More
    spot_img
    SportsZimbabwe Vs Sri Lanka T20i ශ්‍රී ලංකාව මුල්වරට සිම්බාබ්වේට...

    Zimbabwe Vs Sri Lanka T20i ශ්‍රී ලංකාව මුල්වරට සිම්බාබ්වේට පරදී

    -

    spot_img

    Zimbabwe Vs Sri Lanka T20i තරඟාවලියේ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (16 වැනිදා) පැවැති දෙවැනි විස්සයි-20 තරගයේදී කඩුලු 4 ක විශිෂ්ට ජයක් ලබාගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුනා. මෙම ජයග්‍රහණයත් සමග විස්සයි-විස්ස තරගාවලිය 1-1 ක් ලෙසින් සමකළ සිම්බාබ්වේ ක්‍රීඩකයෝ මේ ලබාගත්තේ ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තා කළ මංගල විස්සයි-විස්ස ජයග්‍රහණයයි. 2008 සිට මේ දක්වා ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර ජාත්‍යන්තර විස්සයි-20 තරග 5 ක් පැවත්වී ඇති අතර ශ්‍රී ලංකාව පරාජය වූයේ මුල්ම වතාවටයි.

    කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ නායක සිකන්දර් රාසා පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.

    ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් චරිත් අසලංක පන්දු 39 ක දී ලකුණු 69 ක් සහ ඇන්ජලෝ මැතිව්ස් පන්දු 51 ක දී නොදැවී ලකුණු 66 ක් කණ්ඩායම වෙනුවෙන් එක් කළා. දෙදෙනා එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ සම්බන්ධතාවය ලකුණු 118 ක්. පන්දු 31 කින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කළ අසලංකගේ ඉනිමට හතරේ පහර 5 ක් සහ හයේ පහර 3 ක් ඇතුලත්. මැතිව්ස් සිය අර්ධ ශතකය සම්පූර්ණ කළේ පන්දු 45 කිනි. මැතිව්ස් ගේ නොදැවී ලබාගත් ලකුණු 66 ට හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් ඇතුලත්. ලකුණු ලබාගැනීමේදී පැතුම් නිස්සංක එක ලකුණකට දැවී ගිය අතර කුසල් මෙන්ඩිස් දැවී ගියේ ලකුණු 5 කටයි. කුසල් පෙරේරා මුහුණ දුන් පළමු පන්දුවේදීම රයන් බර්ල්ට උඩපන්දුවක් ලබාදී දැවී ගියා. සදීර සමරවික්‍රමට ලබාගත හැකිවුයේ ලකුණු 16 ක් පමණි. දසුන් ශානක ලකුණු 9 යි, අවසන් පන්දුවේ පිටියට පැමිණි නායක වනිඳු හසරංගට ලකුණු ලබාගැනීමට හැකියාවක් ලැබුනේ නැහැ.

    පන්දු යැවීමේදී සිම්බාබ්වේ කණ්ඩායමේ ලුක් ජෝන්ග්වේ ලකුණු 32 කට කඩුලු 2 යි. බ්ලෙසින්ග් මුස්රබානි ලකුණු 36 කට කඩුලු 2 යි.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් ලකුණු 174 ක ඉලක්කයක් කරා ගිය සිම්බාබ්වේ කණ්ඩායම 17 වැනි ඕවරය නිමාවේදී ලබා සිටියේ ලකුණු 132 කි. කඩුලු 5 ක් අතැතිව සිටි සිම්බාබ්වේ කණ්ඩායමට තරගය ජයගැනීමට නම් පන්දු 18 කින් ලකුණු 42 ක් අවශ්‍ය වී තිබිණ. එතැන් සිට දුෂ්මන්ත චමීරගෙන් ලකුණු 12 ක්, ඩිල්ෂාන් මධුශංකගෙන් ලකුණු 10 ක් සහ ඇන්ජලෝ මැතිව්ස්ගෙන් ලකුණු 24 ක් ලෙසින් ලබාගත් ලූක් ජොන්ග්වේ සහ කල්යිව් මඩාන්ඬේ සිම්බාබ්වේ කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියා.

    පන්දුවට පහරදෙමින් සිම්බාබ්වේ එක්දින කණ්ඩායමේ නායක ක්‍රෙග් අර්වින් පන්දු 54 කට මුහුණ දෙමින් ලකුණු 70 ක් තම කණ්ඩායමට එක්කලා. එම ලකුණු 70 ට හතරේ පහර 6 ක් සහ හයේ පහර දෙකක් ඇතුලත්. සිම්බාබ්වේ පිල වෙනුවෙන් ලුක් ජෝන්ග්වේ නොදැවී ලකුණු 25යි. බ්‍රයන් බෙනෙට් පන්දු 20 කට ලකුණු 25 යි.

    ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී මහිෂ් තීක්ෂණ ලකුණු 25 කට කඩුලු 2 යි. දුෂ්මන්ත චමීර ලකුණු 30 කට කඩුලු 2 යි. නායක වනිඳු හසරංග ලකුණු 41 කට කඩුලු එකයි.

    Zimbabwe Vs Sri Lanka T20i-Zimbabwe Won
    Photo Credit SLC
    Zimbabwe Vs Sri Lanka T20i-Zimbabwe Won 03
    Photo Credit SLC
    Chaminda Dissanayaka
    Chaminda Dissanayakahttps://thulanamag.lk
    Chaminda Dissanayaka is an experienced Journalist who has worked with foreign media in Sri Lanka, covering diverse topics with accuracy, depth, and a strong commitment to storytelling.

    Latest news

    CID අධ්‍යක්ෂ ධුරය ශානි අබේසේකරට

    CID - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයේ රාජකාරී අරම්භ කර තිබෙනවා. වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය...

    Paetongtarn Shinawatra තායි අගමැතිවරියගේ සේවය අත්හිටුවයි

    Paetongtarn Shinawatra - දුරකථන ඇමතුමක් මාධ්‍යයට නිකුත්වීම නිසා ඇති වූ තත්ත්වයක් හේතුවෙන් තායි අගමැතිවරිය වූ Paetongtarn Shinawatra ගේ වැඩ තහනම්...

    Kahawatte වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

    Kahawatte - කහවත්ත, යාඉන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී තවත් තරුණයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා...

    Bus drivers බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද සිට

    Bus drivers - බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද (01) සිට අනිවාර්යය බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව...
    - Advertisement -spot_img

    Hair Care Routine අකලට වයස නොයන නිරෝගී කෙස් කළඹක්

    Hair Care Routine - නිරෝගී කෙස් කළඹක් ලබා ගැනීමට කවුරුත් කැමතියි. නමුත් අකලට හිසකෙස් පැසීම, හිසකෙස් ගැලවී යාම වැනි...

    Tharu Mal Viyan තරු මල් වියන් – 07

    Tharu Mal Viyan තරු මල් වියන් රැකියාවට පැමිණි පළමු දිනයේ තිදෙනාගේම සිත් තුළ වූයේ චකිතයක් මුසු හැඟීමක් වුවද එය ඉතා...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page