NewsIsrael Gaza War හමාස් ප්‍රාණ ඇපයෙන් බේරුණු කුඩා දැරිය

Israel Gaza War හමාස් ප්‍රාණ ඇපයෙන් බේරුණු කුඩා දැරිය

-

spot_img

Israel Gaza War – හමාස් සංවිධානය විසින් ඔක්තෝබර් 7 වෙනිදා ඊශ්‍රායලයට එල්ල කරන ලද ත්‍රස්තවාදී ප්‍රහාරය අතරතුරදී ප්‍රාණ ඇපයට ගත් පිරිස අතර Emily Hand නම් 9 හැවිරිදි දරියකද සිටියාය. එම සංවිධානය විසින් Kibbutz නම් ප්‍රදේශයේදී ප්‍රාණ ඇපයට ගත් පිරිසට අයත් වූ එමිලි, පසුව ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඇතිවූ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ එකඟතා ගිවිසුමට අනුව නිදහස ලබා තිබේ.

හමාස් ත්‍රස්තවාදීන් කිබුට්ස් වෙත කඩා වදින විට මෙම දැරිය Hila නම් තම මිතුරියගේ නිවසේ නිදාගෙන සිට ඇත. ඇගේ දෙමාපියන්ට සිය දියණිය වෙත ළඟා වීමට නොහැකි වූ අතර පැය ගණනක් නිවසේ සිරවී සිටින්නට සිදුව තිබේ. ප්‍රහාරයෙන් සාමාන්‍ය වැසියන් 130 ක් පමණ මිය ගිය අතර අනෙක් පිරිස ප්‍රාණ ඇපයට ගන්නා ලදී. දින දෙකකට පමණ පසු, කිබුට්ස් ආරක්ෂක අංශ එමිලිගේ පියා වන Thomas Hand හට පවසා තිබුණේ, එමිලිගේ මියගිය සිරුර ඔවුන් දැක ඇති බවයි. එමිලිගේ පියා CNN පුවත් සේවය වෙත අදහස් දක්වමින්කියා සිටියේ, “අපි එමලිව හොයාගත්තා. ඇය මැරිලා” යනුවෙන් ආරක්ෂක අංශ නිලධාරීන් තමන්ට පැවසු බවයි. “ඉතින් මරණය ආශීර්වාදයක්, පරම ආශීර්වාදයක්.” යැයි සිතා තම පවුල හිත හදාගත් බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

Israel Gaza War

නමුත් මාසයකට ආසන්න කාලයකට පසු, ඊශ්‍රායල හමුදාව ඔහුට පැවසුවේ එමිලි ජීවතුන් අතර සිටින බවත් හමාස් ප්‍රාණ ඇපකරුවෙකු බවත්ය. තෝමස් පැවසුවේ හමුදාව සහ බුද්ධි අංශ තොරතුරු එකතු කරමින් සිටින බව සඳහන් කළ බවයි. Kibbutz හි ඇති කිසිදු දේහයක් එමිලිගේ ඒවා ලෙස හඳුනාගෙන නොතිබිණි. ඇය නිදා සිටි නිවසේ ලේ තිබුණේද නැත. හිලාගේ පවුලට අයත් ජංගම දුරකථන ගාසා වෙත ගමන් කර ඇති බවද සොයාගෙන තිබුණි. එබැවින් එමිලිගේ පියාට තම දියණිය ජීවත්ව සිටින බවට විශ්වාසයක් ඇතිවෙන්නට පටන් ගත්තේය. මරණය ආශීර්වාදයක් වනු ඇතැයි හැඟී යාමේ සිට, එමිලි රඳවාගෙන සිටින තත්වය පිළිබඳ ඔහුට බියක් දැනිණි. “නොදන්නා බව භයානකයි. බලා සිටීම ඊටත් වඩා භයානකයි, ”ඔහුට එසේ සිතෙන්නට විය.

අවසන, රතුකුරුස සංවිධානය මාර්ගයෙන් එමිලිට නිදහස ලැබුණාය. සිය දියණිය ප්‍රාණ ඇපකාරියක් වීම දකින්නේ කෙසේදැයි අගේ පියා විස්තර කළේ මෙසේය. ” එම කාලය තුළ ඇය රඳවා සිටි ස්ථානය දැන් ඇය හඳුන්වන්නේ ‘පෙට්ටිය’ ලෙසයි. ඊශ්‍රායලය ගාසා වලට ගහද්දි එමලිට තැනින්,තැනට දිව යෑමට සිදුව තිබෙනවා. ඇදගෙන යාම,තල්ලු කිරීම වෙඩි තැබීම් අතරේ එසේ යෑම භයානක බව ඇයට විස්තර කරන්න පවා අසීරු වුණා. මට බොහෝ තොරතුරු දැන ගැනීමට අවශ්‍යයි. නමුත් ඇය තවම සිටින්නේ කම්පන තත්වයේ” නිදහස් කරන ලද ප්‍රාණ ඇපකරුවන් රැගෙන යන කඳවුරට ළඟා වූ ඔහු තම උද්යෝගය යටපත් කර ගැනීමට උත්සාහ කළ බව පවසයි. දිගු ප්‍රමාදයක් ඇති වූ අතර පසුව ඇය රතු කුරුස සංවිධානය සමඟ සිටින බවට ආරංචි වීමෙන් තමා ප්‍රීතියට පත්වූ වගද පවසයි. “එකපාරටම දොර ඇරිලා ‘Emush’ දුවගෙන ආවා. ඒක ලස්සනයි. මම ඇයව තදින්වැළඳ ගත්තා. ඇය හමුවීමේ වඩාත්ම කම්පන සහගත, කරදරකාරී කොටස නම් ඇය නිකම්ම මුමුණමින් සිටීමයි, මට ඇයව ඇසුණේ නෑ. මට ඇගේ තොල් මත මගේ කණ තැබීමට සිදු වුණා ඇය කියන දේ තේරුම් ගන්න. ඇගේ පළමු ඉල්ලීම වුයේ කිසිදු ශබ්දයක් නොනඟන ලෙසයි” ඔහු තවදුරටත් සිය දියණියගේ කම්පන තත්වය විස්තර කළේය. එමිලි ඇයව බේරා ගැනීමට නොපැමිණීම ගැන තමා සමඟ කෝපයට පත් වුවහොත් කොන්දේසි විරහිත ආදරය පිරිනැමීමට සහ ලබා ගැනීමට ඔහු සිය පවුලේ සුනඛයා වන Johnsie ද නැවත හමුවීමට යෑමේදී රැගෙන ගිය බව පවසන්නේ කඳුළු අතරින් සිනාසෙමිනි.

Israel Gaza War

වීඩියෝ සබැඳිය:  Father describes how his young daughter survived Hamas captivity 

-CNN Live Updates ඇසුරිනි- by Clarissa Ward, Brent Swails and Rachel Clarke.

Image Source: Metro CO UK / Edition CNN / S ying

Latest news

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි ආණ්ඩුව ක්‍රියාත්මක කිරිමට නියමිත විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිමේ ව්‍යවස්ථා සංශෝධනයට නිතීඥ ක්ෂේතුයේ දැඩි...

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නුවර දුම්රියක් තුළ ගමන් ගත් මඟියකුගේ හිසට බෝතලයකින් පහර දීමේ...

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...
- Advertisement -spot_img

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නුවර දුම්රියක් තුළ ගමන් ගත් මඟියකුගේ හිසට බෝතලයකින් පහර දීමේ...

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you