More
    spot_img
    InterviewsShruti Haasan ගැහැණු කැමතියි තමන්ගෙ පෙනුමට අවධානය ලැබෙනවට

    Shruti Haasan ගැහැණු කැමතියි තමන්ගෙ පෙනුමට අවධානය ලැබෙනවට

    -

    spot_img
    Shruti Haasan උපත ලබනුයේ ඉන්දීය සුපිරි නළු කමල් හාසන්ගේ දියණිය ලෙසයි. එහෙත් ඇය සිනමාව තුළ තමන්ගේම අනන්‍යතාවයක් ගොඩනඟා ගන්නට සමත්වූ රංගන ශිල්පිණියක්. රංගනය පිළිබඳව දෙස් විදෙස් අත්දැකීම් සතු ඇය, මේ දිනවල රංගනයෙන් තරමක් දුරට ඈත් වී සිටියත් ඉන්දියානු සිනමාව තුළ ඇගේ රංගන කෞශල්‍යය තවමත් කතාබහට ලක්වෙනවා. මේ ඇය සමගින් Square Mile සිදුකළ කතාබහක්.
    • සිනමා පුරාවෘත්තයකගේ දුවක් වීම මොනවගේ අත්දැකීමක් ද?

    ඒ නිසා මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. අපේ ගෙදර ඇදහිය නොහැකි තරම් කලාත්මකයි. එහි නිතර සුපිරි තරු,කලාවට සම්බන්ධ මිතුරු මිතුරියන් ගැවසුණා. කලාත්මක සංවාද වලින් අපේ නිවස පිරී තිබුණා. එය අපූරු අත්දැකීමක්.

    Shruti HussanShruti Hussan

    • ඉතින් ඔබටත් අවශ්‍ය වුණා කලාවට සම්බන්ධ වෙන්න?

    නැහැ. මට ඕන උනේ නීතීඥවරියක් වෙන්න. කලා පසුබිමක නීතීඥවරියක් වෙන්න උත්සාහ කිරීම කැරළිකාරී දෙයක්. කොහොමහරි ටිකෙන් ටික මගේ ඒ ආශාව මැකිලා ගියා. මං හිතන්නේ කලාවට පිවිසීමට මම ආශිර්වාද ලබලා තිබුණා. කලාවට පිවිසීම හරිම දුෂ්කරයි කියන දේ බාහිර ලෝකයෙන් නිතරම අහන්නට ලැබෙනවා. මගේ දෙමව්පියන්ට අමතරව ගුරුවරුන් සහ යහළුවන් මාව දිරිමත් කළා.

    • ඔබ භාෂා කිහිපයකින්ම නිපදවුණු චිත්‍රපටවල රඟපාලා තිබෙනවා. එය අභියෝගයක් නෙවෙයිද?

    ඉන්දියාව කියන්නෙ කුඩා රටවල් රාශියක් එකට එකතු වූ තැනක්. සමහර භාෂා සමානයි. සමහර ඒවා එකිනෙකට වෙනස්. අපේ ගෙදර භාෂා දෙකක් කතා කළා. රංගනයට පිවිසුණාට පස්සෙ මම තවත් භාෂාවක් ඉගෙන ගත්තා. එය දුෂ්කර දෙයක්. නමුත් භාෂාවක් ඉගෙන ගැනීම විශිෂ්ට අත්දැකීමක්.

     

    • විවේචන ගැන මොකද හිතන්නේ?

    ගැහැණියකගේ පෙනුම ගැන තමයි මිනිස්සු මුලින් අවධානය යොමු කරන්නේ. ගැහැණුත් කැමතියි ඒ අවධානය ලබා ගන්න. පෙනුම වෙනස් කරන්න. පවත්වාගන්න. පෙනුම කියන්නෙ කාන්තාවකගෙ වෘත්තියේම කොටසක්. කොහොම වුණත් මිනිස්සුන්ට,විචාරකයන්ට සහ මාධ්‍යවලට ඕනම දෙයක් කියන්න දීලා ඒවා නොසලකා හැරලා මම වැඩ කරනවා.

    • ඉදිරි සැලසුම් මොනවාද?

    මම නිළියක් වුණේ වැරදීමකින්. මම හිතුවෙ මම අධ්‍යක්ෂකවරියක් වෙයි කියලා. ඉතින් මම මට පුළුවන් හැම දෙයක්ම කරන්න උත්සාහ කරනවා. සංගීත ක්ෂේත්‍රය ගැනත් මගේ ලොකු උනන්දුවක් තියෙනවා

    Shruti HaasanShruti Haasan

     

    Latest news

    Liquor අද සිට මත්පැන් බෝතල් සහ කෑන් සඳහා නිෂ්පාදිත දිනය අනිවාර්යයි

    Liquor - ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කෙරෙන සියලුම මත්පැන් බෝතල් වල හා කෑන් වල නිෂ්පාදිත දිනය ඇතුළත් කිරීම අද...

    IPL 2025 – ඊයේ තරගයේ ජය Mumbai Indians කණ්ඩායමට

    IPL 2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (31) Mumbai Indians හා Kolkata Knight Riders කණ්ඩ‍ායම් අතර පැවති...

    Accident – දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය අනතුරක්

      Accident - දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම ප්‍රදේශයේදී අද (01) උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයින් හතරදෙනෙකු තුවාල ලබා තිබෙනවා. ලොරි රථ දෙකක්,...

    Milk tea කිරි තේ මිල ඉහලට

    Milk tea - කිරි තේ කෝප්පයක මිල අද (01) සිට රුපියල් 10කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව සමස්ත...
    - Advertisement -spot_img

    Milk tea කිරි තේ මිල ඉහලට

    Milk tea - කිරි තේ කෝප්පයක මිල අද (01) සිට රුපියල් 10කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව සමස්ත...

    Ceypetco Revisea fuel prices – Ceypetco ඉන්ධනවල මිල සංශෝධනය කරේ

    Ceypetco revisea fuel prices - ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    <p>You cannot copy content of this page</p>