NewsLucy Letby බිළිඳුන් අට දෙනෙකු ඝාතනය කළ හෙදියක්

Lucy Letby බිළිඳුන් අට දෙනෙකු ඝාතනය කළ හෙදියක්

-

spot_img

Lucy Letby නම් හෙදිය බිළිඳුන් අට දෙනෙකු ඝාතනය කිරීමේ වරදට වරදකරු වූ අතර ඇයට හිමි දඬුවම් නියම කිරීමට නියමිතය, ඇය වර්තමානයේ එක්සත් රාජධානිය තුළ වඩාත්ම කතාබහට ලක්වන ළමා දාම ඝාතකයා ලෙස හැදින්වේ.

33 හැවිරිදි වියේ පසුවන ඇය Chester රෝහලේ තවත් බිලිඳුන් 6 දෙනෙකු ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන්ද වරදකරු විය. එක්සත් රාජධානියේ දීර්ඝතම කාලයක් විභාග කෙරුණු මිනි මැරුම් නඩුව ලෙස සැළකෙන මෙම නඩුව මාස 10 කට වඩා වැඩි කාලයක් විභාග කෙරුණි. නඩු විභාගය සදහා උසාවියට පැමිණීම ප්‍රතික්ෂේප කළ අපරාධකාරිය එය video තාක්ෂණය ඔස්සේ නැරඹීමද ප්‍රතික්ෂේප කළාය, Manchester අධිකරණය ඇය උසාවියට නොපැමිණීමට හේතු ප්‍රකාශ නොකළ බව ඇයගේ නීති කණ්ඩායම ප්‍රකාශ කර තිබේ. ඇය නඩු විභාගයට පෙනී නොසිටියහොත්, වින්දිත පවුල්වල ප්‍රකාශ ඇයට ඇසෙන්නේ නැත – එමෙන්ම අපරාධය නිසා ඔවුන්ට සහ ඔවුන්ගේ සමීපතමයන්ට ඇති වූ බලපෑම ගැන උසාවියට පැවසීමටද ඔවුන්ට අවස්ථාවක් ලැබේ. එමෙන්ම විනිසුරු James Goss මහතා දඩුවම දීර්ඝ වීමට සහ ලබාදෙන දඩුවම පිළිබද කරන ප්‍රකාශයන්ද ඇයට නොඇසෙනු ඇත.

Lucy Letby

Letby – 2015 ජූනි සහ 2016 ජූනි අතර කාලය තුළ මෙම ඝාතනයන් සිදු කර ඇත්තේ, ළදරුවන්ට එන්නත් කිරීම මගින්, බලහත්කාරයෙන් කිරි පෙවීම මගින් සහ ළදරුවන් දෙදෙනෙකුට විෂ කළ ඉන්සියුලින් ලබා දීම මගින් බව සිකුරාදා උසාවියේදී ප්‍රකාශ කෙරුණු අතර ඇය එයට සහභාගී නොවුවාය. අගෝස්තු 8 වෙනිදා පැය 76 ක සාකච්ජාවකින් පසුව ජූරියේ ප්‍රධානියා විසින් පළමු තීන්දුව ලබා දුන් අවස්ථාවේ ඇය කදුළු සැලූ බවද සදහන් වේ. අගෝස්තු 11 වනදා දෙවන තීන්දුව ලබා දෙන විටද ඇය හඩා වැටී තිබේ.

Lucy Letby

දඩුවම ප්‍රකාශ කරන විට වරදකරුවන් උසාවියේ සිටීම අනිවාර්ය කර නව නීති සැකසීමටද මේ වන විට කටයුතු කරන බව වාර්තා වන්නේ ඇය සිය තීන්දුව ප්‍රකාශ කරන මොහොතේ උසාවියට පැමිණ නොසිටි නිසා බවද සදහන් වේ. හිටපු බන්ධනාගාර කොමසාරිස්, මහාචාර්ය Ian Acheson බී.බී.සී යට පැවසුවේ, “ඔවුන් හානි සිදු කළ පුද්ගලයන් ඉදිරියේ වරදකරුවන්ට දඩුවම් ලබා දීමේ බලය උසාවි විනිසුරුවන්ට තිබිය යුතු” බවය. දඩුවම් ලබා දෙන අවස්ථාවේ විත්තිකරුවන් උසාවියේ පෙනී සිටීම අනිවාර්ය කර නීති සම්පාදනයට තමන් කැප වී සිටින බවද රජය පැවසීය. හිටපු අධිකරණ ලේකම් ශ්‍රීමත් Robert Buckland ආණ්ඩුවේ නිවේදනයට සහය දක්වමින් ප්‍රකාශ කළේ, විත්තිකරුවන් විත්ති කූඩුවේ පෙනී සිටීම ප්‍රතික්ෂේප කළහොත්, දිගු සිර දඬුවම් ලැබීම වැනි දැඩි ප්‍රතිවිපාකවලට ඔවුන් ලක් කළ යුතු බවයි.

-BBC News ඇසුරෙනි-

Photo Credit: foxnews.com /smailjoystv.com

Latest news

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල්

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල් කොළඹ මහල් නිවාස විසි හතම අපායන් බවත් ඒවා මිනිසුන්ට ජීවත් විය හැකි පරිදි සකස්...

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්?

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්? රජයේ ආර්ථික කළමනාකරණය ගැන විශ්වාසය ගිලිහී යෑම නිසා රුපියල මත පවතින පීඩනය තවදුරටත් ඉහළ යා හැකි...
- Advertisement -spot_img

ඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ

ඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ - Ananya Panday අනන්‍යා පාණ්ඩේ යනු සමකාලීන බොලිවුඩයේ වඩාත්ම ජනප්‍රිය නිළියන්ගෙන් කෙනෙකි. ඉන්දීය...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you