NewsVapes ජනවාරියේ සිට තහනම්!

Vapes ජනවාරියේ සිට තහනම්!

-

spot_img

Vapes – e-cigarettes එසේත් නොමැතිනම් Vapes යනු නිකොටින්, කෘතිම රසකාරක සහ වෙනත් රසායනික ද්‍රව්‍ය අඩංගු ද්‍රව වලින් පිරවූ කාටිජ ඇති ලිතියම් බැටරි බලයෙන් ක්‍රියාත්මක වන උපාංග වේ. ළමුන් නිකොටින් වලට ඇබ්බැහි වීම වැළැක්වීමේ උත්සාහයක් ලෙස ඕස්ට්‍රේලියාව ජනවාරි මාසයේ සිට මෙම ඉවත දැමිය හැකි දුම් උරන උපාංග ආනයනය තහනම් කිරීමට තීරණය කර තිබේ. එමෙන්ම තනි භාවිත උපාංග රට තුළ නිෂ්පාදනය කිරීම, ප්‍රචාරණය කිරීම සහ සැපයීම නැවැත්වීම සඳහා නව නීති ද හඳුන්වා දීමට සැලසුම් කර ඇති අතර විනෝදාංශයක් ලෙස දුම් ඉරීම සම්පූර්ණයෙන්ම නවතා දැමීමට මෙම නව නිතිය ඉවහල් වනු ඇති බව ඕස්ට්‍රේලියානු රජය පවසයි.

Vapes

2021 සිට ඕනෑම ඕස්ට්‍රේලියානුවෙකුට වෛද්‍ය නිර්දේශයකින් තොරව විද්‍යුත් සිගරට් හෝ නිකොටින් වාෂ්ප මිලදී ගැනීම හෝ ආනයනය කිරීම නීති විරෝධී ය. නමුත් එම සීමාවන් නොතකා ඇබ්බැහි වීමේ අනුපාතය අඛණ්ඩව ඉහළ යමින් පවතින බව සමීක්ෂණ වලින් හෙළිව තිබේ. මෙම වසර මුලදී සිඩ්නි විශ්ව විද්‍යාලයෙන් කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ වයස අවුරුදු 14-17 අතර යෞවනයන්ගෙන් හතරෙන් එකක් පමණ විද්‍යුත් සිගරට් හෝ නිකොටින් වාෂ්ප වලට ඇබ්බැහි වී ඇති බවයි. ඕස්ට්‍රේලියාවේ පිළිකා කවුන්සිලයේ පර්යේෂණයකින් හෙළිවී ඇත්තේ එකම වයස් කාණ්ඩයේ සිටින යෞවනයන් 10 දෙනෙකුගෙන් 9 දෙනෙකුට පහසුවෙන් නිකොටින් වාෂ්ප භාවිතයට හුරුවිය හැකි බවයි. Johns Hopkins විශ්ව විද්‍යාලයේ පර්යේෂණ මගින් මෙම පුරුද්ද නිදන්ගත පෙනහළු රෝග සහ ඇදුම රෝගයට දැඩි බලපෑම් එල්ල කරන බව තහවුරු කර ඇත. ඕස්ට්‍රේලියාවේ,වාෂ්ප උපාංග සඳහා භාවිතා කරන ද්‍රව අධ්‍යයනය කළ විද්‍යාඥයින් අනතුරු අඟවා ඇත්තේ ඒවායේ පෙනහළු සෞඛ්‍යයට බලපාන “රසායන ද්‍රව්‍ය කට්ටලයක්” අඩංගු බවයි.

Vapes

දුම්පානය නැවැත්වීමේ මාර්ගයක් ලෙස Vaping වෙළෙඳපොළට හඳුන්වා දී ඇතත්, ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය අමාත්‍ය, Mark Butler පවසනුයේ එය “නිකොටින් මත යැපෙන නව පරම්පරාවක්” නිර්මාණය කර ඇති බවයි. මැයි මාසයේදී, ඕස්ට්‍රේලියානු රජය තනි භාවිත වාෂ්ප භාවිතය ක්‍රමානුකූලව ඉවත් කිරීම ප්‍රකාශයට පත්කළ නමුත් මේ වන තෙක් ඒ සඳහා නිශ්චිත කාල රාමුවක් ලබා දී නොමැත. සෞඛ්‍ය අමාත්‍යවරයා පවසන්නේ ඉවත දැමිය හැකි වාෂ්ප ආනයනය තහනම් කිරීම 2024 ජනවාරි 1 වනදා ආරම්භ වන අතර මාර්තු වන විට නැවත පිරවිය හැකි චිකිත්සක නොවන වාෂ්ප ද රට තුළට ඇතුළු වීම තහනම් කරන බවයි. චිකිත්සක වාෂ්ප සපයන ආනයනකරුවන්ට සහ නිෂ්පාදකයින්ට ඔවුන්ගේ නිෂ්පාදනවල රසයන්, නිකොටින් මට්ටම් සහ ඇසුරුම් සම්බන්ධයෙන් රජයේ දැඩි රෙගුලාසිවලට අනුකූල වීමට සිදුවනු ඇති බව ඔහු අවධාරණය කර සිටි. ඔස්ට්‍රේලියාව මෙම තීරණයට එළැඹ ඇත්තේ නවසීලන්ත රජය විසින් ලොව ප්‍රමුඛතම දුම්පානයක බදු කපා හැරීමෙන් දින කිහිපයකට පසුවය.

-BBC News ඇසුරෙනි- by Hannah Ritchie

Photo Source: Washington Post /Word Press /SBS /NPR

Latest news

2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

හෙට (14) දිනයේ පූර්වභාග 09.32 ට සිංහල අලුත් අවුරුද්ද උදාවීමට නියමිතව තිබේ. අවුරුදු උදාවට අදාළ නැකැත් සහිතව බුද්ධශාසන, ආගමික හා...

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...
- Advertisement -spot_img

දුප්පත්කම හැමවෙලාවෙම අසරණයි

දුප්පත්කම හැමවෙලාවෙම අසරණයි - Mardaani 3 මුදලට සහ බල පුළුවන්කාරකමට යටත් නොවන පුද්ගලයන් අද සමාජයෙ ඇත්තේම නැති තරම්. මුදලට යටත්...

රත් දෝතළු – 69

රත් දෝතළු - 69 මා සිතේ වූයේ මවිතයකි. නිර්මාණි සුසුමක් හෙළන හඬ මා සවනට ගලාආයේය. "විවාහය කියන්නේ ආදරයම පිරිණු තැනක් නෙවේ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you