More
    ArtShri Wickrama Movie සිරිලක අවසන් රජු පිටුවහල් කළ කුමන්ත්‍රණය

    Shri Wickrama Movie සිරිලක අවසන් රජු පිටුවහල් කළ කුමන්ත්‍රණය

    -

    spot_img

    Shri Wickrama Movie – 1978 රාජාධි රාජසිංහ රජුගේ අභාවයත් සමඟම රජකමට නියම සුදුස්සා වූ මුත්තසාමි කුමරු සිටියදි, තරුණ කන්නසාමි කුමරු ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් රජකමට පත්කිරීම සඳහා පිළිමතලාවේ අධිකාරම් සහය දක්වනු ලබයි. රජකමට පත්වීමෙන් පසු, ඔහු සිය මවගේ නායක්කර් වංශික පාර්ශවය ගැනීම හේතුවෙන් උඩරට රදළයන් ඔවුන්ට උඩරට සිංහල රජෙකු පත්කරගැනීම සඳහාත් මුත්තසාමි කුමරු සිය රාජ්‍ය බලය තමන් වෙත නතුකර ගැනීම සඳහාත් සිදුකරනු ලබන කැරළි,කුමන්ත්‍රණ වල අවසන් ප්‍රථිපලය ලෙස ඉංග්‍රීසි ආණ්ඩුව ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මෙරටින් පිටුවහල් කර, එම කැරළි,කෝලාහල ඉතාම සාහසික ලෙසින් පරාජය කොට, පිළිමතලාවේ අධිකාරම්,ඇහැලේපොළ නිළමේ, මොණරවිල කැප්පෙටිපොල ඇතුළු නායකයින් දෙසිය ගණනක් මරාදැමීමේ ඉතිහාස කතාව රැගත් “ශ්‍රිවික්‍රම” සිනමාපටය මේ දිනවල රිද්මා මණ්ඩලයේ සිනමා හල්වල තිරගත කෙරේ. පසුගියදා එහි මංගල දැක්ම One Galle Face හි PVR සිනමා ශාලාවේදී පැවැත්විනි.

    Shri Wickrama MovieShri Wickrama Movie

    Shri Wickrama MovieShri Wickrama Movie

    වෙන්ඩෝල් සමුහ ව්‍යාපාරය වෙනුවෙන් වෛද්‍ය ගිහාන් ගොඩකන්ද විසින් නිෂ්පාදනය කර ඇති මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ ප්‍රවීන චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක මොහාන් නියාස් විසිනි. අකිල ධනුද්දර,ශ්‍රියන්ත මෙන්ඩිස්,ශ්‍යාම් ප්‍රනාන්දු,බුද්ධදාස විතානාරච්චි.පාලිත සිල්වා,රොෂාන් පිලපිටිය,ප්‍රසන්නජිත් අබේසුරිය,කිංස්ලි ලෝස්, චුලක්ෂි රණතුංග,චංචලා වර්ණකුලසුරිය,ශාලිකා එදිරිසිංහ,නඩරාජා ශිවම්,ක්‍රිස් හැරිස්,රිචඩ් මොන්ඩ්,මිෂෙල් ෂක්රුම්,ෂයිනි නෙත්තිකුමාර, සුගත් ජානක,ගාවින් ඇන්තනී ලුඩ්වික්,ගජන් ගනේෂන්,ජගත් ගලප්පත්ති,තරු බෝගොඩ,චන්න ගලප්පත්ති,වතික රවිනාත්,අනුර ධර්මසිරිවර්ධන,සරත් නාමල්ගම,භාරත වික්‍රමසිංහ ඇතුළු නළු,නිළියන් රැසක් මෙයට රංගනයන් දායක වෙති.

