More
    Newsනිවාස ඇමති UDA අධ්‍යක්ෂ ජනරාල්ගේ සේවය අත්හිටුවයි

    නිවාස ඇමති UDA අධ්‍යක්ෂ ජනරාල්ගේ සේවය අත්හිටුවයි

    -

    spot_img

    UDA – නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යවරයාගේ තීරණයක් මත නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතාගේ සේවය අත්හිටුවා තිබේ. අමාත්‍යවරයාට ඇති බලතල අනුව මෙම තීරණය ගෙන ඇති බව ඒ පිලිබඳ තීරණය ලිඛිතව ඒ මහතාට දැනුම් දී ඇති බව සඳහන්. ඒ, උරුමය ඉඩම් ඔප්පු වැඩසටහන කඩිනම් කිරීමට ලබාදුන් උපදෙස් ක්‍රියාත්මක නොකිරීමේ චෝදනාව මත ය.

    මාධ්‍ය වෙත වාර්තා වන ආකාරයට එයට සබැ හේතුව වන්නේ පසුගිය දිනක නාගරික සංවර්ධන අධිකාරියෙහි පැවැත්වූ සාකච්ඡාවක් අතරතුර නීතිමය රාමුවෙන් පරිබාහිරව රුපියල් බිලියන 80 ක මුදලක් වැය කරන ලෙසට නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රසාද් රණවීරට අමාත්‍ය වරයා නියෝග කිරීමත්, එයට අධ්‍යක්ෂ ජනරාල්වරයා අකමැත්ත පලකිරිමත්ය.

    වනාතමුල්ලේ සිරිසරපුර සහ දෙමටගොඩ මිහිඳු සෙන්පුර නිවාස සංකීර්ණ වල නිල වශයෙන් ලක්ෂ තුනක මුදලක් පියවා තිබූ හිමිකරුවන් හට ඔප්පු ප්‍රදානය කිරීම සඳහා කටයුතු කළ නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණසිංහ එම ඔප්පු සඳහා වූ මුද්දර ගාස්තු රාජ්‍ය භාණ්ඩාගාරයෙන් ඉල්ලුම් කර තිබිණ. එම මුදල නාගරික සංවර්ධන අධිකාරියේ ස්ථිර තැන්පතු කල් පිරීමට මත්තෙන් ආපසු ගෙන වැය කරන ලෙස එම සාකච්චාවේදී අමාත්‍ය වරයා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා තිබේ. නමුත් එම වැය කිරීම ඇමතිවරයාගේ වාචික හෝ ලිඛිත ඉල්ලීම මත සිදු කළ නොහැකි බවත් ඒ සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය අවශ්‍ය බවත්, එහි නීතිමය තත්වයන් පිළිබඳවත් අධ්‍යක්ෂ ජනරාල් වරයා ඒ අවස්ථාවේ අමාත්‍යවරයාට පැහැදීලි කර දී ඇත.

    එයින් සෑහීමට පත් නොවූ අමාත්‍යවරයා සුපුරුදු වාග් මාලාවෙන් අධ්‍යක්ෂ ජනරාල්වරයාට බැනවැදී ඇති බවත්, ඒ අවස්තාවෙදීම අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සේවය අත්හිහිටුවන බවටත් ප්‍රකාශ කර ඇත. එහි ප්‍රතිපලයක් ලෙස අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සේවය අත්හිටුවා ඇති බවයි අභ්‍යන්තර ආරංචිමාර්ග ඔස්සේ අපට වාර්තා වන්නේ.

    Chaminda Dissanayaka
    Chaminda Dissanayakahttps://thulanamag.lk
    Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

    Latest news

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 61 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නිට්ටඹුව ප්‍රදේශයේදී අත්අඩංගුවට...

    ලෝක ආර්ථික සංසදයට සහභාගී වීමට අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව යයි

    ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 17

    රත් දෝතළු - 17 නොයෙකුත් සිතුවිළි මා මනස පුරා හොල්මන් කරන්නට විය. නිර්මාණි ආගන්තුකයෙක් ලෙස පළමුවරට මට දැනෙන්නට විය. මා...

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ්

    සිරුරේ නිරෝගීකම රකින ග්‍රීන් සැලඩ් කොළ පාට එළවළු, පළතුරු කියන්නෙ සිරුරට අත්‍යවශ්‍යම දෙයක්. එය ඔබේ නිරෝගීකමට ගොඩක් බලපානවා. ග්‍රීන් සැලඩ්...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page