ArtPasses Away මිලින වී ගිය සාහිත කුසුම්!

Passes Away මිලින වී ගිය සාහිත කුසුම්!

-

spot_img

Passes Away – ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල,පළපුරුදු ප්‍රවීන ලේඛිකාවන් දෙපලක් සිය දිවි සැරිය නිම කොට තිබේ. ඒ, අනුල ද සිල්වා සහ සෝමා ටී. පෙරේරා යන මහත්මීන්ය. ඔවුන් දෙදෙනාගේම ඇති විශේෂත්වය වන්නේ පුවත්පත් කලාවේදිනියන් ලෙස කටයුතු කර තිබීම සහ විශිෂ්ට ඝනයේ පරිවර්තිකාවන් වීමය.

1941 ජනවාරි 27 දින අම්බලන්ගොඩ පොල්වත්ත ප්‍රදේශයේ උපත ලැබූ අනුල ද සිල්වා මහත්මිය 1941 වසරේදී සිය ප්‍රථම නවකතාව වන “උන්මන්තකයෝ” පාඨකයන් අතට පත් කළාය. ගුරුවරියක වශයෙන් ද කටයුතු කළ ඇය මිහිර ළමා පුවත්පත ඇතුළු පුවත්පත් අටක සේවය කර තිබුණාය. මායා බන්ධන,උත්තම ගැහැණු,නන්ද හා සරණ,තිත්ත කෝපි,දෙවියන්ගේ අඩවිය,මාතුබී මමයි,සමනළ හාදුව,අසම්මතය,කොන් කළ දෝණි,පාතාල ප්‍රේමය,අහස් මාළිගා,අත්තටු මැවිලා ඇගේ කෘතීන් අතරින් කිහිපයකි. අනුල ද සිල්වා මහත්මිය විසින් ශ්‍රී ලාංකික පාඨකයන්ට දායාද කළ කෘතීන් සංඛ්‍යාව 125 කට අධිකය. ඇය මියයන විට 82 වන වියෙහි පසුවූවාය.

Passes Away

Passes Away

1946 වර්ෂයේ දකුණේ බෙලිඅත්ත ප්‍රදේශයේ උපත ලද ඇය කුමරි,අරලිය,සඳරේණු,යුවතිපති වැනි යොවුන් සහ කාන්තා පුවත්පත් තුළින් පාඨකයන්ට සමීප වූවාය. සුදු හාමිනේ,හේමන්ත,නොපිරූ පිරුම්,ඉර හඳ යට හමුවී ඇගේ කෘතීන් අතරින් කිහිපයකි. ඇය විශ්ව සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨතම කෘතීන් රැසකම පරිවර්තන පාඨකයන්ට තිළිණ කළ ලේඛිකාවකි. ඇනා කැරනිනා,ජේන් අයර්,ඔලිවර් ට්විස්ට්,මහල්ලා සහ මුහුද ඒ අතරින් කිහිපයකි. ඇය මියයන විට 77 වන වියෙහි පසුවූවාය.

Passes AwayPasses Away

Latest news

ඩෙංගු මරණ අනුපාතය ඉහළට රටේ රෝහල් ධාරිතාව පහළට

ඩෙංගු මරණ අනුපාතය ඉහළට රටේ රෝහල් ධාරිතාව පහළට ඩෙංගු රෝගය මැඩලීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන ජාතික ඩෙංගු මර්දන සතිය  ඊයේ (15)...

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම 7.3%කින් පහළ වැටිලා

මෙරට රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රයේ අපනයන ආදායම 2026 වසරේ මුල් මාස හතර තුළ පහත වැටී ඇති බව ශ්‍රී ලංකා...

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...
- Advertisement -spot_img

ලොකු අයියලා පොඩිවෙන හැටි

ලොකු අයියලා පොඩිවෙන හැටි සාමාන්‍ය ව්‍යවහාරයේ පවුලක සෙසු සාමාජිකයින් "ලොකු අයියා" යැයි කියනුයේ තම පවුලේ වැඩිමහල් සහෝදරයාට ය. එකළ ඒ...

නීති තර්ක විශ්‍රාම යවා නීතිය නැවීම

නීති තර්ක විශ්‍රාම යවා නීතිය නැවීම ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම සම්බන්ධව කිරීමට නියමිත ව්‍යවස්ථාවේ සංශෝධනයක් ගැන...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you