ArtFashion ජනප්‍රියත්වය සහ මුදල් යහපත් දේ අමතක කරවයි

Fashion ජනප්‍රියත්වය සහ මුදල් යහපත් දේ අමතක කරවයි

-

spot_img

Fashion – ඇයට තිබුණේ කැරලි ගැසුන අකීකරු කෙස් කළඹක්. ඇගේ හිසකෙසුත් ඈ වගේමයි. හිතුවක්කාරයි. සිගරට්ටුවක් තරම් සිහින් සිරුර නලවමින් සොඳුරු විලාසිතාවකින් සැරසී ඈ ප්‍රේක්ෂකාගාරය වෙත එන්නේ ගොදුරක් වෙත සෙමෙන් පියමනින බැළලියකගේ ගමන සිහිපත් කරවමින්. සියල්ලන්ගේම නෙත් Shonali Gujral (Kangana Ranaut) වෙත යොමු වී තිබුණා.ඇය Supermodel කෙනෙක්.

Fashion කියන්නෙ හරිම සුන්දර මාතෘකාවක්. කවුරුත් කැමති,මොහොතෙන් මොහොත වෙනස් වෙන,අලුත් වෙන විෂයක්. Meghna Mathur (Priyanka Chopra) ඉන්දියාවේ සම්ප්‍රදායික පවුලක හැදුණ වැඩුණ ගැහැණු ළමයෙක්. ඇයට හීනයක් තිබුණා. ඒ හීනය තමයි සුප්‍රසිද්ධ නිරූපිකාවක් බවට පත්වීම. පවුලේ අය ඒ හීනයට විරුද්ධ වූ තැන මේඝනා ඔවුන්ව හැරදමා නගරය වෙත ආවා.

fashion

නිරූපිකාවක් වීමේ හීනය හිතන තරම් ලෙහෙසි පහසු නොවන වග ඇයට ඉක්මනින්ම වැටහී ගියා. සුන්දර නිරූපිකාවන්ගේ ලෝකය මේඝනා සිතා සිටි තරම් සොඳුරු වූයේ නැහැ. සුප්‍රසිද්ධ ශොනාලිව ඇයට හමුවූවා. ඒ අතිදක්ෂ නිරූපිකාව අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී තිබුණා. Photoshoots, සිරුර නිරාවරණය වන ඇඳුම්,මත් ද්‍රව්‍ය මේ සියලු දේ මේඝනාට ගෙනත් දුන්නේ ආගන්තුක බවක්. පිටස්තර බවක්. නමුත් ඇය ඇගේ සිහිනය අත්හැර දැමුවේ නැහැ. බාධක,අභියෝග හමුවේ අලුත් දේවල් ඉගෙන ගනිමින්,මිනිසුන් හඳුනාගනිමින් ඈ ඉදිරියට යනවා. ටිකෙන් ටික නිරූපණ ක්ෂේත්‍රය තුළ නමක් දිනාගන්නට මේඝනා සමත් වෙනවා.fashion

ඇය ජනප්‍රිය වෙමින් පැවතුණා. මාස ගණනාවකට පෙර නුපුරුදුව තිබූ දේවල් දැන් ඇයට සුපුරුදු දේවල් බවට පත්ව තිබෙනවා. ජනප්‍රියත්වය,මුදල් හමුවේ තම යහපත් ගතිපුරුදු අමතක කිරීම මනුෂ්‍ය ස්වභාවයද? ආතතියෙන් පිරී තිබුණු එක් දිනක රාත්‍රියේ ඈ සමාජ ශාලාවක් වෙත ගියා. මේඝනා අලුත් මත්ද්‍රව්‍යයක් අත්හදා බැලුවා. ඇයට මතක එපමණයි. පැය කිහිපයකින් නොදන්නා තැනක ඈ අවදිවූ විට සයනයේ අනිත් පස විශාල සිරුරැති කළු ජාතික පිරිමියෙක් වැතිරී සිටියා. සිහි එලවා ගැනීමට හැකි වූ පළමු මොහොතේම මේඝනා තම නවාතැන වෙත පැමිණියා.

fashion

ඇයට දැනුනේ දරාගත නොහැකි පිලිකුළක්. තමා ගැනම වෛරයක්. බොහෝ සේ සිතීමෙන් අනතුරුව ඈ තීරණයක් ගන්නවා. ඉන් පසුව මොකද වෙන්නෙ?

මෙලොව අයහපත් ජීවන වෘත්තීන් සහ යහපත් ජීවන වෘත්තීන් යනුවෙන් කොටස් දෙකක් තිබෙනවාද? නොඑසේ නම් වෘත්තිය කුමක් වුවත්,ක්ෂේත්‍රය කුමක් වුවත් සාර්ථකත්වය කරා පියමනින්නට බලපාන්නේ අප තුළ ඇති යහපත් ආකල්ප සහ ධෛර්යමත් බව ද?

Fashion (2008) අපූරු සිනමා අත්දැකීමක්. Madhur Bhandarkar ගේ අධ්‍යක්ෂණයක්. Priyanka Chopra Jonas, Kangana Ranaut, Mugdha Godge ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වෙනවා.

Latest news

මෙනින්ජයිටීස් රෝගීන්ගේ ව්‍යාප්තිය ඉහළ යයි

මෙනින්ජයිටීස් රෝගීන්ගේ ව්‍යාප්තිය ඉහළ යයි - Meningitis මොළය වටා ඇති මෙනින්ජීස් නමැති පටලවල ඇතිවන ආසාදන තත්වය අනුව වයිරස්, බැක්ටීරියා සහ...

ඩොලරය සමඟ බඩු මිලත් අහස උසට

ඩොලරය සමඟ බඩු මිලත් අහස උසට - Rupee depreciation ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල වේගයෙන් අවප්‍රමාණය වීම නිසා අත්‍යවශ්‍ය...

සයිබර් අපරාධ සීඝ්‍රයෙන් ඉහළට

සයිබර් අපරාධ සීඝ්‍රයෙන් ඉහළට දිනෙන්  දින වැඩිවෙමින් පවතින සයිබර් අපරාධ හමුවේ ඒ සම්බන්ධයෙන් වන මහජන පැමිණිලිද වැඩි වෙමින් පවතින බව...

නොගෙවූ ආදායම් බදු වලට මාස හයක සහන කාලයක්

නොගෙවූ ආදායම් බදු වලට මාස හයක සහන කාලයක් - Income Tax මෙතෙක් ආදායම් බදු නොගෙවු අය මාස හයක් ඇතුළත ඒ...
- Advertisement -spot_img

සයිබර් අපරාධ සීඝ්‍රයෙන් ඉහළට

සයිබර් අපරාධ සීඝ්‍රයෙන් ඉහළට දිනෙන්  දින වැඩිවෙමින් පවතින සයිබර් අපරාධ හමුවේ ඒ සම්බන්ධයෙන් වන මහජන පැමිණිලිද වැඩි වෙමින් පවතින බව...

රත් දෝතළු – 94

රත් දෝතළු - 94 නිවස තරම් වටිනා තැනක් අන් කොහේවත් නැතැයි කියා යළි පැමිණෙන අතරේ මම සිතුවෙමි. යළි ඉක්මනින්ම නිවසට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you