ArtShri Wickrama Movie සිරිලක අවසන් රජු පිටුවහල් කළ කුමන්ත්‍රණය

Shri Wickrama Movie සිරිලක අවසන් රජු පිටුවහල් කළ කුමන්ත්‍රණය

-

spot_img

Shri Wickrama Movie – 1978 රාජාධි රාජසිංහ රජුගේ අභාවයත් සමඟම රජකමට නියම සුදුස්සා වූ මුත්තසාමි කුමරු සිටියදි, තරුණ කන්නසාමි කුමරු ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් රජකමට පත්කිරීම සඳහා පිළිමතලාවේ අධිකාරම් සහය දක්වනු ලබයි. රජකමට පත්වීමෙන් පසු, ඔහු සිය මවගේ නායක්කර් වංශික පාර්ශවය ගැනීම හේතුවෙන් උඩරට රදළයන් ඔවුන්ට උඩරට සිංහල රජෙකු පත්කරගැනීම සඳහාත් මුත්තසාමි කුමරු සිය රාජ්‍ය බලය තමන් වෙත නතුකර ගැනීම සඳහාත් සිදුකරනු ලබන කැරළි,කුමන්ත්‍රණ වල අවසන් ප්‍රථිපලය ලෙස ඉංග්‍රීසි ආණ්ඩුව ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මෙරටින් පිටුවහල් කර, එම කැරළි,කෝලාහල ඉතාම සාහසික ලෙසින් පරාජය කොට, පිළිමතලාවේ අධිකාරම්,ඇහැලේපොළ නිළමේ, මොණරවිල කැප්පෙටිපොල ඇතුළු නායකයින් දෙසිය ගණනක් මරාදැමීමේ ඉතිහාස කතාව රැගත් “ශ්‍රිවික්‍රම” සිනමාපටය මේ දිනවල රිද්මා මණ්ඩලයේ සිනමා හල්වල තිරගත කෙරේ. පසුගියදා එහි මංගල දැක්ම One Galle Face හි PVR සිනමා ශාලාවේදී පැවැත්විනි.

Shri Wickrama MovieShri Wickrama Movie

Shri Wickrama MovieShri Wickrama Movie

වෙන්ඩෝල් සමුහ ව්‍යාපාරය වෙනුවෙන් වෛද්‍ය ගිහාන් ගොඩකන්ද විසින් නිෂ්පාදනය කර ඇති මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ ප්‍රවීන චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක මොහාන් නියාස් විසිනි. අකිල ධනුද්දර,ශ්‍රියන්ත මෙන්ඩිස්,ශ්‍යාම් ප්‍රනාන්දු,බුද්ධදාස විතානාරච්චි.පාලිත සිල්වා,රොෂාන් පිලපිටිය,ප්‍රසන්නජිත් අබේසුරිය,කිංස්ලි ලෝස්, චුලක්ෂි රණතුංග,චංචලා වර්ණකුලසුරිය,ශාලිකා එදිරිසිංහ,නඩරාජා ශිවම්,ක්‍රිස් හැරිස්,රිචඩ් මොන්ඩ්,මිෂෙල් ෂක්රුම්,ෂයිනි නෙත්තිකුමාර, සුගත් ජානක,ගාවින් ඇන්තනී ලුඩ්වික්,ගජන් ගනේෂන්,ජගත් ගලප්පත්ති,තරු බෝගොඩ,චන්න ගලප්පත්ති,වතික රවිනාත්,අනුර ධර්මසිරිවර්ධන,සරත් නාමල්ගම,භාරත වික්‍රමසිංහ ඇතුළු නළු,නිළියන් රැසක් මෙයට රංගනයන් දායක වෙති.

Shri Wickrama MovieShri Wickrama Movie

Shri Wickrama MovieShri Wickrama Movie

ශ්‍රිවික්‍රම චිත්‍රපටයේ තිර රචනය අජිත් ධර්මසුරිය වන අතර කැමරා අධ්‍යක්ෂණය සජිත වීරප්පෙරුම විසිනි. ප්‍රධාන සහාය අධ්‍යක්ෂණය ධනංජය මංචනායක වන අතර කොණ්ඩා සැකසුම සරත් රණවිර සහ අංග රචනය ප්‍රියංක තිලක් රත්නායකගේය. කලා අධ්‍යක්ෂණය සහ පසුතල සැකැස්ම ධම්මික හෙවාදුවත්තගෙන් වන අතර සංස්කරණයයෙන් දායක වී ඇත්තේ අනුර බණ්ඩාර ය. ගේය පද රචනයෙන් නිලාර්.එන් .කාසිම් ද, ගායනයෙන් මිෂෙල් දිල්හාරාද එක්ව ඇති අතර ගීතයේ තනු නිර්මාණය සහ සංගීතය දිනේෂ් සුභසිංහ විසිනි. පසුබිම් සංගීතය ෆර්හාන් ශාන් වන අතර නිෂ්පාදන සම්බන්ධීකරණය සහ සටන් නිර්මාණය අරුණ රූපසිංහ විසින් සිදුකර තිබේ.

Shri Wickrama MovieShri Wickrama Movie

Shri Wickrama MovieShri Wickrama Movie

මෙහි නිෂ්පාදන කළමණාකරණය හැරල්ඩ් කරුණාතිලකගෙන් වන අතර නිෂ්පාදන සැළසුම සිංහානි කොස්තාය. පරිඝණක සජිවිකරණය සහ විශේෂ ප්‍රයෝග සුසන්ත පුෂ්පකුමාරගෙන්ද, ශබ්ද පරිපාලනය සුසන්ත ධර්මප්‍රියගෙන්ද, වර්ණ සංයෝජනය ආනන්ද බණ්ඩාරගෙන්ද, ඇඳුම්,පැළඳුම් නිර්මාණය ප්‍රියාන් අනුර ශ්‍රී ගෙන්ද, වෙඩි පිපිරවීම රංජිත් සිල්වා විසින්ද සිදුකර තිබේ. ශ්‍රීවික්‍රම චිත්‍රපටයට ආරාධිත ගරු රඟපෑම් වලින් සරත් ඒකනායක,හර්ෂ අබේකෝන් සහ රාසපුත්‍ර වීරසිංහ දායක වී ඇති අතර ළමා නළු,නිලියන් ලෙස විවාන් රන්සිළු වික්‍රමසිංහ,නවින් සෞම්‍ය සහ රශ්වින් රවිෂ්ක එක්ව තිබේ.

Latest news

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති

ඔසී යන්න ඉන්නවනම් දැනගත යුතු අලුත් වීසා නීති ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන්ට ඔවුන්ගේ බිරිඳ , ස්වාමිපුරුෂයා, හෝ දරුවන් එරටට...

කොළඹ වරාය නගරයෙන් රැකියා 800 ක්

කොළඹ වරාය නගරයෙන් රැකියා 800 ක් කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ ව්‍යාපාරයක් ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක්...

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා

අගෝස්තුවේ විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් වැඩියෙන් එවලා විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් මේ වසරේ අගෝස්තු මාසයේදී මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 748.6ක් ලැබී...

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...
- Advertisement -spot_img

නාසිගුරාන් එකක් හරියට, රසට හදාගමු

නාසිගුරාන් එකක් හරියට, රසට හදාගමු - Nasi Goreng එක එක රටවල ඒ රටටම ආවේණික විදිහට හදන ෆ්‍රයිඩ් රයිස් වර්ග තියෙනවා....

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you