NewsEarth Earthquake භූමිකම්පාවකින් 300 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට

Earth Earthquake භූමිකම්පාවකින් 300 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට

-

spot_img

Earth Earthquake – ඊයේ [8 වෙනි සිකුරාදා] රාත්‍රියේ මොරොක්කෝවට බලපෑ රික්ටර් මාපක 6.8 ක ප්‍රබල භූමිකම්පාවකින් පුද්ගලයන් 300 කට ආසන්න පිරිසක් මිය ගිය අතර බොහෝ නිවැසියන්ට වීදිවල රාත්‍රිය ගත කිරීමට සිදු වූ අතර එය උතුරු අප්‍රිකාවේ එම කොටසට වසර සියයකට පසුව බලපෑ ප්‍රබලතම භූ කම්පනය බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පවසයි. මොරොක්කෝවේ High Atlas කඳුවැටිය ආසන්නයේ මොරොක්කෝ වේලාවෙන් රාත්‍රී 11 ට පමණ මෙම භූ කම්පනය සිද්ධ වී ඇති අතර කිලෝමීටර් 18.5 (සැතපුම් 11.4) දක්වා එය පැතිර ගොස් ඇති බව භූ විද්‍යා පර්යේෂණ ආයතනය සඳහන් කරයි.

840,000 ක පමණ ජනගහනයක් සිටින නගරයක් සහ ජනප්‍රිය සංචාරක ප්‍රදේශයක් වන Marrakech හි සිට කිලෝමීටර් 72 ක් (සැතපුම් 44.7) පමණ නිරිත දෙසින් භූ කම්පන ස්ථානය පිහිටා තිබෙන බව වාර්තා වෙයි. අවම වශයෙන් පුද්ගලයින් 296 දෙනෙකු මිය ගොස් තවත් 153 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව මොරොක්කෝ රාජ්‍ය රූපවාහිනී නාලිකාව වන Al-Aoula අද [9 වෙනි සෙනසුරාදා] වාර්තා කළේය. රාජකීය මොරොක්කෝ සන්නද්ධ හමුදාව ට්විටර් පණිවිඩයක් මඟින් අනතුරු අඟවා තිබුණේ, “පසු කම්පන අවධානම හේතුවෙන් සුපරීක්ෂාකාරීව ක්‍රියා කිරීමේ සහ ආරක්‍ෂිත පියවර ගැනීමේ අවශ්‍යතාවය අපි ඔබට මතක් කර දෙන්නෙමු” යනුවෙනි. එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසනුයේ, “කලාපයේ මෙම ප්‍රමාණයේ භූමිකම්පා සාමාන්‍ය නමුත් අනපේක්ෂිත නොවන අතර,1900 සිට, M6 (මැග්නිටියුඩ් 6) සහ මෙම භූමිකම්පාවෙන් කිලෝමීටර 500 ක් ඇතුළත විශාල භූමිකම්පා කිසිවක් සිදුවී නොමැති අතර, 9 M5 (මැග්නිටියුඩ් 5) සහ විශාල භූමිකම්පා පමණක් සිදුවී ඇති බැවින් ඉදිරියේදී සැළකිය යුතු හානියක් සිදුවිය හැකි අතර ව්‍යසනය පුළුල්ව පැතිර යා හැකි” බවයි.

Earth Earthquake

Al-Aoula රූපවාහිනිය මගින් භූමිකම්පාව ආසන්නයේ ගොඩනැගිලි කිහිපයක් කඩා වැටී ඇති අයුරු විකාශය කළ අතර එරට ජාතික භූ විද්‍යා ආයතනය පසු කම්පන ගැන අනතුරු ඇඟවීමෙන් පසු දහස් ගණනක් ජනයා තම නිවෙස්වලින් ඉවත්ව ගොස් ඇති බව වාර්තා කළේය. එකකට එකක් යාව විශාල නිවෙස් සමුහයක් පිහිටා ඇති Marrakech පැරණි නගරයේ සමහර නිවාස කඩා වැටී ඇති අතර, මිනිසුන් ප්‍රවාහන සේවාවන්හි උපකාර නොතකා සියතින් සුන්බුන් රැගෙන යන බවත් ගිලන්රථ පැරණි නගරයෙන් පිටතට පමණක් පැමිණෙන අතර බොහෝ ගොඩනැගිලිවල ඉදිරිපස කොටස්වලට දැඩි හානි සිදුවී ඇති බවත් තවත් භූමිකම්පාවක් ඇති වේයැයි බියෙන් ජනතාව නගරයෙන් පිටත රැඳී සිටින බවත් ප්‍රදේශවාසීන් රොයිටර් පුවත් ඒජන්සියට පවසා තිබිණි. හයි ඇට්ලස් කඳුකරයේ සිට කිලෝමීටර් 350ක් පමණ උතුරින් පිහිටි Rabat අගනුවරට ද භූ කම්පන තත්වයක් දැනුණු බව ඇසින් දුටු සාක්ෂිකරුවන් උපුටා දක්වමින් Reuter පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

-CNN and Reuters News ඇසුරෙනි-

Photo Credit: www.cbnnews.com / www.theworldnews.com

Latest news

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස දෙමළ දේශපාලන පක්ෂ හයක නායකයෝ රජයෙන් ඉල්ලීමක්...

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක්

මහ බැංකු අධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක් වර්තමානයේ දී රට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇත්තේ වැරැදි නිවැරැදි කරමින් විනිවිද භාවයකින් යුතුව කටයුතු...

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක්

නිල ඇඳුමට අමතරව ඩෙංගුවලටත් ඇඳුමක් ඩෙංගු වසංගතයෙන් පාසල් දරුවන් මුදා ගැනීමේ පියවරක් ලෙස පාසල් නිල ඇඳුමට අමතරව දෑත් , දෙපා...
- Advertisement -spot_img

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...

එක් අඟහරුවාදාවක්

එක් අඟහරුවාදාවක් - A Tuesday මගේ කෝපයේ තරම ගැන මම දැනගත්තේ එදිනය. ඒ වන විට මගේ කඳුළු අවසන්ව තිබුණි. මට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you