිව මට මේක තනියම කරන්න බෑ. නළු නිළියන්, කාර්මික ශිල්පීන්, මට තේ එකක් ගෙනෙන කෙනා ඇතුළුව මේ හැමෝගෙම එකතුවෙන් තමයි මේ දේවල් සිද්ධ වෙන්නෙ.

Fahadh FaasilFahadh Faasil

• මීට පෙර ඔබ සඳහන් කර තිබුණා ඔබ චරිතයක් වෙනුවෙන් සූදානම් නොවන වග?

සිනමාවට සම්බන්ධ ශිල්ප ක්‍රම වගේ දේවල් ගැන මට අවබෝධයක් නෑ. මම අධ්‍යක්ෂකට මගේ අදහස් පවසනවා. ඒ අය අලුත් අදහස් අත්හදා බලනවා. කණ්ඩායමක් වශයෙන් අපි සහයෝගයෙන් වැඩ කළ යුතුයි. මම කාලසටහනකට වැඩ කරන්නෙ නෑ. මම ප්‍රශ්න අහනවා. අලුත් දේවල් අත්හදා බලනවා.

• චිත්‍රපට වෙනුවෙන් භාෂාව හැසිරවීම ඔබට බලපාන්නෙ කොහොමද?

මම ඒ ගැන දෙගිඩියාවෙන් ඉන්නෙ. දෙමළ භාෂාව කතාකරන විට මට දෙමළෙන් හිතෙන්නෙ නැහැනෙ. මම පිටපත කියවල ඒක මගේ භාෂාවට පරිවර්තනය කර ගන්නවා. පසුව ඉගෙන ගන්නවා. ඒක පහසු වැඩක් නෙමේ. මට හින්දි, දෙමළ චිත්‍රපට කරන්නත්, මලයාලම් භාෂාව කතා කරන්නත් ඕන. ( සිනාසෙයි )

• චරිතයට පිවිසීමට ඔබ දින දෙකක් ගත කරන බවත්, පළමු දින දෙක නැවත රූගත කරන ලෙස අධ්‍යක්ෂකගෙන් ඉල්ලා සිටින බවත් පැවසෙනවා. මේ කතාව ඇත්තද?

ඔව්. පළමු දින දෙක වැදගත්. මම අධ්‍යක්ෂකගෙන් ඉල්ලනවා කරුණාකර ඒක ආයෙමත් රූගත කරමු කියලා. මගේ හැම චිත්‍රපටයකම පළමු දින දෙක ආයෙමත් රූගත කළා.

Fahadh Faasil Fahadh Faasil

• ඔබේ චිත්‍රපට අසාර්ථක වූ විට ඔබ ආතතියට පත්වෙන බව ඔබ පවසනවා. ඒ වගේම චරිතයක් වෙනුවෙන් සූදානම් වීම ආතතියක් වගත් ඔබ පවසා සිටියා. රංගනය ඔබට සතුටක්ද..? ආතතියක්ද..?

රඟපාන්න ගත්තට පස්සෙ, එය බැරෑරුම් සළකන්න ගත්තට පස්සෙ, අනිත් අය ගැන හිතන්න ලැබුණ නිසාම මම හොඳ මනුස්සයෙක් වුණා කියල මම හිතනව.

• චිත්‍රපටයක් අසාර්ථකයි කියල ඔබ හිතන්නෙ ඔබට අනුවද..? බොක්ස් ඔෆිස් අනුවද..?

ඇත්තටම ඒ දෙකම අනුව.

• ඉර්ෆාන් ඛාන් මිය ගියාම ඔබ බොහෝ සංවේදී සටහනක් තැබුවා.”මම මගේ රංගන ජීවිතයට ඔහුට ණයගැතියි.මම ඒ චිත්‍රපටය නොබැලුවනම් මගේ රංගන ජීවිතයේ මේ තරම් දුරක් එන්න පුළුවන් වේවි කියල මම හිතන්නෙ නැහැ ” කියල. මොකක්ද මේ චිත්‍රපටය…? ඒක ඔබට බලපෑම් කළේ කොහොමද…?

නස්රුදීන් ෂා අධ්‍යක්ෂණය කළ Yun Hota Toh Kya Hota. ඒක මම බැලුවෙ අමෙරිකාවෙදි. ඒ තමයි මම ඉර්ෆාන්ව තිරයෙ දැක්ක පළමු වතාව. මට ඔහු දෙස බලාගෙන ඉන්න එක නතර කරන්න බැරිවුණා. කතාව පුරාවටම. කිසිම නළුවෙක් මට එවන් බලපෑමක් කරල නෑ.

• හොඳ නළුවෙක් වෙන්නෙ කොහොමද?

යථාර්ථයට අවංක වෙන්න. ඔබ අවට සිද්ධ වෙන දේවල් පිළිබඳව දැනගෙන ඒ දේවල් පිළිගන්න.

Film Companion ඇසුරෙනි.-

Latest news

ඩෙංගු මරණ අනුපාතය ඉහළට රටේ රෝහල් ධාරිතාව පහළට

ඩෙංගු මරණ අනුපාතය ඉහළට රටේ රෝහල් ධාරිතාව පහළට ඩෙංගු රෝගය මැඩලීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන ජාතික ඩෙංගු මර්දන සතිය  ඊයේ (15)...

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම 7.3%කින් පහළ වැටිලා

මෙරට රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රයේ අපනයන ආදායම 2026 වසරේ මුල් මාස හතර තුළ පහත වැටී ඇති බව ශ්‍රී ලංකා...

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...
- Advertisement -spot_img

ලොකු අයියලා පොඩිවෙන හැටි

ලොකු අයියලා පොඩිවෙන හැටි සාමාන්‍ය ව්‍යවහාරයේ පවුලක සෙසු සාමාජිකයින් "ලොකු අයියා" යැයි කියනුයේ තම පවුලේ වැඩිමහල් සහෝදරයාට ය. එකළ ඒ...

නීති තර්ක විශ්‍රාම යවා නීතිය නැවීම

නීති තර්ක විශ්‍රාම යවා නීතිය නැවීම ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම සම්බන්ධව කිරීමට නියමිත ව්‍යවස්ථාවේ සංශෝධනයක් ගැන...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you