FeaturesReindeer මුවෙක් වැට පැන්නොත් දඩය ඩොලර් පන්දහසක්

Reindeer මුවෙක් වැට පැන්නොත් දඩය ඩොලර් පන්දහසක්

-

spot_img

Reindeer – රුසියානු – නොර්වේ දේශසීමාවේ ආර්ටික් ප්‍රදේශයේ දේශසීමාවේ දැනට අබලන්ව ඇති වැට ප්‍රතිසංස්කරණය කිරීමට නෝර්වේ රජය කටයුතු කරමින් සිටී. ඉබාගාතේ යන සතුන්ගෙන් තණබිම් වලට වන හානිය වලක්වා ගැනීම මෙහි ප්‍රධාන අරමුණයි. එසේ නොවුනහොත් අහිමි වු තණ බිම් වෙනුවෙන් රුසියාවට වන්දි ගෙවීමට නෝර්වේ රජයට සිදු වේ. නෝර්වේජියානු නිලධාරින් බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේ, මේ දක්වා මුවන් 42 ක් හොඳ තණබිම් සොයා රුසියාවට පැමිණ ඇති බවයි.

Reindeer

1954 වසරේදී ඉදිකරන ලද මෙම වැට 150km පමණ දුරට විහිදෙයි. නෝර්වේජියානු කෘෂිකර්ම ඒජන්සිය පැවසුවේ එරට Hamborgvatnet සහ Storskog නගර අතර මෙම ප්‍රතිසංස්කරණ සිදු කිරීමට නියමිත බවයි. Norway Kroner මිලියන 3.7 (US$348,000) මෙම ඉදිකිරීම් සදහා වැය වන අතරම ඉදිකිරීම්කටයුතු ඔක්තෝබර් 1 වන දින විට අවසන් කිරීමට නියමිත බවද සදහන් වේ. කෙසේ නමුත් මෙම කාර්යය කිරීමේදී නොර්වේජියානු කම්කරුවන් මුහුණ දෙන ප්‍රධානම අභියෝගය නම් කිසිම හේතුවක් නිසා රුසියානු දේශසීමාවට ඇතුළු වීමට ඇති නෙහැකියාවයි. එම නිසා ඔවුන්ගේ ගෙවීම් ඉහළ දැමීමටද සිදු වු බව නෝර්වේ නියෝජිත ආයතනයේ Magnar Evertsen පැවසීය. රුසියානු වීසා බලපත්‍රයක් නොමැතිව සේවකයකු රුසියානු භූමියට ඇතුළු වන්නේ නම්, එය නීති විරෝධී ඇතුළුවීමක් ලෙස සැළකේ. මෙම මුවන්ගේ දේශසීමා මාරුව මේ වන අමතර නිලධාරීවාදයක් දක්වා විහිදී ඇති අතර රුසියාව දෙවතාවක් වන්දි ඉල්ලීම්ද කළ බවට වාර්තා වෙයි. රුසියාවේ Murmansk ප්‍රදේශයේ පැතිර ඇති Pasvik Zapovednik ස්වභාවික රක්ෂිතයේ තෘණ කෑමට රැසියානු දේශසීමා තරණය කල එක් මුවෙකු සදහා Kroner 50,000 [US$ 5000 ක් පමණ] ගෙවීමට නෝර්වේජියානු රජයට සිදුවේ. එමෙන්ම වරක් සතුන් විශාල වශයෙන් වනෝද්‍යානයට ඇතුළු වු විටකදී රුසියාව Kroner මිලියන 47ක් ඉල්ලා සිටි බවද වාර්තා වෙයි. මේ වසරේ මේ දක්වා රුසියාවට ඇතුළු වු සතුන් 42 න් 40 ක් නැවත නෝර්වේ වෙත ගෙනැවිත් ඇති අතර ඉතිරි දෙදෙනාත් හැකි ඉක්මනින් රැගෙන ඒමට බලාපොරොත්තු වන බවද නෝර්වේ බලධාරීන් පවසයි.

reindeer

නැවත රැගෙන ආ සතුන්ද ආපසු රුසියාවට යා හැකි බැවින් එම සතුන් ඝාතනය කල බවත්,නෝර්වේජියානු ආහාර සුරක්ෂිතතා අධිකාරිය ආරක්ෂක හේතුන් මත මල සිරුරු විනාශ කල බවත් රජයේ ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. මධ්‍යම සහ ආර්ටික් නෝර්වේ සිටින ආදී වාසි Sami ජනතාව මේ මුවන් රංචු කරනු ලබයි. කලින් Lapps ලෙස හැදින්වුණු මොවුන් මධ්‍යම ආසියාවෙන් ආරම්භ වී මීට වසර 9000 කට පමණ පෙර ඔවුන්ගේ මුවන් සමග ආර්ටික් යුරෝපයේ පදිංචි වු බවට විශ්වාස කෙරේ. ඔවුන් සාම්ප්‍රදායිකව ජීවත් වන්නේ නෝර්වේහි උතුරු ප්‍රදේශ වල සිට ස්වීඩනය සහ ෆින්ලන්තය හරහා රුසියාව දක්වා විහිදෙන Lapland හීය. ඔවුන්ගේ බහුතරයක් ජීවත්ව න්නේ ආර්ටික් කලාපයේ නෝර්වේජියානු දේශසීමාවේය.

-ABC News ඇසුරෙනි-

Photo Credit: www.dailyexpress.com /www.abcnews.com

Latest news

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි ආණ්ඩුව ක්‍රියාත්මක කිරිමට නියමිත විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිමේ ව්‍යවස්ථා සංශෝධනයට නිතීඥ ක්ෂේතුයේ දැඩි...

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නුවර දුම්රියක් තුළ ගමන් ගත් මඟියකුගේ හිසට බෝතලයකින් පහර දීමේ...

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...
- Advertisement -spot_img

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නුවර දුම්රියක් තුළ ගමන් ගත් මඟියකුගේ හිසට බෝතලයකින් පහර දීමේ...

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you