ArtMisery ගැහැණු ආදරණීය නමුත් විටෙක උමතු හැසිරීම් සහිතයි

Misery ගැහැණු ආදරණීය නමුත් විටෙක උමතු හැසිරීම් සහිතයි

-

spot_img

Misery – ජීවිතය,සතුට – දුක – අභියෝග – ප්‍රශ්න – බාධක – අනපේක්ෂිත සිදුවීම් පිරුණු ගමනක්. ඒ තුළ සර්ව සම්පූර්ණ මිනිසුන් හෝ ගැහැණුන් නැහැ. සත්‍යය එය වුවත් අපි බොහෝමයක් දෙනා අපිට හමුවන පොතක, චිත්‍රපටයක,ටෙලි නාට්‍යයක ඇති කතන්දර තුළ පරිපූර්ණ චරිත සොයනවා. වීරයන්,අමරණීය මිනිසුන් සොයනවා. ඇතැම්විට ඔබ කැමති කතාවක අවසානය ඔබ බලාපොරොත්තු නොවූ විදිහේ එකක් වූ විට ඔබ ඒ කතාවේ අයිතිකරුට බැණ වදිනවා ඇති. කොහොමවුණත්,කතාවක සම්පූර්ණ අයිතිය එහි නිර්මාණකරුට හිමියි. අපි එය රසවිඳින්නන් පමණයි.

Paul Sheldon කියන්නෙ සුප්‍රකට නවකතාකරුවෙක්. ඔහු විසින් ලියූ,Misery Chastain නම් චරිතය සිටින රොමාන්තික කතා මාලාවට පාඨකයන් වශීවී සිටියා. නමුත් මේ වනවිට ආදර කතා ලිවීම Paul ට නීරස දෙයක් වී තිබුණා. අධික හිමපතනයක් තිබූ දිනයක,තම අලුත්ම කතාවේ අත්පිටපතක් සමගින් නිව්යෝක් නගරය බලා ගමන් කරමින් සිටින Paul Sheldon රිය අනතුරකට පත් වෙනවා. පාළු ප්‍රදේශයකදී අනතුරට පත්වී ඇති ඔහුව Annie Wilkes නම් හෙදියගේ නෙත ගැටෙන අතර Annie ඔහුව තම නිවසට රැගෙන යනවා.

Misery

තමාට මේ හමුව ඇත්තේ Paul Sheldon බව දකින ඇයට දැනෙන්නේ පුදුමාකාර සතුටක්. ඇය ඔහුගේ කතාවලට වශීවී සිටි තැනැත්තියක්. අනතුර නිසාවෙන් කකුල් දෙක කැඩී සිටින ඔහුට ඇය ප්‍රතිකාර කරනවා. Annie තනිවම ජීවත්වෙන කෙනෙක්. කෑම,බීම,බෙහෙත්,ප්‍රතිකාර සමගින් ඇය ඔහුව රැකබලා ගන්නේ කාරුණික ලෙසින්.

“I am your number one fan”

Miseryඇය ඔහුට පවසන්නේ ආඩම්බරයෙන්. Annie නිරතුරුව ඔහුගේ ලිවීම් ගැන ප්‍රංශංසා කරනවා. Paul ට සුවවන තුරු ඔහුව බලාගැනීමට පොරොන්දු වෙනවා. ඇය ගැන පැහැදෙන සුප්‍රකට ලේඛකයා තම ඊළඟ කතාවේ අත් පිටපත ඇයට කියවා බැලීමට දෙනවා. එක් රාත්‍රියක ඇය ඔහුගේ නවතම Misery කතාවේ අත්පිටපත කියවා බලන අතර කතාව අවසානයේ Misery Chastain චරිතය මියයන වග දැනගන්නවා. එය දැනගැනීමත් සමගින් තමාව පාලනය කර ගැනීමට නොහැකි තරමට ඇය කෝපයෙන් වියරු වැටෙනවා.

කතාවේ අත්පිටපත පුළුස්සා දමන ලෙස Annie ඔහුට බල කරනවා. Misery Chastain චරිතයට නැවත පණ ලබා දෙමින් අළුත් කතාවක් ලියන ලෙස ඇය අණ කර සිටිනවා. ඔහු ඇයගේ නවාතැන තුළ සිරවී අවසන්. ඔහු ගැන කාටවත් කිසිවක් පවසන්නේ නැතිව ඔහුව මෙහි සිරකර තබන බවට ඇය තර්ජනය කරනවා. තවම ඇවිදගැනීමටවත් නොහැකිව සිටින ඔහු මෙතනින් පැන යාමට කරන උත්සාහයන් හැම එකක්ම වාගේ නිෂ්ඵල වෙනවා. Annie Wilkes යනු ඉතාම සූක්ෂම ගැහැණියක්. ඇය නිවසේ නොමැති අවස්ථාවක රෝද පුටුවෙන් නිවස පුරා ගමන් කරමින් සිටින Paul ට Annie ගේ මතක සටහන් රැගත් පොතක් හමුවෙනවා.

