More
    ArtBatman සදහටම සමුගනී

    Batman සදහටම සමුගනී

    -

    spot_img

    Batman Forever, Star of Top Gun වැනි චිත්‍රපට ඔස්සේ අතිශය ජනප්‍රියත්වයට පත් අමෙරිකානු රංගන ශිල්පී Val Kilmer ඊයේ (අප්‍රේල් 01) මෙලොවින් සමුගෙන තිබෙනවා. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 65 ක්.

    නිවුමෝනියාව හේතුවෙන් තම පියා මිය ගිය බව ඔහුගේ දියණිය Mercedes Kilmer තහවුරු කළ අතර වැඩිදුර අදහස් දැක්වූ ඇය පැවසුවේ 2014 වසරේදී තම පියාට උගුරේ පිළිකා තත්වයක් ඇති වූ බවයි.

    1986 නිකුත් වූ Top Gun චිත්‍රපටයේ Iceman චරිතයත් සමගින් ප්‍රේක්ෂක අවධානය දිනාගන්නට ඔහු සමත් වූවා. 2022 එහිම දිගුවක් වූ Top Gun: Maverick චිත්‍රපටයේ ඔහු රඟපෑවේ සුපිරි නළු Tom Cruise සමගින්. Batman Forever චිත්‍රපටයේ Bruce Wayne ගේ චරිතය ඔහුට උරුම කරදුන්නේ අතිමහත් ජනප්‍රියත්වයක්. 1980 – 1990 අවධිය Val Kilmer ගේ රංගන දිවියේ හොඳම කාලය ලෙසින් සැලකෙනවා. තමාට ලැබුණ චරිතයක් වෙනුවෙන් බොහෝ සේ කැපවුන රංගන ශිල්පියෙක් ලෙසින් ඔහු ප්‍රසිද්ධයි. ඇතැම් අවස්ථාවලදී අධ්‍යක්ෂවරුන් සමගින් ඔහු ඇතිකරගත් මතභේද ඔහුගේ වෘත්තිය ජීවිතයට ඇතිකලේ අයහපත් බලපෑමක්.

    Val KilmerVal Kilmer

    1988 වසරේ දී The Willon චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වන අතරතුර දී ඔහුට තම බිරිඳ Joanne Whalley මුණගැසුණා. දරුවන් දෙදෙනෙකුගේ දෙමාපියන් වූ ඔවුන් 1996 වසරේදී දික්කසාද වී තිබුණා.

    – Independent ඇසුරෙනි –

    Latest news

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට...

    ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි

    ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...
    - Advertisement -spot_img

    පිරිමියෙක්ගේ නිවීම ඔහුගේ පවුලයි

    පිරිමියෙක්ගේ නිවීම ඔහුගේ පවුලයි - Thudarum පිරිමියෙක්ගෙ නිවීම ඔහුගෙ පවුල. ආදරණීය සැමියෙක් පියෙක් විදිහට ඔහු සතු වටිනාම වස්තුව වෙන්නෙ තමන්ගෙ...

    රත් දෝතළු – 17

    රත් දෝතළු - 17 නොයෙකුත් සිතුවිළි මා මනස පුරා හොල්මන් කරන්නට විය. නිර්මාණි ආගන්තුකයෙක් ලෙස පළමුවරට මට දැනෙන්නට විය. මා...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page