InterviewsShruti Haasan ගැහැණු කැමතියි තමන්ගෙ පෙනුමට අවධානය ලැබෙනවට

Shruti Haasan ගැහැණු කැමතියි තමන්ගෙ පෙනුමට අවධානය ලැබෙනවට

-

spot_img
Shruti Haasan උපත ලබනුයේ ඉන්දීය සුපිරි නළු කමල් හාසන්ගේ දියණිය ලෙසයි. එහෙත් ඇය සිනමාව තුළ තමන්ගේම අනන්‍යතාවයක් ගොඩනඟා ගන්නට සමත්වූ රංගන ශිල්පිණියක්. රංගනය පිළිබඳව දෙස් විදෙස් අත්දැකීම් සතු ඇය, මේ දිනවල රංගනයෙන් තරමක් දුරට ඈත් වී සිටියත් ඉන්දියානු සිනමාව තුළ ඇගේ රංගන කෞශල්‍යය තවමත් කතාබහට ලක්වෙනවා. මේ ඇය සමගින් Square Mile සිදුකළ කතාබහක්.
• සිනමා පුරාවෘත්තයකගේ දුවක් වීම මොනවගේ අත්දැකීමක් ද?

ඒ නිසා මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. අපේ ගෙදර ඇදහිය නොහැකි තරම් කලාත්මකයි. එහි නිතර සුපිරි තරු,කලාවට සම්බන්ධ මිතුරු මිතුරියන් ගැවසුණා. කලාත්මක සංවාද වලින් අපේ නිවස පිරී තිබුණා. එය අපූරු අත්දැකීමක්.

Shruti HussanShruti Hussan

• ඉතින් ඔබටත් අවශ්‍ය වුණා කලාවට සම්බන්ධ වෙන්න?

නැහැ. මට ඕන උනේ නීතීඥවරියක් වෙන්න. කලා පසුබිමක නීතීඥවරියක් වෙන්න උත්සාහ කිරීම කැරළිකාරී දෙයක්. කොහොමහරි ටිකෙන් ටික මගේ ඒ ආශාව මැකිලා ගියා. මං හිතන්නේ කලාවට පිවිසීමට මම ආශිර්වාද ලබලා තිබුණා. කලාවට පිවිසීම හරිම දුෂ්කරයි කියන දේ බාහිර ලෝකයෙන් නිතරම අහන්නට ලැබෙනවා. මගේ දෙමව්පියන්ට අමතරව ගුරුවරුන් සහ යහළුවන් මාව දිරිමත් කළා.

• ඔබ භාෂා කිහිපයකින්ම නිපදවුණු චිත්‍රපටවල රඟපාලා තිබෙනවා. එය අභියෝගයක් නෙවෙයිද?

ඉන්දියාව කියන්නෙ කුඩා රටවල් රාශියක් එකට එකතු වූ තැනක්. සමහර භාෂා සමානයි. සමහර ඒවා එකිනෙකට වෙනස්. අපේ ගෙදර භාෂා දෙකක් කතා කළා. රංගනයට පිවිසුණාට පස්සෙ මම තවත් භාෂාවක් ඉගෙන ගත්තා. එය දුෂ්කර දෙයක්. නමුත් භාෂාවක් ඉගෙන ගැනීම විශිෂ්ට අත්දැකීමක්.

 

• විවේචන ගැන මොකද හිතන්නේ?

ගැහැණියකගේ පෙනුම ගැන තමයි මිනිස්සු මුලින් අවධානය යොමු කරන්නේ. ගැහැණුත් කැමතියි ඒ අවධානය ලබා ගන්න. පෙනුම වෙනස් කරන්න. පවත්වාගන්න. පෙනුම කියන්නෙ කාන්තාවකගෙ වෘත්තියේම කොටසක්. කොහොම වුණත් මිනිස්සුන්ට,විචාරකයන්ට සහ මාධ්‍යවලට ඕනම දෙයක් කියන්න දීලා ඒවා නොසලකා හැරලා මම වැඩ කරනවා.

• ඉදිරි සැලසුම් මොනවාද?

මම නිළියක් වුණේ වැරදීමකින්. මම හිතුවෙ මම අධ්‍යක්ෂකවරියක් වෙයි කියලා. ඉතින් මම මට පුළුවන් හැම දෙයක්ම කරන්න උත්සාහ කරනවා. සංගීත ක්ෂේත්‍රය ගැනත් මගේ ලොකු උනන්දුවක් තියෙනවා

Shruti HaasanShruti Haasan

 

Latest news

රන් භාණ්ඩ හා වාහන ණය සඳහා සීමා

රන් භාණ්ඩ හා වාහන ණය සඳහා සීමා  රත්තරන් බඩු උකස් කර ණය ලබා ගැනීමේදී සහ වාහනයක් මිලට ගැනීමට ණය පහසුකමක්...

මෙනින්ජයිටීස් රෝගීන්ගේ ව්‍යාප්තිය ඉහළ යයි

මෙනින්ජයිටීස් රෝගීන්ගේ ව්‍යාප්තිය ඉහළ යයි - Meningitis මොළය වටා ඇති මෙනින්ජීස් නමැති පටලවල ඇතිවන ආසාදන තත්වය අනුව වයිරස්, බැක්ටීරියා සහ...

ඩොලරය සමඟ බඩු මිලත් අහස උසට

ඩොලරය සමඟ බඩු මිලත් අහස උසට - Rupee depreciation ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල වේගයෙන් අවප්‍රමාණය වීම නිසා අත්‍යවශ්‍ය...

සයිබර් අපරාධ සීඝ්‍රයෙන් ඉහළට

සයිබර් අපරාධ සීඝ්‍රයෙන් ඉහළට දිනෙන්  දින වැඩිවෙමින් පවතින සයිබර් අපරාධ හමුවේ ඒ සම්බන්ධයෙන් වන මහජන පැමිණිලිද වැඩි වෙමින් පවතින බව...
- Advertisement -spot_img

මෙනින්ජයිටීස් රෝගීන්ගේ ව්‍යාප්තිය ඉහළ යයි

මෙනින්ජයිටීස් රෝගීන්ගේ ව්‍යාප්තිය ඉහළ යයි - Meningitis මොළය වටා ඇති මෙනින්ජීස් නමැති පටලවල ඇතිවන ආසාදන තත්වය අනුව වයිරස්, බැක්ටීරියා සහ...

පැලවත්තේ පැළ මගඩිය

පැලවත්තේ පැළ මගඩිය - Clean Sri Lanka ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ පළාත්, දිස්ත්‍රික්ක සහ ප්‍රාදේශීය මට්ටමින් සම්බන්ධීකාරකවරුන් පත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you