NewsLGBT නේපාලයේ පළමු සමලිංගික විවාහය

LGBT නේපාලයේ පළමු සමලිංගික විවාහය

-

spot_img

LGBT – නේපාලය සිය පළමු සමලිංගික විවාහය ලියාපදිංචි කර ඇති අතර, එය සිදුව ඇත්තේ සමලිංගික යුවළ සහ ක්‍රියාකාරීන්ගේ දිග්ගැස්සුනු නීතිමය අරගලයකින් පසුවය. බටහිර Lumjung දිස්ත්‍රික්කයේ බලධාරීන් ඊයේ [29 බදාදා] 36 හැවිරිදි Maya Gurung සහ 26 හැවිරිදි Surendra Pandey ගේ විවාහය විධිමත් ලෙස ලියාපදිංචි කළ අතර මෙම ලියාපදිංචි කිරීම සිදුව ඇත්තේ සමලිංගික යුවළ වලට තම විවාහ ලියාපදිංචි කිරීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර මාස පහකට පසුවයි. මෙතෙක් ආසියාවේ සමලිංගික විවාහ නීතිගත කර ඇති එකම රට තායිවානය වන අතර නේපාලය,පළමු සමලිංගික විවාහය ලියාපදිංචි කල රට ලෙස හැඳින්වේ.

LGBT

Gurung සහ Pandey යුවළ වසර 10 කට ආසන්න කාලයක් එකට ජිවත්ව ඇති අතර 2017 වසරේ කෝවිල් උත්සවයකදී විවාහ වී එතැන් පටන් ඔවුන්ගේ සංගමයට නීතිමය පිළිගැනීමක් ඉල්ලා සිටියහ. ගුරුං නිල ලේඛන මත තම ලිංගභේදය වෙනස් නොකළ සංක්‍රාන්ති ලිංගික කාන්තාවකි. පාණ්ඩේ උපතේ සිට තමා පිරිමියෙකු ලෙස හඳුන්වා ගත් අයෙකි. මෙම යුවළ ජූලි මාසයේදී BBC පුවත් සේවයට පවසා තිබුණේ, ඔවුන්ගේ විවාහය පිළිගත් පසු ඒකාබද්ධ බැංකු ගිණුමක් විවෘත කිරීමට සහ ඔවුන් මිලදී ගත් ඉඩමේ අයිතිය බෙදා ගැනීමට අවශ්‍ය බවත් ඔවුන්ගේ ලොකුම සිහිනය මුදල් වඩාත් ස්ථාවර වූ පසු දරුවෙකු හදා ගැනීම බවත්ය.

LGBT

නීතිය වෙනස් කිරීම සඳහා නීති සම්පාදනය කරන තෙක් එවැනි වෘත්තීය සමිති ලියාපදිංචි කරන ලෙස රජයට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය නොතකා නේපාලයේ Kathmandu අගනුවර දිස්ත්‍රික් අධිකරණයක් පසුගිය ජූලි 13 වැනිදා ඔවුන්ගේ විවාහය ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කළේය. දිසා අධිකරණයේ තර්කය වී ඇත්තේ මෙම නියෝගය රජයට පමණක් යොමු කර ඇති බැවින් එය අනුගමනය කිරීමට පහළ උසාවි බැඳී නොසිටින බවයි.
නමුත් ඊයේ , Dordi ග්‍රාමීය මහ නගර සභාවේ ප්‍රධාන පරිපාලන නිලධාරි Hem Raj Kafle, Reuters පුවත් සේවය අමතමින්, “ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය සහ අදාළ රජයේ බලධාරීන්ගේ උපදෙස් සැලකිල්ලට ගනිමින් අපි යුවළට විවාහ ලියාපදිංචි සහතිකය නිකුත් කර ඇත.” යනුවෙන් පවසා තිබේ. ප්‍රමුඛ පෙළේ LGBT අයිතිවාසිකම් ක්‍රියාකාරිකයෙකු වන Sunil Babu Pant මෙය “ඓතිහාසික” මොහොතක් ලෙස හැඳින්වූ අතර ලිංගික සහ ස්ත්‍රී පුරුෂ සුළුතරයන්ගේ ජයග්‍රහණයක් බවත් පෙන්වා දුන්නේය.

-BBC News ඇසුරෙනි- by Nicholas Yong

Image source: Madhav Dulal /AP

Latest news

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල්

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල් කොළඹ මහල් නිවාස විසි හතම අපායන් බවත් ඒවා මිනිසුන්ට ජීවත් විය හැකි පරිදි සකස්...

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්?

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්? රජයේ ආර්ථික කළමනාකරණය ගැන විශ්වාසය ගිලිහී යෑම නිසා රුපියල මත පවතින පීඩනය තවදුරටත් ඉහළ යා හැකි...
- Advertisement -spot_img

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

ඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ

ඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ - Ananya Panday අනන්‍යා පාණ්ඩේ යනු සමකාලීන බොලිවුඩයේ වඩාත්ම ජනප්‍රිය නිළියන්ගෙන් කෙනෙකි. ඉන්දීය...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you