Misery

Annie ගේ අතීත මතක සටහන්,පිංතුර,සාක්ෂි සමගින්. Annie Wilkes යනු මින් පෙර ඈ සේවය කළ රෝහල් වල සිදුවූ බිළිඳු ඝාතන සම්බන්ධයෙන් චෝදනා ලත් ගැහැණියක් බව Paul Sheldon දැනගන්නවා.

තමා උමතු ස්ත්‍රියකගේ ග්‍රහණයට හසුවී ඇතිවග වටහා ගන්නා විට ඔහු ප්‍රමාද වැඩිද? පලා යාමේ ඔහුගේ උත්සාහයන් සාර්ථක වෙයිද? මේ අතර පිටත ලෝකයද අතුරුදන් වූ ලේඛකයාව සොයමින් සිටිනවා.

ගැහැණුන් ආදරණීයයි. පිරිමින්ගේ සටකපට වදන්වලට ඉක්මනින්ම රැවටෙන සුළුයි. ආත්මාර්ථකාමියි. විටෙක උමතු හැසිරීම් සහිතයි. පිරිමින් ආදරය ලැබීමට ප්‍රිය නමුත් නිදහසේ සිටීමට කැමතියි. හමුවීමක අවසානය කුමක් වූවත් බැඳීමක් ඇතිකරගත් පසුව එය සිතෙන් මැකී යන්නේ නැහැ. Misery (1990) මේ කතාවේ Paul සහ Annie යන චරිතයන් තුළින් ගැහැණුන් සහ පිරිමින් සතුවන මනෝභාවයන්,ඔවුන්ට පොදු වූ ගති ස්වභාවයන් නිරූපණය වන අන්දම අපූරුයි.

MiseryMisery

අමෙරිකානු ලේඛක Stephen King ගේ Misery නවකතාව ඇසුරෙන් නිමවූ Misery සිනමාපටය අපූරු අත්දැකීමක්. මෙහි අධ්‍යක්ෂණය Rob Reiner විසින්. James Caan සහ Kathy Bates ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වෙනවා. Annie Wilkes ලෙසින් සිදුකළ විශිෂ්ඨ රංගනය සඳහා 63 වැනි ඇකඩමි සම්මාන උළෙලේ හොඳම නිළිය සඳහා වන සම්මානයෙන් Kathy Bates පිදුම් ලැබුවා.

Latest news

වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම රජයේ මූලික ප්‍රතිපත්තිමය කැපවීමයි

කොළඹ LNW: ශ්‍රමය සඳහා ලැබිය යුතු නිසි ගෞරවය ලබාදීම සහ සියලු වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වත්මන් රජයේ මූලික ප්‍රතිපත්තිමය...

විදුලි ගාස්තු කීයකින් වැඩි වෙයිද?

විදුලි ගාස්තු කීයකින් වැඩි වෙයිද? සංශෝධිත විදුලි ගාස්තු පිළිබඳ තීරණය මැයි මස 9 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බැව් ශ්‍රී...

අල්ලස් දඩයක්කරුවන් දඩයම් කිරීමේ ඛේදවාචකය

කොන්දේසි විරහිතව දූෂණය පිටුදකින බවට කටමැද දොඩා බලයට පැමිණි AKD ගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගය (NPP), දැන් අඛණ්ඩ...

හෑෂ් සහ කුෂ් ගෙනා භික්ෂූන්ට අත්වන ඉරණම

හෑෂ් සහ කුෂ් ගෙනා භික්ෂූන්ට අත්වන ඉරණමගුවන්තොටුපොළේ දී භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහානායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා මත...
- Advertisement -spot_img

රත් දෝතළු – 80

රත් දෝතළු - 80 අහස් සමඟ මා මුහුණ පා ඇති ගැටළුව මම නොවළහා පැවසුවෙමි. ඔහු නිහඬවම අසා සිටියේ මට බාධා...

Time Loop යනු සැබෑවක්ද?

Time Loop යනු සැබෑවක්ද? - Sambhavam Adhyayam Onnu පසුගිය මාර්තු මස තිරගත වීම ඇරඹූ Sambhavam Adhyayam Onnu වෙනස්ම කතා තේමාවක්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you