More
    NewsMahinda Amaraweera වී ගන්න සල්ලි දෙන්නෙ නැත්තං මණ්ඩලේ එපා

    Mahinda Amaraweera වී ගන්න සල්ලි දෙන්නෙ නැත්තං මණ්ඩලේ එපා

    -

    spot_img

    Mahinda Amaraweera – වී මිල දී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලයට මුදල් ලබා දීම මුදල් අමාත්‍යංශය දිගින් දිගටම ප්‍රතික්ෂේප කරමින් සිටින බවත්, මෙවර යල කන්නයේදී වී මිල දී ගැනීම සඳහා මුදල් ලබා නොදෙන්නේ නම්, වී අලෙවි මණ්ඩලය වහාම තම විෂය පථයෙන් ඉවත් කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර ජනාධිපති ලේකම් සමන් ඒකනායක ට ලිපියක් යොමු කරමින් ඉල්ලා තිබේ.

    mahinda-amaraweera

    පසුගිය කන්න කිහිපය පුරාම වී මිල දී ගැනීම සඳහා මුදල් ලබා දෙන ලෙස ඉල්ලීම් කළත්, මුදල් අමාත්‍යංශයේ වගකිව යුතු නිලධාරීන් හිතාමතාම වී අලෙවි මණ්ඩලය අක්‍රීය කිරීම සඳහා කටයුතු කරමින්, මුදල් දීම ප්‍රතික්ෂේප කරන බවට ඇමතිවරයා සිය ලිපියෙන් චෝදනා කොට ඇති අතර මෙවර යල කන්නයේ ඉහළ වී අස්වැන්නක් ලබා ගත්ත ද, වී සඳහා සාධාරණ මිලක් නොලැබීම නිසා ගොවි ජනතාව මහත් අසීරුවට පත්ව සිටින බවත්, කීරි සම්බා අස්වැන්න ඉතාමත් ඉහළ මට්ටමක පැවැතියද ඒ සඳහා සාධාරණ මිලක් ගොවි ජනතාවට නොලැබෙන බවටත් චෝදනා කරන අමාත්‍යවරයා, වී සඳහා ගොවියාට සාධාරණ මිලක් ලැබීමට නම් රජයක් ලෙස වී අලෙවි මණ්ඩලයෙන් ඒවා මිලදී ගැනීම සිදුකළ යුතු බව එම ලිපියෙන් පෙන්වා දී තිබේ.

    මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් තවදුරටත් මුදල් ලබා නොදීමේ ප්‍රතිපත්තියම ක්‍රියාත්මක කරන්නේනම්, වී අලෙවි මණ්ඩලය, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශ විෂය පථයෙන් ඉවත් කර, මුදල් අමාත්‍යංශයට පවරා ගන්නා ලෙස කෘෂිකර්ම ඇමතිවරයා ජනාධිපති ලේකවරයාට යොමු කළ ලිපියෙන් වැඩිදුරටත් අවධාරණය කොට තිබේ.

    Latest news

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට...

    ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි

    ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 17

    රත් දෝතළු - 17 නොයෙකුත් සිතුවිළි මා මනස පුරා හොල්මන් කරන්නට විය. නිර්මාණි ආගන්තුකයෙක් ලෙස පළමුවරට මට දැනෙන්නට විය. මා...

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ්

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ් කොළ පාට එළවළු, පළතුරු කියන්නෙ සිරුරට අත්‍යවශ්‍යම දෙයක්. එය ඔබේ නිරෝගීකමට ගොඩක් බලපානවා. ග්‍රීන් සැලඩ්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page