More
    spot_imgspot_imgspot_imgspot_img
    NewsJN.1 Covid variant ලොව පුරා පැතිරෙන නව කොරෝනා ප්‍රභේදය

    JN.1 Covid variant ලොව පුරා පැතිරෙන නව කොරෝනා ප්‍රභේදය

    -

    - Advertisment -spot_imgspot_imgspot_imgspot_img

    JN.1 Covid variant – කොරෝනා වයිරසයේ Omicron නම් ප්‍රභේදයේ උප ප්‍රභේදයක් ලෙස හඳුන්වනු ලබන JN.1 නම් වෛරසය ලොව පුරා වේගයෙන් පැතිර යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය [WHO] විසින් අනතුරු අඟවා තිබේ. ඔවුන්,මෙම වෛරසය “අවධානයට දිය යුතු යුතු ප්‍රභේදයක්” ලෙස වර්ගීකරණය කර ඇත්තේ “සීඝ්‍ර ව්‍යාප්තිය” නිසා වන අතර JN.1 වෛරසය ඉන්දියාව, චීනය, එංගලන්තය සහ ඇමරිකාව ඇතුළු ලොව පුරා බොහෝ රටවලට ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ.

    මෙම ශීත ඍතුවේ දී Covid මෙන්ම උණ, ශ්වසන සමමුහුර්ත වෛරසය (RSV) සහ ළමා නියුමෝනියාව වැනි අනෙකුත් ආසාදනද වැඩි විය හැකි බවට අනතුරු අඟවන ලෝක සෞඛ්‍ය සංවිධානය, මෙම කොරෝනා වෛරසය මඟින් මිනිසුන්ට ඇති අවදානම දැනට අඩු මට්ටමක පවතින අතර වත්මන් එන්නත් මඟින් රෝගයට අඛණ්ඩව ආරක්ෂාව සැපයිය හැකි බවද පවසයි.

    JN.1 Covid variant

    ආසාදන හා දරුණු රෝග වැළැක්වීම සඳහා පහත උපදෙස් පිළිපදින්නැයි WHO උපදෙස් දෙයි:

    1.ජනාකීර්ණ මෙන්ම එසේ නොවන ස්ථානවලත් මුව ආවරණ පළඳින්න.

    2.කැස්ස සහ කිවිසුම් අවස්ථාවල එය අන් අයගෙන් ආවරණය වී කරන්න.

    3.ඔබේ දෑත් නිතිපතා පිරිසිදු කරන්න.

    4.කොරෝනා සහ උණ එන්නත් සමඟ යාවත්කාලීනව සිටින්න.

    5.අසනීප තත්වයකදී විවේකිව නිවසේ රැඳෙන්න.

    6.කිසියම් විශේෂ රෝග ලක්ෂණයක් පෙන්නුම් කළ සැනෙන් වෛද්‍යවරයෙකු මුණගැසෙන්න.

    -BBC News ඇසුරෙනි- by Philippa Roxby.

    Image Source: Fox News / US Today

    Latest news

    Morella මාළුවෙකුගේ ප්‍රහාරයකින් ධීවරයෙකු මරුට!

    Morella - විෂ සහිත මොරෙල්ලා නම් මත්ස්‍යයා සිය තුඩඟින් සිදුකළ ප්‍රහාරයක් හේතුවෙන් ධීවරයෙකු මියගිය පුවතක් යාපනය ප්‍රදේශයෙන් වාර්තා වේ....

    Suicide Robot ලොව ප්‍රථම වතාවට රොබෝ කෙනෙක් සියදිවි නසාගනී

    Suicide Robot - දකුණු කොරියාවේ ගුමී නගර සභාවේ සිවිල් සේවකයකු ලෙස රැකියාව කළ රොබෝවරයකු සියදිවි හානි කරගෙන ඇතැයි දකුණු...

    Court Order – වසර 19 ක නඩුවකින් පසු වසර 7 කට හිරේ ගිය ඕඅයිසී දේශබන්ධු

    Court Order - හෝටල් හිමියකු ඇතුළු එහි සේවකයන් පස් දෙනකු පැහැරගෙන ගොස් වධ බන්ධනයන්ට ලක් කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු...

    NPP ජනපතිගේ කතාවකට මාලිමාව නඩු මඟට

    NPP - ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවෙන් පිටතදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පවරන්නට සිදුවෙන බව ජාතික ජන බලවේගයේ...
    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    Hima Mal Renu හිම මල් රේණු – 07

    Hima Mal Renu හිම මල් රේණු දිවයිනේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් කිහිපයක් එකතු කොට ගෙන සංවිධානය කරන ලද රාත්‍රී ප්‍රිය සම්භාෂණයකට...

    Hima Mal Renu හිම මල් රේණු – 06

    Hima Mal Renu හිම මල් රේණු නදීරා කතා කරන තුරු මම බලා සිටියෙමි. ඔවුන් දැන් මිතුරන් නොවීමට හේතුව කුමක්ද ?...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page