More
    spot_img
    NewsPiyumi Hansamali ගේ ගිණුම් 19 ක බැංකු වාර්තා කැඳවීමට...

    Piyumi Hansamali ගේ ගිණුම් 19 ක බැංකු වාර්තා කැඳවීමට අධිකරණ නියෝග

    -

    spot_img

    Piyumi Hansamali – උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි අන්දමේ සංවිධානාත්මක අපරාධ මගින් හා සැක සහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපළ උපයා ගත්තේ යැයි කියන පියුමි හංසමාලීගේ මෙරට ප්‍රධාන පෙළේ බැංකු 08 පවත්වාගෙන යන ගිණුම් 19ක වාර්තා කැඳවීමට මාලිකාකන්ද මහේස්ත්‍රාත් මංජුල තිලකරත්න මහතා රහස් පොලිසියට අවසර ලබා දී තිබේ. රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ මගින් උපයා ගන්නා වත්කම් විමර්ශන ඒකකය කළ ඉල්ලීමක් අනුවයි මෙසේ බැංකු වාර්තා කැඳවීමට නියෝගකර ඇත්තේ.

    කොළඹ හිල්ටන් රෙසිඩන්ට් හි පදිංචි පියුමී හංසමාලි රුපියල් ලක්ෂ අටසීයක රේන්ජ් රෝවර් වර්ගයේ රථයක් මිලදී ගැනීම, කොළඹ හත නිවාස සංකීර්ණයකින් රුපියල් මිලියන 148ක නිවසක් මිලදී ගැනීම, කෙටි කාලයක් තුළදී ප්‍රධාන බැංකු අටක පවත්වාගෙන යන බැංකු ගිණුම් 19ක කෝටි ගණනක මුදල් තැන්පත් කිරීම ඇතුළු සැක සහිත ලෙස දේපළ උපයා ගැනීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කෙරේ. 2011 අංක 40 දරණ පනතින් සංශෝධිත 2006 අංක 6 දරණ මුදල් විසුද්ධි කරන පනත යටතේ මෙම විමර්ශනය සිදු කරන අතර රහස් පොලිසය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාවරයා බැංකු ගිණුම් වාර්තා කැඳවීමට පොලිසියට අවසර ලබා දෙමින් විමර්ශන ප්‍රගතිය කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා පැමිණිල්ල බහා තැබීය. ‘මගෙන් රටට‘ නම් සංවිධානයේ සභාපති සංජය මහවත්ත කළ පැමිණිල්ලක් අනුව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරුණා සහ උප පොලිස් පරීක්ෂක තරංග ලක්මාල් අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

    Latest news

    Bali island බෝට්ටුවක් පෙරලී සිව් දෙනෙකු මියයයි

    Bali island - ඉන්දුනීසියාවේ සුප්‍රකට සංචාරක කලාපයක් වන බාලි වෙත යමින් සිටි සංචාරකයන් රැගත් බෝට්ටුවක් ඊයේ රාත්‍රියේ (ජූලි 2)...

    CID අධ්‍යක්ෂ ධුරය ශානි අබේසේකරට

    CID - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයේ රාජකාරී අරම්භ කර තිබෙනවා. වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය...

    Paetongtarn Shinawatra තායි අගමැතිවරියගේ සේවය අත්හිටුවයි

    Paetongtarn Shinawatra - දුරකථන ඇමතුමක් මාධ්‍යයට නිකුත්වීම නිසා ඇති වූ තත්ත්වයක් හේතුවෙන් තායි අගමැතිවරිය වූ Paetongtarn Shinawatra ගේ වැඩ තහනම්...

    Kahawatte වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

    Kahawatte - කහවත්ත, යාඉන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී තවත් තරුණයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා...
    - Advertisement -spot_img

    Rizana A Caged Bird සෞදියේදී හිස ගසා දැමු රිසානාගේ කතාව සිනමාවට නැඟෙයි

    Rizana A Caged Bird - ජාත්‍යන්තර කීර්තියට පත් ශ්‍රී ලාංකීය චිත්‍රපට අධ්‍යක්ෂක චන්ද්‍රන් රත්නම් ගේ නවතම චිත්‍රපටය Rizana -...

    Tharu Mal Viyan තරු මල් වියන් – 08

    Tharu Mal Viyan තරු මල් වියන් පසු දින නිවාඩු දිනක් වූ බැවින් මාලකද නිවසේ විය. අංජලීට ඔහු හා කතා බහ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page