NewsChild Harassment දරුවන්ට පහරදී සමාජ මාධ්‍යයේ ප්‍රචාරය කළ පියා...

Child Harassment දරුවන්ට පහරදී සමාජ මාධ්‍යයේ ප්‍රචාරය කළ පියා අත්අඩංගුවට

-

spot_img

Child Harassment – තම දරුවන් දෙදෙනාට පහර දි එය වීඩියෝ ගත කර සමාජ මාධ්‍යට එක් කළේ යැයි කියන එම දරුවන්ගේ පියා අද (7 වෙනි බදාදා ) අත්අඩංගුවට ගත් බව දිඹුල පතන පොලිසිය සඳහන් කරයි. එම පොලිස් වසමේ වතු යායක පදිංචිව සිටින 33 හැවිරිදි සැකකාර පියා ඉකුත් (05) දින රාත්‍රියේදී අවුරුදු නවයක් සහ පහක් වයසැති සිය දරුවන් දෙදෙනාට පහර දි ඇති බවත්, පහරදෙන අයුරු වීඩියෝ සාක්ෂියක් ලෙසින් සමාජ මාධ්‍යයන්හි සංසරණය වී ඇති බවත් පොලිසිය පවසයි.

සැකකරුගේ බිරිද ගෘහසේවය සදහා විදේශ ගතව සිටින අතර පියා කොළඹ ප්‍රදේශයේ වාහන පිරිසිදු කිරිමේ මධ්‍යස්ථානයක සේවය කරන අයෙකු බවත්, දරුවන් දෙදෙනා සිට ඇත්තේ මිත්තණිය භාරයේ බවත් දැනගන්නට ලැබේ. සිය දරුවන් දෙදෙනා පියාගේ උපදෙස් පිළිනොපැදීම හේතුවෙන් ඔවුනට අතින් පහරවල් කිහිපයක් ගසා ඇති බව පොලිසියට සිය මුලික පරික්ෂණ වලදී අනාවරණය කරගෙන තිබේ. පොලිස් භාරයට ගත් දරුවන් දෙදෙනා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති අතර සැකකරු හැටන් මහේසේත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව දිඹුල පතන පොලිසිය පවසා ඇත.

Latest news

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද?

අනුරාධපුර පූජා නගරයේ ඉන්දීය ගනුදෙනුව බෞද්ධ උරුමයේ අවසානයද? ශ්‍රී ලාංකීය බෞද්ධ ශිෂ්ටාචාරයේ සහ ඓතිහාසික උරුමයේ මුදුන්මල්කඩ බඳු අනුරාධපුර පූජා නගරය...

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...
- Advertisement -spot_img

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you