SportsSri Lanka vs New Zealand 20/20 තරඟ පළමු ජය...

Sri Lanka vs New Zealand 20/20 තරඟ පළමු ජය ලංකාවට

-

spot_img

Sri Lanka vs New Zealand සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ (09) රංගිරි දඹුලු ක්‍රීඩාංගනයේ පැවති පළමු 20/20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 4ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. එහෙත් නවසීලන්ත නායකයාගේ තීරණයට එතරම් සාධාරණයක් ඉටු කිරීමට පිතිකරුවන්ට නොහැකි විය. ඒ අනුව නවසීලන්ත පිලේ පළමු කඩුලු 8 ලකුණු 96කට දවා ගැනීමට ශ් රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

නවසීලන්තය වෙනුවෙන් 9 වැනි කඩුල්ලට ලකුණු 39ක සබඳතාවක් ගොඩනැගීමට Ash Sodhi සහ Zach Fox සමත් වූහ. මෙය නවසීලන්තය කඩුල්ලක් සඳහා රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවයි. ඒ අනුව නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 3කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 135ක් පමණයි.

මයිකල් බ්‍රේස්වෙල් ලකුණු 27ක් සහ සැක් ෆොක්ස් නොදැවී ලකුණු 27ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී ඩොනිට් වෙල්ලා ලකුණු 20කට කඩුලු 3ක් ද නුවන් තුෂාර, විනිඳු හසරංග සහ මතීෂ පතිරණ කඩුලු 2 බැගින් ද දවා ගත්හ.

ලකුණු 136ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 140ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා ඉනිමේ දී නායක චරිත් අසලංක නොදැවී ලකුණු 35ක් රැස් කළේය. මේ අනුව 2020 තරග දෙකකින් සමන්විත තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

Latest news

විදුලි ගාස්තු කීයකින් වැඩි වෙයිද?

විදුලි ගාස්තු කීයකින් වැඩි වෙයිද? සංශෝධිත විදුලි ගාස්තු පිළිබඳ තීරණය මැයි මස 9 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බැව් ශ්‍රී...

අල්ලස් දඩයක්කරුවන් දඩයම් කිරීමේ ඛේදවාචකය

කොන්දේසි විරහිතව දූෂණය පිටුදකින බවට කටමැද දොඩා බලයට පැමිණි AKD ගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගය (NPP), දැන් අඛණ්ඩ...

හෑෂ් සහ කුෂ් ගෙනා භික්ෂූන්ට අත්වන ඉරණම

හෑෂ් සහ කුෂ් ගෙනා භික්ෂූන්ට අත්වන ඉරණමගුවන්තොටුපොළේ දී භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහානායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා මත...

මේක පොකැට්කාරයන්ගේ ආණ්ඩුවක්

මේක පොකැට්කාරයන්ගේ ආණ්ඩුවක් - Namal Rajapakshe දැන් තියෙන්නේ පොකැට්කාරයන්ගේ ආණ්ඩුවක් බවත් ඒ ආණ්ඩුවම මහ දවල් මුදල් අමාත්‍යාංශයද කොල්ල කා ඇති...
- Advertisement -spot_img

රත් දෝතළු – 79

රත් දෝතළු - 79 මම ඈ වෙත නැඹුරු වූයේ හිස් තේ කෝප්පය ස්ටූලය මත තබමිනි. "දෙන්නාහෙ ලව් එක නැඟලා යනවද...?" ඈ බොහෝ...

පුංචි කාලෙ අපිට ෆිල්ම් හෝල් එකකට යන්න සල්ලි තිබුණෙ නෑ

පුංචි කාලෙ අපිට ෆිල්ම් හෝල් එකකට යන්න සල්ලි තිබුණෙ නෑ - Kate Winslet බ්‍රිතාන්‍යය ජාතික නිළියක වන ඇය රංගන හැකියාවෙන්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you