NewsJN.1 Covid variant ලොව පුරා පැතිරෙන නව කොරෝනා ප්‍රභේදය

JN.1 Covid variant ලොව පුරා පැතිරෙන නව කොරෝනා ප්‍රභේදය

-

spot_img

JN.1 Covid variant – කොරෝනා වයිරසයේ Omicron නම් ප්‍රභේදයේ උප ප්‍රභේදයක් ලෙස හඳුන්වනු ලබන JN.1 නම් වෛරසය ලොව පුරා වේගයෙන් පැතිර යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය [WHO] විසින් අනතුරු අඟවා තිබේ. ඔවුන්,මෙම වෛරසය “අවධානයට දිය යුතු යුතු ප්‍රභේදයක්” ලෙස වර්ගීකරණය කර ඇත්තේ “සීඝ්‍ර ව්‍යාප්තිය” නිසා වන අතර JN.1 වෛරසය ඉන්දියාව, චීනය, එංගලන්තය සහ ඇමරිකාව ඇතුළු ලොව පුරා බොහෝ රටවලට ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ.

මෙම ශීත ඍතුවේ දී Covid මෙන්ම උණ, ශ්වසන සමමුහුර්ත වෛරසය (RSV) සහ ළමා නියුමෝනියාව වැනි අනෙකුත් ආසාදනද වැඩි විය හැකි බවට අනතුරු අඟවන ලෝක සෞඛ්‍ය සංවිධානය, මෙම කොරෝනා වෛරසය මඟින් මිනිසුන්ට ඇති අවදානම දැනට අඩු මට්ටමක පවතින අතර වත්මන් එන්නත් මඟින් රෝගයට අඛණ්ඩව ආරක්ෂාව සැපයිය හැකි බවද පවසයි.

JN.1 Covid variant

ආසාදන හා දරුණු රෝග වැළැක්වීම සඳහා පහත උපදෙස් පිළිපදින්නැයි WHO උපදෙස් දෙයි:

1.ජනාකීර්ණ මෙන්ම එසේ නොවන ස්ථානවලත් මුව ආවරණ පළඳින්න.

2.කැස්ස සහ කිවිසුම් අවස්ථාවල එය අන් අයගෙන් ආවරණය වී කරන්න.

3.ඔබේ දෑත් නිතිපතා පිරිසිදු කරන්න.

4.කොරෝනා සහ උණ එන්නත් සමඟ යාවත්කාලීනව සිටින්න.

5.අසනීප තත්වයකදී විවේකිව නිවසේ රැඳෙන්න.

6.කිසියම් විශේෂ රෝග ලක්ෂණයක් පෙන්නුම් කළ සැනෙන් වෛද්‍යවරයෙකු මුණගැසෙන්න.

-BBC News ඇසුරෙනි- by Philippa Roxby.

Image Source: Fox News / US Today

Latest news

කුෂ් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායකදි අත්අඩංගුවට

“ කුෂ්“ මත්ද්‍රව්‍ය ”, සම පැහැපත් කිරිමට යොදා ගන්නා “ කොලැජන් සහ “ විටමින් සී “ පෙති තොගයක් නීතිවිරෝධී...

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...
- Advertisement -spot_img

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

ලෙමනේඩ්

ලෙමනේඩ් - Lemons "ජීවිතය ඔබට ලෙමන් ලබා දෙන්නේ නම්, ඔබ එයින් ලෙමනේඩ් හදන්න." "ජීවිතය හැමවිටම ඔබට ලෙමන් ලබා දෙන අතර ඉන්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you