More
    spot_img
    ArtPradeep kumara Balasuriya සඳරේණු පෙති මත දිලූණු ප්‍රේම ප්‍රදීපය

    Pradeep kumara Balasuriya සඳරේණු පෙති මත දිලූණු ප්‍රේම ප්‍රදීපය

    -

    spot_img

    Pradeep Kumara Balasuriya – ජනප්‍රිය යොවුන් පුවත්පත් කතුවරයෙකු හා ප්‍රවීන සාහිත්‍යධරයකු වූ ප්‍රදීප් කුමාර බාලසුරිය සිය දිවි සැරිය නිම කොට තිබේ. කලක් රෝගාතුරව සිට, හදිසි හෘදයාබාධයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියයන විට ඔහු 63 වන වියෙහි පසුවිය.

    “දවස” පුවත්පතෙන් සිය මාධ්‍ය ජීවිතය අරඹන ඔහු, කලක් “දිවයින” පුවත්පතේද සේවය කර ඇති අතර “අරලිය”,”කුමරි” වැනි යොවුන් පුවත්පත් හරහා යොවුන් පුවත්පත් කලාවට අවතීර්ණ වී තිබේ. යොවුන් පාඨක ප්‍රජාව අතර අතිශය ජනාදරයට පත් වූ “සඳරේණු” පුවත්පතේ ආරම්භක කතුවරයා වූ ඔහු, පසුව “සඳතරු” නමින් යොවුන් පුවත්පතක්ද සංස්කරණය කළේය.

    Pradeep Kumara Balasuriya

    නවකතා,පරිවර්තන, ධනාත්මක චින්තනය ඇතුළු විෂය පථයන් කිහිපයක් ආවරණය වන පරිදි, කෘතීන් විශාල ප්‍රමාණයක් ලියා පළ කර ඇති ප්‍රදීප් කුමාර බාලසුරියගේ ධනාත්මක චින්තනය පිළිබඳව ලියැවුණු කෘතීන් පාඨකයන් ආදරයෙන් වැළඳ ගත්හ. කලක් වෙළෙඳ ප්‍රචාරණ ක්ෂේත්‍රයටද සිය නිර්මාණ දායකත්වය ලබාදී ඇති ඔහු, කුලක,ප්‍රවේණි අටවා නොගත්, ඕනෑම පරම්පරාවක් සමඟ මිත්‍රශීලිව තම දැනුම හා සේවය බෙදාගත් අයෙකි.

    ඔහුගේ දේහය මේ වන විට අංක: 33/F, පැරකුම් පෙදෙස,පහළගම,ගම්පහ. යන ලිපිනයෙහි, ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු හෙට [ 7 වෙනි ඉරිදා] සවස 4 ට කසගහවත්ත පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.

    Photo Credits: Amila Sampath Perera / Pradeepkumara Balasuriya

    Latest news

    Bali island බෝට්ටුවක් පෙරලී සිව් දෙනෙකු මියයයි

    Bali island - ඉන්දුනීසියාවේ සුප්‍රකට සංචාරක කලාපයක් වන බාලි වෙත යමින් සිටි සංචාරකයන් රැගත් බෝට්ටුවක් ඊයේ රාත්‍රියේ (ජූලි 2)...

    CID අධ්‍යක්ෂ ධුරය ශානි අබේසේකරට

    CID - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයේ රාජකාරී අරම්භ කර තිබෙනවා. වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය...

    Paetongtarn Shinawatra තායි අගමැතිවරියගේ සේවය අත්හිටුවයි

    Paetongtarn Shinawatra - දුරකථන ඇමතුමක් මාධ්‍යයට නිකුත්වීම නිසා ඇති වූ තත්ත්වයක් හේතුවෙන් තායි අගමැතිවරිය වූ Paetongtarn Shinawatra ගේ වැඩ තහනම්...

    Kahawatte වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

    Kahawatte - කහවත්ත, යාඉන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී තවත් තරුණයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා...
    - Advertisement -spot_img

    Rizana A Caged Bird සෞදියේදී හිස ගසා දැමු රිසානාගේ කතාව සිනමාවට නැඟෙයි

    Rizana A Caged Bird - ජාත්‍යන්තර කීර්තියට පත් ශ්‍රී ලාංකීය චිත්‍රපට අධ්‍යක්ෂක චන්ද්‍රන් රත්නම් ගේ නවතම චිත්‍රපටය Rizana -...

    Tharu Mal Viyan තරු මල් වියන් – 08

    Tharu Mal Viyan තරු මල් වියන් පසු දින නිවාඩු දිනක් වූ බැවින් මාලකද නිවසේ විය. අංජලීට ඔහු හා කතා බහ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page