NewsUS import taxes ශ්‍රී ලංකාව ඉහළම බදු අයකරන රටවල්...

US import taxes ශ්‍රී ලංකාව ඉහළම බදු අයකරන රටවල් අතරට

-

spot_img

US import taxes – ඕනෑම රටකින් ඇමෙරිකාවට ආනයන කරන භාණ්ඩ සඳහා සියයට දහයක අවම බද්දක් පැනවීමට එරට ජනාධිපති ඩොනල්ඩ්රම් තීරණය කර තිබෙනවා. නව බදු හේතුවෙන් බලපෑමට ලක්වන රටවල් ගණන සියයක්. එහි වැඩිම බදු ප්‍රතිශතය වන 49% පනවා ඇත්තේ කාම්බෝජයටයි. ශ්‍රී ලංකාවට ද 44% ක බද්දක් පනවා තිබෙනවා. මෙහිදී ශ්‍රී ලංකාවද අයත් වන්නේ ඉහළම බදු ප්‍රතිශතයක් අය කරන රටවල් අතරටයි. චීනයට 34% ක්, ඉන්දියාවට 26% ක්, ජපානයට 24% ක්, පාකිස්ථානයට 29% ක් ඇතුළුව ආසියානු රටවලට ඉහළ බදු ප්‍රතිශතයක් අය කර තිබීම විශේෂත්වයක්. සිංගප්පූරුවටද 10% බද්දක් පනවා තිබෙනවා. ආසියානු රටවල් ඉලක්ක කර 10% සිට 49% දක්වා ඉහළ බදු පනවා තිබීමද කැපී පෙනෙන තත්ත්වයක්. යුරෝපා සංගමයට ද 20% බදු පනවා ඇති අතර ස්විස්ටර්ලන්තයටද 37% ක බද්දක් පනවා තිබෙනවා. යුරෝපා සංගමයට පනවා ඇති බදු රටවල් විසි හතකට බලපානු ඇති.

ජනාධිපති ටොනල්ඩ් රම් විසින් ම මෙලෙස නව බදු පනවන රටවල් සියයක ලැයිස්තුවක් මේ වන විට එළි දක්වා තිබෙනවා. මෙම නව බදු අප්‍රේල් පස්වන දින සිට ක්‍රියාත්මකයි. කැනඩාව හා මෙක්සිකෝ සඳහා මීට පෙර පනවා තිබූ බදු හැර නව බද්දක් පනවා නැහැ. මෙයට පෙර එම රටවල් සඳහා 25%ක තීරු බදු පනවා තිබුණා. එමෙන්ම ඇමරිකාවට ආනයනය කරන මෝටර් රථ සඳහාද 25%ක නව තීරු බද්දක් හඳුන්වා දී තිබෙනවා. නව බදු ප්‍රකාශයට පත් කරමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, බදු පැන වූ දිනය ඇමරිකාවේ විමුක්ති දිනය ලෙස හඳුන්වන බවයි. එමගින් ඇමරිකාවට ස්වර්ණමය යුගයක් උදාවන බවයි ඔහු සඳහන් කළේ. කෙසේ වෙතත් ඇතැම් ලෝක නායකයින් මේ පිළිබදව කළකිරීමෙන් ප්‍රතිචාර දක්වා ඇති අතර උත්සන්න වන වෙළඳ යුද්ධයක් පිළිබඳවද අනාවැකි පළ කළ බවයි වාර්තා වන්නේ.

Latest news

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල්

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල් කොළඹ මහල් නිවාස විසි හතම අපායන් බවත් ඒවා මිනිසුන්ට ජීවත් විය හැකි පරිදි සකස්...

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්?

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්? රජයේ ආර්ථික කළමනාකරණය ගැන විශ්වාසය ගිලිහී යෑම නිසා රුපියල මත පවතින පීඩනය තවදුරටත් ඉහළ යා හැකි...
- Advertisement -spot_img

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

ඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ

ඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ - Ananya Panday අනන්‍යා පාණ්ඩේ යනු සමකාලීන බොලිවුඩයේ වඩාත්ම ජනප්‍රිය නිළියන්ගෙන් කෙනෙකි. ඉන්දීය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you