NewsLasantha Wickrematunge ඝාතනයට වසර 15 ක් සපිරේ!

Lasantha Wickrematunge ඝාතනයට වසර 15 ක් සපිරේ!

-

spot_img

Lasantha Wickrematunge – 1958 අප්‍රේල් 5 වනදා කොළඹ – කොටහේනේදී උපත ලද, ලසන්ත මනිලාල් වික්‍රමතුංග, ප්‍රවීන ජනමාධ්‍යවේදියෙකු, නීතීඥයෙකු, මාධ්‍ය ආයතන හිමිකරුවෙකු මෙන්ම මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකි. 2009 ජනවාරි 8 වෙනි දින ඉතා කුරිරු ලෙස මහමඟ ඝාතනය කර දමන විට ඔහු පනස් වෙනි වියෙහි පසුවිය. ඔහුගේ 15 වෙනි ගුණානුස්මරණය අද [8 වෙනි සඳුදා] බොරැල්ල කනත්තේදී සිදු කෙරිණි.

Lasantha Wickrematunge

කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ලසන්ත වික්‍රමතුංග සිය උසස් අධ්‍යාපන කටයුතු සිදුකර ඇත්තේ මහා බ්‍රිතාන්‍යයේය. ප්‍රකට දේශපාලනඥයකු වූ හැරිස් වික්‍රමතුංග ඔහුගේ පියා වන අතර හය දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා ඔහු විය. 1994 දී ලසන්ත වික්‍රමතුංග The Sunday Leader ඉරිදා ඉංග්‍රීසි පුවත්පත ආරම්භ කළේ ඔහුගේ සොහොයුරා වන ලාල් වික්‍රමතුංග සමඟය. 2004 වසරේදී “ඉරුදින” සිංහල ඉරිදා පුවත්පතත්, 2005 වසරේ “Morning Leader” සති මැද ඉංග්‍රීසි පුවත්පතත් ආරම්භ කළ ඔහු ලීඩර් ප්‍රකාශන ආයතනයේ කතෘ මණ්ඩල අධ්‍යක්ෂක ධුරය හෙබවිය.

රාජපක්ෂ පාලනය දැඩිව විවේචනය කරන්නෙකු ලෙස ප්‍රකටව සිටි ලසන්ත වික්‍රමතුංග, හිටපු ජනාධිපතිවරයෙකු වූ ගෝඨාභය රාජපක්ෂ සමඟ [එවකට ආරක්ෂක ලේකම්] නීතිමය සටනකද පැටලී සිටියේය.1989 පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කොළඹ ආසනයට තරඟ කර ඇති ඔහු, සිරිමාවෝ බණ්ඩාරනායකගේ පෞද්ගලික ලේකම්වරයෙකු ලෙස මෙන්ම වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදේශකයෙකු ලෙසද කටයුතු කොට තිබේ.

Lasantha WickrematungeLasantha Wickrematunge

1998 වසරේ සිය නිවසට ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේ සිට මියයන තෙක්ම ජිවිත තර්ජන හා ප්‍රහාර හමුවේ නොබියව සිය මාධ්‍ය මෙහෙවර ඉටුකළ ලසන්ත වික්‍රමතුංග, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ඉන්ටග්‍රිටි සම්මානය (2000), UNESCO/Guillermo Cano World Press Freedom Prize (2009), ජේම්ස් කැමරන් අනුස්මරණ සම්මානය (2010) වැනි ජාත්‍යන්තර සම්මාන රාශියකින් පුදලද විශිෂ්ට ජනමාධ්‍යවේදියෙකි.

News source: WIKIPEDIA

Image Source: Maatram / News Frist

Latest news

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස දෙමළ දේශපාලන පක්ෂ හයක නායකයෝ රජයෙන් ඉල්ලීමක්...

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක්

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක් වර්තමානයේ දී රට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇත්තේ වැරැදි නිවැරැදි කරමින් විනිවිද භාවයකින් යුතුව කටයුතු...

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක්

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක් ඩෙංගු වසංගතයෙන් පාසල් දරුවන් මුදා ගැනීමේ පියවරක් ලෙස පාසල් නිල ඇඳුමට අමතරව දෑත් , දෙපා...

ඩෙංගු රෝගීන් ඇඳන් යට සහ කොරිඩෝවල

ඩෙංගු රෝගීන් ඇඳන් යට සහ කොරිඩෝවල ඩෙංගු වසංගතය හේතුවෙන් මේ වනවිට රෝහල් රැසක ධාරිතාව ඉක්මවා යෑම නිසා සෞඛ්‍ය සේවාව  පවා...
- Advertisement -spot_img

ලස්සන දත් දෙපෙළකට බ්‍රේසස් ප්‍රතිකාරය

ලස්සන දත් දෙපළකට බ්‍රේසස් ප්‍රතිකාරය මුහුණෙන් පළවන හැඟීම් මානව සන්නිවේදනයේ මූලික අංගයකි. ඒ අතර සිනහව විශේෂිතය. පිළිවෙළින් පවතින නිරෝගී දත්...

සැකය ජයගත හැක්කේ විශ්වාසයෙනි

සැකය ජයගත හැක්කේ විශ්වාසයෙනි - Passenger මෙම වසරේ මැයි මස තිරගත වූ Passenger චිත්‍රපටය Horror වර්ගයේ කතාවක් රැගත් චිත්‍රපටයක්. මේ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you