NewsTwin Tower කඩාවැටීම කාචගත කළ ජායාරූප ශිල්පියා

Twin Tower කඩාවැටීම කාචගත කළ ජායාරූප ශිල්පියා

-

spot_img

Twin Tower – 2001 සැප්තැම්බර් 11 වෙනිදා New York හි සිදු වු ව්‍යසනකාරී සිදුවිමේ ජායාරූප 500කට වඩා තම කැමරාවේ සටහන් කරගැනීමට Briant puddle හි Phil Penman නම් ජායාරූප ශිල්පියා සමක් විය. ඇමරිකානු මගී ප්‍රවාහන ගුවන් යානා දෙකක් ලෝක වෙලද මධ්‍යස්ථානයේ කුළුණු වෙත කඩා වැදීමෙන් සිදුකළ
මෙම අනතුර ඉස්ලාමීය අන්තවාදී අල්-කයිඩා සංවිධානය විසින් සිදුකළ අතර මිනිසුන් දහස් ගණනක් මිය ගියහ. ඊයේ (2023 සැප්තැම්බර් 11) එම ඛේදවාචකයේ 22 වැනි සංවත්සරය සනිටුහන් වන මොහොතේ ඔහු පැවසුවේ සිදුවීමේ සෑම අවස්ථාවක්ම තම කැමරා කාචයේ සටහන් වූ බවයි.

Twin Tower

ඔහු එම කාලයේ ජායාරූප ශිල්පියෙකු ලෙස වැඩ කිරීමට Los Angeles සි⁣ට New York වෙත පැමීණ සිටියේය. ඔහු සිදුවීම සිදුවු එම අඟහරුවාදා දිනයේ දුරකථ නය නාද වන තුරු බලා සිටියේ රාජකාරියෙන් නිවාඩුවක් ලබා ගැනීමටය. ලැබුණු දුරකථන පණිවුඩයෙන් කියවුණේ, ” අද ඔබගේ නිවාඩු දිනය බව ද න්නවා. නමුත් ඔබ මේ සිදුවීම පරික්ෂා කර බලනවානම් හොදයි” යනුවෙනි. New York නගරයේ වීදි වලට නවකයෙකු වුවද ජායාරූප 500 ක් පමණ තම කාචයේ සටහන් කර ගනිමින් ඔහු මෙම ඛේදවාචකය ආවරණය කර තිබිණි.

Twin Tower

සිද්ධිය විස්තර කරමින් ඔහු මෙසේ පැවසීය, “මම උඩ බලාගෙන ගොඩනැගිල්ලේ ජායාරූප ගනිමින් සිටියා. හදිසියේම මම කාචය තුලින් දැක්කා ගොඩනැගිල්ල කඩා වැටීමට පටන් ගත් බව, එය එන්න එන්නම මගේ කැමරාවට සමිපවෙනව වගේ පෙණුනා. එවිටම ගිණි නිවන භටයෙක් ‘දුවන්න’ කියා පැවසුවා” බව ඔහු සදහන් කලේය. ඔහුගේ එක් ජායාරූපයක Joanne Capestro උතුරු කුළුණින් පැන ගිය ආකාරයද සටහන් වී තිබුණි. පසුව ඇය පවසා තිබුණේ “කවුරුවත් මාව විශ්වාශ කළේ නෑ මම එතනින් බේරිලා ආවා කියලා, මේ පින්තූරය මට ලොකු උදව්වක් වුණා ඒක එහෙම නෙවෙයි කියන්න” යනුවෙනි. 2018 වසරෙදි ඇය තමා අමතා ඇයගේ මංගල දිනයේ ජායාරූප ගැනීමට තමාගෙන් ඉල්ලා සිටි බව ඔහු පවසයි. ඔහු එය විස්තර කලේ “මම ඇගේ ජීවිතයේ හොදම දවස සහ නරකම දවස ජායාරූප ගත කළා” යනුවෙනි.

-BBC News ඇසුරෙනි-

Photo Credit: www.bbcnews.com

Latest news

වෙසක් සැමරුම් අස්සේ තෙල් මිල යළි ඉහළට

වෙසක් සැමරුම් අස්සේ තෙල් මිල යළි ඉහළට ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව...

දුස්සීල භික්ෂූන්ට වෙසක් පණිවිඩයක්

දුස්සීල භික්ෂූන්ට වෙසක් පණිවිඩයක් විනය විරෝධී කටයුතුවල යෙදෙන භික්‍ෂූන්ට තරාතිරම නොබලා දඬුවම් කිරීමටත්, භික්‍ෂූන් වහන්සේලාගේ විනය කටයුතු පවත්වාගෙන යෑම...

ගජ මිතුරු නඩයට දුන් තුටු පඬුරු

ගජ මිතුරු නඩයට දුන් තුටු පඬුරු ශුද්ධ වූ සියල්ල කෙලෙසෙමින් ඇත. පව්කාරයෝ මුනිවර වෙස් ගෙන මුනිවරයෝ පව්කාරයෝ වී ඇත. කොටින්ම...

IMFඑකෙන් තවත් ඩොලර් මිලියන 695 ක ණයක්

IMF එකෙන් තවත් ඩොලර් මිලියන 695 ක ණයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා...
- Advertisement -spot_img

බිමල්ගේ අමාත්‍යාංශයේ ලේකම් ඉල්ලා අස්වෙයි

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්යාංශයේ ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. ඔහු ඒ...

රත් දෝතළු – 99 (අවසන් කොටස)

රත් දෝතළු - 99 (අවසන් කොටස) තවත් හඬන්නට කඳුළු නැත. යළිත් නම් නොහඬමියි මම මටම දිවුරාගතිමි. විනිෆ්‍රීඩා මහත්මියත් විහඟත් ආලින්දයට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you