NewsTurkey බස් අනතුරකින්12 දෙනෙකු මියයයි

Turkey බස් අනතුරකින්12 දෙනෙකු මියයයි

-

spot_img

Turkey – මධ්‍යම තුර්කියේ Yozgat ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවු අනතුරකින් පුද්ගලයන් 12 දෙනෙකු මිය ගොස් තවත් 19 දෙනෙකු තුවාල ලැබු බව වාර්තා වෙයි. බස් රථයේ රියදුරුට වාහනය පාලනය කර ගත නොහැකි වීමෙන් මෙම අනතුර සිදුවු බව ආණ්ඩුකාර Mehmet Ali Ozkan මහතා පැවසීය. බස්රථය Istanbul දක්වා ගමන් කර තිබූ අතර අනතුර සිදුව ඇත්තේ ගමන් ආරම්භ කළ Sivas සිට 240km පමණ නැගෙනහිරින් පිහිටි Yozgat ආසන්නයේදිය. අනතුර සිදුවු ස්ථානයේදීම පුද්ගලයන් 11 දෙනෙකු මිය ගිය අතර එක් අයෙක් රෝහල්ගත කළ පසුව මිය ගිය බවද Ozkan මහතා වැඩි දුරටත් සදහන් කළේය. තුවාල ලැබූවන් අවට රෝහල් වල ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවද වාර්තා වෙයි. අනතුරට හේතුව විමර්ශනය කරමින් පවතින බවත්, එය රියදුරුගේ “නොසැළකිලිමත්කමේ” ප්‍රතිපලයක් ලෙස පෙනෙන බවත් Ozkan මහතා වැඩි දුරටත් පවසා සිටියේය.

-ABC News ඇසුරෙනි-

photo Credit: ABC News

Latest news

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක්

පොල් වගාව ගොඩ ගන්න එක පොල් ගහකට රුපියල් 200ක් පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම...

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...
- Advertisement -spot_img

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව

කාලයක් මං කෙල්ලෙක්ට සීරියස් ආදරෙයි කියල හිතුව - Jack Nicholson ඔහු හොලිවුඩ් සිනමාවේ විශිෂ්ටතම නළුවකු පමණක්ම නොව හොලිවුඩයේ එක්තරා යුගයක...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you