More
    spot_imgspot_imgspot_imgspot_img
    NewsRussia Ukraine War රුසියානු මිසයිල ප්‍රහාරයකින් 51 දෙනෙකු මරුට

    Russia Ukraine War රුසියානු මිසයිල ප්‍රහාරයකින් 51 දෙනෙකු මරුට

    -

    - Advertisment -spot_imgspot_imgspot_imgspot_img

    Russia Ukraine War – ඊයේ [4 බ්‍රහස්පතින්දා] රුසියානු මිසයිල ප්‍රහාරයකින් නැගෙනහිර යුක්‍රේනයේ Kupiansk නගරයට ආසන්න ගම්මානයක කුඩා දරුවෙකු ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 51 දෙනෙකු මිය ගිය බව වාර්තා වෙයි. යුක්‍රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Ihor Klymenko අනුව, මොස්කව්හි රුසියානු හමුදා විසින් යුක්‍රේන වේලාවෙන් මධ්‍යම රාත්‍රියෙන් පසු, Kharkiv කලාපයේ Hroza හි ආපන ශාලාවක් සහ සාප්පුවක් ඉලක්ක කර මෙම ප්‍රහාරය සිදුකර ඇති බව පැවසේ. මෙය යුක්‍රේන – රුසියා ගැටුම ආරම්භ වූ දා සිට මෙතෙක් සිවිල් වැසියන්ට එරෙහිව එල්ල වූ මාරාන්තිකම රුසියානු ප්‍රහාරයන්ගෙන් එකක් බව එරට ආරක්ෂක නිලධාරීන්ගේ මතයයි.

    Russia Ukraine War

    ප්‍රහාරයෙන් මියගිය 6 හැවිරිදි පිරිමි ළමයෙකු ඇතුළු මියගිය පුද්ගලයින් 29 දෙනෙකුගේ සිරුරු හඳුනාගෙන ඇති අතර ඒවා විනාශ වූ ගොඩනැගිලිවලින් ඉවත් කළ බව ප්‍රාදේශීය හමුදා නිලධාරියෙකු වන Oleh Synehubov සහ යුක්‍රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසා තිබිණි. 2022 වසරේ මුල් භාගයේදී Kramatorsk හි දුම්රිය ස්ථානයකට එල්ල වූ මෙවැනිම ප්‍රහාරයකින් පුද්ගලයින් 60 කට වැඩි පිරිසක් මිය ගොස් තිබු බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසයි. මියගිය පිරිස අතර යුක්‍රේන සොල්දාදුවෙකුද සිටින අතර නවතම වාර්තා වලට අනුව, මෙම ප්‍රහාරයෙන් මිනිසුන් 330 දෙනෙකු වාසය කළ ගම්මානයෙන් පහෙන් එකක් පමණ විනාශ වී ඇති බවයි පැවසෙන්නේ.

    Russia Ukraine War

    යුක්‍රේන ජනපති Volodymyr Zelensky ප්‍රකාශ කළේ මෙම ප්‍රහාරය “ම්ලේච්ඡ රුසියානු අපරාධයක් සහ සාමාන්‍ය සිල්ලර වෙළඳසැලකට සම්පූර්ණයෙන්ම හිතාමතා කළ ත්‍රස්ත ප්‍රහාරයක්” බවයි. “රුසියානු ත්‍රස්තවාදය නැවැත්විය යුතුයි. සම්බාධක මග හැරීමට රුසියාවට උදව් කරන ඕනෑම අයෙකු අපරාධකරුවෙකි. තවමත් රුසියාවට සහය දෙන සෑම කෙනෙක්ම නපුරට සහාය දක්වති ”සෙලෙන්ස්කි දකුණු ස්පාඤ්ඤයේ Granada හි පැවති යුරෝපීය නායක සමුළුවට සමගාමීව එසේ අදහස් දැක්වීය. යුරෝපයේ “විශාලතම අභියෝගය” රුසියාවේ ආක්‍රමණය හමුවේ එහි “එක්සත්කම” රැක ගැනීම බවයි එහිදී සෙලෙන්ස්කි වාර්තාකරුවන් අමතමින් වැඩිදුරටත් පවසා තිබුණේ.

    -CNN News ඇසුරෙනි- by Tim Lister, Svitlana Vlasova and Sana Noor Haq.

    Photo Credits: www.cnnnews.com

    Latest news

    Piumi Hansamali කියන්නේ කවුද?

    Piumi Hansamali කියන්නේ කාලෙන් කාලෙට සමාජ මාධ්‍ය තුල පුවත් මවන්නියක්. පියුමි හංසමාලි විසින් උපයාගත් බව කියන වත්කම් සම්බන්ධයෙන් පරීක්ෂණයක්...

    procession අලි කුලප්පුවෙන් 13ක් පෙරහැරින් රෝහලට

    procession - රුහුණු කතරගම මහ දේවාලයේ ඇසළ පෙරහැර ඊයේ ආරම්භ වී සුළු මොහොතකට පසු, රාත්‍රි 9 ට පමණ...

    Devon 5 ධීවරයින් පහකට මරු කැඳවූ Alcohol Brand එක

    Devon 5 ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් පස් දෙනෙකු මුහුදේ පාවෙමින් තිබු බෝතලයක තිබු කිසියම් දියර වර්ගයක් පානය කිරීමෙන් අනතුරුව...

    Morella මාළුවෙකුගේ ප්‍රහාරයකින් ධීවරයෙකු මරුට!

    Morella - විෂ සහිත මොරෙල්ලා නම් මත්ස්‍යයා සිය තුඩඟින් සිදුකළ ප්‍රහාරයක් හේතුවෙන් ධීවරයෙකු මියගිය පුවතක් යාපනය ප්‍රදේශයෙන් වාර්තා වේ....
    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    ICC Womens Player of the Month ලංකාවෙන් විශ්මි ගුණරත්න

    ICC Womens Player of the Month ජූනි මාසය සඳහා නිර්දේශිත නාම අතරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ විශ්මි ගුණරත්න...

    Hima Mal Renu හිම මල් රේණු – 12

    Hima Mal Renu හිම මල් රේණු සති අන්තයේ මාත් නදීරාත් අමතර පන්තියට යන විට තේෂාන් ඇතුළු සියළු දෙන අපිටත් සමඟ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page