More
    spot_img
    ArtTupac Shakur ඝාතකයා පාතාල කල්ලි නායකයෙක්

    Tupac Shakur ඝාතකයා පාතාල කල්ලි නායකයෙක්

    -

    spot_img

    Tupac Shakur – ජනප්‍රිය Hip-hop ගායකයෙකු වූ Tupac Shakur ඝාතනය සම්බන්ධයෙන් ඇමරිකානු පොලීසිය හිටපු පාතාල කල්ලි නායකයෙකුට චෝදනා එල්ල කර තිබෙනවා.1996 දී ලාස් වේගාස් හි රිය පදවමින් සිටියදී 25 හැවිරිදි මෙම රැප් ගායකයාට වෙඩි ප්‍රහාර හතරක් එල්ල කොට මරා දමා තිබිණි. ඇමරිකානු සංගීත ලෝලීන්ගේ අවධානයට ලක්ව තිබු මෙම මිනීමැරුම පිළිබඳව විභාග කිරීමට ඊයේ [29], Nevada හි රැස්වූ ජූරි සභාව 60 හැවිරිදි හිටපු පාතාල කල්ලි නායක Duane Davis නොහොත් “Keffe D” හට මිනීමැරුම් චෝදනා ගොනු කර ප්‍රකාශයට පත් කොට තිබෙනවා.

    Tupac Shakur

    මෙම ඝාතනයට හේතුව ලෙස පොලීසිය පවසන්නේ, පාතාල කල්ලි නායකයාගේ බෑණා කෙනෙකු සමඟ මියගිය ගායකයා කැසිනෝ අවන්හලකදී ඇති වූ ගැටුමක් දුරදිග යැම බවයි. මිනීමැරුම් චෝදනා ලද කල්ලි නායකයා ඊයේ අළුයම ඔහුගේ ලාස් වේගාස් නිවස අසළදී අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම ඝාතනය සම්බන්ධයෙන් වසර ගණනාවක් තිස්සේ විමර්ශන සිදුකළ ලොස් ඇන්ජලීස් පොලිසියේ විශ්‍රාමික රහස් පරීක්ෂක Greg Kading, Associated Press වෙත පවසා තිබුණේ, ඩේවිස් අත්අඩංගුවට ගැනීම ගැන තමා පුදුම නොවන බවත් “අනෙක් සියලුම සෘජු කුමන්ත්‍රණකරුවන් හා සහභාගී වූවන් මිය ගොස් ඇති බැවින් මේ නඩුවේ අන්තිම මිනිහා” යනුවෙනි. 1996 සැප්තැම්බර් 7 වන දින සැකකරුගේ බෑණා වන Orlando Anderson සහ ගායකයා අතර ඇතිවූ ගැටුමෙන් අනතුරුව සැකකරුගේ බෑණා රෝහලේදී මිය ගොස් තිබේ. ගායකයාට වෙඩි තබා ඇත්තේ ඊට පළිගැනීමක් ලෙස බවයි වාර්තා වන්නේ.

    Tupac Shakur

    වේදිකාවේදී 2Pac යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ලද මොහුගේ පළමු ගීත ඇල්බමය 2Pacalypse Now නමින් 1991 දී නිකුත් වූ අතර ලොව පුරා මිලියන 75කට වඩා අලෙවි වාර්තා තැබූ ගීත ඇල්බම් අතර Strictly 4 My N.I.G.G.A.Z, Me Against the World, All Eyez on Me ඇල්බම් පෙරමුණ ගනී. එමෙන්ම ඔහු රංගනයෙන් දායක වූ Juice, Poetic Justice, Above the Rim, Gridlock’s සහ Gang Related වැනි චිත්‍රපටද අතිශය සාර්ථක විය.

    Tupac ShakurTupac Shakur

    -BBC News ඇසුරෙනි- by Andre Rhoden-Paul & Jaroslav Lukiv

    Photo Credits: www.bbcnews.com / www.hdwallpaper.nu

    Latest news

    Security beefed up ලොව පුරා ඊශ්‍රායල තානාපති කාර්යාලවල ආරක්ෂාව තර කෙරේ

    Security beefed up - ලොව පුරා පිහිටි සිය රටට අයත් තානාපති කාර්යාලවල සේවය කරන දූත මණ්ඩලවල ආරක්ෂාව වැඩි කරන...

    Covid 19 අවදානම ලංකාවටත් බලපායිද?

    Covid 19 - මෙරට තුළ නව කොවිඩ් 19 ප්‍රභේදයක් ව්‍යාප්ත වීමේ අවදානමක් නොමැති බැවින් අනිසි බියක් ඇති කර ගැනීමට...

    OIC arrested ලක්ෂ පහක අල්ලසක් ලබාගත් OIC අත්අඩංගුවට

    OIC arrested - රුපියල් ලක්ෂ 5ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව මත වවුනියාව පුවරසම්කුලම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාව අල්ලස් කොමිසම විසින්...

    Coconut harvest පොල් අස්වැන්නේ වැඩිවීමක්

    Coconut harvest - පසුගිය වසරේ මැයි සහ ජුනි මාසවලට සාපේක්ෂව මෙම වසරේ මැයි ජුනි මාසවල පොල් අස්වැන්නේ වැඩිවීමක් අපේක්ෂා...
    - Advertisement -spot_img

    Zainab Jama සම්ප්‍රදායේ කිණිහිර මත තැලුණු සෝමාලියානු රූ රැජිනගේ කතාව

    Zainab Jama නම් සෝමාලියානු රූ රැජින ඉන්දියාවේ තෙලන්ගනා හි පැවැත්වෙන 72 වැනි ලෝක රූ රැජින තරඟාවලියේ Head-to-Head Competition අදියරේදී...

    Coconut harvest පොල් අස්වැන්නේ වැඩිවීමක්

    Coconut harvest - පසුගිය වසරේ මැයි සහ ජුනි මාසවලට සාපේක්ෂව මෙම වසරේ මැයි ජුනි මාසවල පොල් අස්වැන්නේ වැඩිවීමක් අපේක්ෂා...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page