    Shri Wickrama MovieShri Wickrama Movie

    Shri Wickrama MovieShri Wickrama Movie

    ශ්‍රිවික්‍රම චිත්‍රපටයේ තිර රචනය අජිත් ධර්මසුරිය වන අතර කැමරා අධ්‍යක්ෂණය සජිත වීරප්පෙරුම විසිනි. ප්‍රධාන සහාය අධ්‍යක්ෂණය ධනංජය මංචනායක වන අතර කොණ්ඩා සැකසුම සරත් රණවිර සහ අංග රචනය ප්‍රියංක තිලක් රත්නායකගේය. කලා අධ්‍යක්ෂණය සහ පසුතල සැකැස්ම ධම්මික හෙවාදුවත්තගෙන් වන අතර සංස්කරණයයෙන් දායක වී ඇත්තේ අනුර බණ්ඩාර ය. ගේය පද රචනයෙන් නිලාර්.එන් .කාසිම් ද, ගායනයෙන් මිෂෙල් දිල්හාරාද එක්ව ඇති අතර ගීතයේ තනු නිර්මාණය සහ සංගීතය දිනේෂ් සුභසිංහ විසිනි. පසුබිම් සංගීතය ෆර්හාන් ශාන් වන අතර නිෂ්පාදන සම්බන්ධීකරණය සහ සටන් නිර්මාණය අරුණ රූපසිංහ විසින් සිදුකර තිබේ.

    Shri Wickrama MovieShri Wickrama Movie

    Shri Wickrama MovieShri Wickrama Movie

    මෙහි නිෂ්පාදන කළමණාකරණය හැරල්ඩ් කරුණාතිලකගෙන් වන අතර නිෂ්පාදන සැළසුම සිංහානි කොස්තාය. පරිඝණක සජිවිකරණය සහ විශේෂ ප්‍රයෝග සුසන්ත පුෂ්පකුමාරගෙන්ද, ශබ්ද පරිපාලනය සුසන්ත ධර්මප්‍රියගෙන්ද, වර්ණ සංයෝජනය ආනන්ද බණ්ඩාරගෙන්ද, ඇඳුම්,පැළඳුම් නිර්මාණය ප්‍රියාන් අනුර ශ්‍රී ගෙන්ද, වෙඩි පිපිරවීම රංජිත් සිල්වා විසින්ද සිදුකර තිබේ. ශ්‍රීවික්‍රම චිත්‍රපටයට ආරාධිත ගරු රඟපෑම් වලින් සරත් ඒකනායක,හර්ෂ අබේකෝන් සහ රාසපුත්‍ර වීරසිංහ දායක වී ඇති අතර ළමා නළු,නිලියන් ලෙස විවාන් රන්සිළු වික්‍රමසිංහ,නවින් සෞම්‍ය සහ රශ්වින් රවිෂ්ක එක්ව තිබේ.

    Latest news

    ඉරානයේ උත්තරීතර නායකයාට එරෙහිව ඉරානය පුරා විරෝධතා

    ඉරානයේ උත්තරීතර නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී ඇති අතර, මේ වන විට ළමුන් 05 ක් ඇතුළුව...

    තමා තවමත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බව මදුරෝ අධිකරණය හමුවේ ප්‍රකාශ කරයි

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, නිව්යෝර්ක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා තවමත්...

    ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රයක්

    විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව...

    මොරගහකන්ද ජලාශය වාන් දැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

    අධික වර්ෂා තත්ත්වය නිසා ඉදිරියේදී මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතින බව මහවැලි අධිකාරිය පවසනවා. අද (18)...
    - Advertisement -spot_img

    මැටීගේ කපුටු ප්‍රේමය

    මැටීගේ කපුටු ප්‍රේමය සොබාදහම විටෙක ආවේගශීලී බව මම දැන සිටියෙමි. එබැවින් මම ජීවත්වුණේ ඉතා පරිස්සමිනි. පළමු වරට කූඩුවෙන් පිටවීමට...

    Blackheads ගැටළුවට විසඳුමක්

    Blackheads කියන්නෙ ගොඩක් අයට තියෙන රූපලාවන්‍ය ගැටළුවක්. මේකට වයස බලපෑමක් නැහැ. තරුණ වයසෙ ඉඳලා මැදිවිය දක්වාම ගොඩක් අය මුහුණ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page