More
    spot_img
    NewsHealth Professions Societies බෙල්ලන බෙල්ලටම හිර වෙයිද?

    Health Professions Societies බෙල්ලන බෙල්ලටම හිර වෙයිද?

    -

    spot_img

    Health Professions Societies – සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල සඳහන් කරන පරිදි, සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අද දින (පෙබරවාරි 19) කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේ සූදානමක පවතී. තමන්ගේ වෘත්තිය හෑල්ලු වන ආකාරයේ ප්‍රකාශ සිදු කළේයැයි චෝදනා නඟමින්, කොළඹ ජාතික රෝහලේ සේවකයන් පිරිසක් පසුගියදා (පෙබරවාරි 16) වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කාර්යාල අඩස්සියේ තබා ගනිමින් විරෝධතාවක නිරත වූ බවට ප්‍රවෘත්ති වාර්තා පළ විය. එහෙත් පසුවදාම (පෙබරවාරි 17) මාධ්‍ය හමුවක් කැඳවමින් වෛද්‍යවරයා ප්‍රකාශ කළේ තමන් කාර්යාල අඩස්සියේ නොසිටි බවයි.

    Health Professions Societies

    මේ පිළිබඳ ඊයේ (පෙබරවාරි 18) මොණරාගල පැවති මාධ්‍ය හමුවකදී, සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවි කුමුදේශ් ප්‍රකාශ කළේ, කොළඹ ජාතික රෝහලේ මත්ද්‍රව්‍ය ජාවාරම් ,ස්ත්‍රි දූෂණ චෝදනාවන් ලැබුවන් මෙන්ම විනය විරෝධි කණ්ඩායම් සමග එම ජාවාරම් කරනු ලබන්නේ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා මිස සෞඛ්‍ය සේවකයින් නොවන බවය. වෛද්‍යවරයාගේ නොමනා හැසිරීම සම්බන්ධව අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා ලෙසද ඔහු සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා සිටියේය.

    Health Professions Societies

    මේ අතරම, ඩැට් දීමනාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සමග අද (පෙබරවාරි 19) දිනයේ තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වෙන බව සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය පවසයි. එහි කැඳවුම්කරු රවී කුමුදේශ් පැවසුවේ අද පෙරවරු කාලයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවත් යම් හෙයකින්, එම සාකච්ඡාව අසාර්ථක වුවහොත් අද පස්වරුවේ රැස්වී සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවය.

    Latest news

    Water cut notification ජල කප්පාදුවක් පිලිබඳ දැනුම්දීමක්

    Water cut notification - ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයට අනිද්දා (23) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන...

    On highways අධිවේගී මාර්ගවල ධාවනය වන වාහනවලට අද සිට ලැබෙන සහනය

    On highways - අධිවේගී මාර්ගවල ගෙවීම්, කාඩ්පත් මගින් අද සිට සිදුකිරීමට හැකි බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා...

    Tight security – අගමැතිනියට දැඩි ආරක්ෂාවක්

    Tight security - අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට ඊ-මේල් පණිවිඩයක් හරහා එල්ල වූ මරණීය තර්ජනය සම්බන්ධයෙන් පොලීසියේ දැඩි අවධානයක්...

    Mahinda Rajapaksha අපි යුද්ධ කරේ සාමය වෙනුවෙන් තමයි

    Mahinda Rajapaksha - තමා යුද්ධ කළේ සාමය වෙනුවෙන් බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පවසයි. එතුමා මේ බව කියා සිටියේ, අද...
    - Advertisement -spot_img

    Tight security – අගමැතිනියට දැඩි ආරක්ෂාවක්

    Tight security - අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට ඊ-මේල් පණිවිඩයක් හරහා එල්ල වූ මරණීය තර්ජනය සම්බන්ධයෙන් පොලීසියේ දැඩි අවධානයක්...

    Mahinda Rajapaksha අපි යුද්ධ කරේ සාමය වෙනුවෙන් තමයි

    Mahinda Rajapaksha - තමා යුද්ධ කළේ සාමය වෙනුවෙන් බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පවසයි. එතුමා මේ බව කියා සිටියේ, අද...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page