More
    spot_img
    SportsSri Lanka vs New Zealand 20/20 තරඟ පළමු ජය...

    Sri Lanka vs New Zealand 20/20 තරඟ පළමු ජය ලංකාවට

    -

    spot_img

    Sri Lanka vs New Zealand සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ (09) රංගිරි දඹුලු ක්‍රීඩාංගනයේ පැවති පළමු 20/20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 4ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. එහෙත් නවසීලන්ත නායකයාගේ තීරණයට එතරම් සාධාරණයක් ඉටු කිරීමට පිතිකරුවන්ට නොහැකි විය. ඒ අනුව නවසීලන්ත පිලේ පළමු කඩුලු 8 ලකුණු 96කට දවා ගැනීමට ශ් රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

    නවසීලන්තය වෙනුවෙන් 9 වැනි කඩුල්ලට ලකුණු 39ක සබඳතාවක් ගොඩනැගීමට Ash Sodhi සහ Zach Fox සමත් වූහ. මෙය නවසීලන්තය කඩුල්ලක් සඳහා රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවයි. ඒ අනුව නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 3කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 135ක් පමණයි.

    මයිකල් බ්‍රේස්වෙල් ලකුණු 27ක් සහ සැක් ෆොක්ස් නොදැවී ලකුණු 27ක් ලබාගත්තා.

    පන්දු යැවීමේදී ඩොනිට් වෙල්ලා ලකුණු 20කට කඩුලු 3ක් ද නුවන් තුෂාර, විනිඳු හසරංග සහ මතීෂ පතිරණ කඩුලු 2 බැගින් ද දවා ගත්හ.

    ලකුණු 136ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 140ක් ලබා ගත්තා.

    ශ්‍රී ලංකා ඉනිමේ දී නායක චරිත් අසලංක නොදැවී ලකුණු 35ක් රැස් කළේය. මේ අනුව 2020 තරග දෙකකින් සමන්විත තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

    Latest news

    Accident කොළඹ වැල්ලවාය මාර්ගයේ බස් අනතුරක්- තිදෙනකු ජීවිතක්ෂයට

    Accident -  කොළඹ – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ වැලිආර ප්‍රදේශයේදී මඩකලපුවේ සිට ගාල්ල දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් මාර්ගයේ...

    Patronage of the President සංචාරය උදාව 2025 ප්‍රදර්ශනය ඇරඹේ

    Patronage of the President - ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සක්‍රීයව සම්බන්ධ වන මෙරට දැවැන්තම සංචාරක ප්‍රදර්ශනය වන “සංචාරක...

    Malani fonseka ප්‍රවී​න රංගන ශිල්පිණි මාලනී ෆොන්සේකා ජීවන රඟ මඩලින් සමුගනී

    Malani fonseka - හෙළ සිනමාවේ නිලි රැජිණ ලෙස විරුදාවලි ලත් ප්‍රවීණ රංගන ශිල්පිනී, මාලනී ෆොන්සේකා මීට සුළු මොහොතකට පෙර...

    Anura karunathilaka ජල ගාස්තු ඉහළ දමන්නේ නැහැ

    Anura karunathilaka - ජල ගාස්තු කිසි ලෙසකින් ඉහළ දැමීමේ අපේක්ෂාවක් නොමැති බව අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක පවසනවා. ඒ අනුව පානීය ජල...
    - Advertisement -spot_img

    Grant of appointments හෙද සේවයේ 3147කට අද පත්වීම් ප්‍රදානය කෙරේ

    Grant of appointments - හෙද සේවය සඳහා බඳවාගත් 3,147 දෙනෙකුට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද (24) දිනයේ පැවැත්වෙන...

    Youth Clubs දිවයින පුරා අද සිට ආරම්භ වෙයි

    Youth Clubs - ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් යෞවන සමාජ පිහිටුවීමේ වැඩසටහන ජාතික තරුණ දිනය වන අද (23) ආරම්භ කිරීමට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page