More
    NovelsMandaramen EhaMandaramen Eha - 24 මන්දාරමෙන් එහා

    Mandaramen Eha – 24 මන්දාරමෙන් එහා

    -

    spot_img

    Mandaramen Eha – බුදුරුවකන්ද හන්දියේ සිට කැලේගම මාර්ගයේ පළමු මීටර් පන්සියය දිස්වන්නේ ක්‍රමයෙන් උස්ව නැගෙන කඳු මුදුනක ස්වාභාවයකිනි. කඳු මුදුනේ සිට පාළුගම ගම ඇරඹෙයි. සීඝ්‍ර බෑවුම සහිත ඉතිරි මීටර් පන්සියය අවසන් වනවාත් සමඟම රළු බොරළු සහිත මාර්ගය අවසන් වී එරෙන වැලි සහිත තැනිතලා මාර්ගය ඇරඹේ. එම ආරම්භයේදීම දැකගත හැකිවන්නේ මාර්ගයට අඩකුත්, වෙල් යායට අඩකුත් අතුපතර විහිඳී ගිය දැවැන්ත නුගයකි. නුගය පාමුල සෘජුකෝනාස්‍ර හැඩයේ මදින ලදැයි සිතිය හැකි විශාල කලු ගලක් වෙයි. එම කලු ගල වටා බිඳී ගිය පොල් කැබලි සහ කටු විසිර තිබේ. ඉතා පැරණි අතීතයකට නෑකම් කියතැයි සිතෙන නුග මුල් සහ වැල් මත සුදු රෙදි කඩවල ඔතන ලද පඬුරු ගැටගසා ඇත. ගස් රිකිලි මත එල්ලූ ඇතැම් කොල අතු වියලී ගොස්‍ ඇති අතර, මීට මොහොතකට කලින් එල්ලුවායැයි සිතිය හැකි අමු කොල ඉතිද පෙනෙන්නට තිබේ. ගම්මුන් මෙම ස්ථානය හඳුන්වනු ලබන්නේ “සංහිඳ” යන නමිනි. සංහිඳ ඉදිරියෙන් ගමන් කරන්නෝ ඊට ආචාර කොට මිස එම නුගය පසු නොකරති. සිය හිස් වැසුම්, පාවහන් ගලවා ඒ හරහා ගමන් කරනවා මෙන්ම, පා පැදිවල ගමන් කරන්නන් ඉන් බැස පාපැදි තල්ලු කරගෙන යති. ඉඳහිට යතුරු පැදියක එතැනින් ඉගිලෙනා නාඹර කොලු ගැටයෙකු වුවද, සිය පසුපස පෙදෙස ආසනයෙන් ඔසවා ඊට ආචාර කරනු දක්නට ලැබේ. පාළුගම වැව ඇත්තේ සංහිඳට ඉදිරියෙනි. එම වැව පාළුගම ගමෙහි සීමාවයි. සංහිඳට විරුද්ධ දෙසින් ඇති දෙවැට දිවෙන්නේ වැව දෙසටයි. දෙවැටේ එක් පසෙක ඇත්තේ අක්කරයක පමණ භූමි භාගයකි. එහි හරි මැද නවීන පන්නයේ නිවසකි. නිවස දෙපස හිස් ඉඩකඩෙහි කුඩා පෝරණු කිහිපයකි. ඒවා පොල් අතු සෙවිලි කල වහලයකින් සමන්විතය. තැනෙක ඉතා දිග අට්ටාලයක් වෙයි. එය වහලයකින් පමණක් සමන්විත දෙපස ආවරණය නොකල එකකි. එම අට්ටාලය තුළ ගැහැණුන් සහ පිරිමින් මෙන්ම කුඩා දරුවන් කිහිප දෙනෙකුද සිටිනු පෙනේ. කුඩා දරුවන් අත් කරත්ත වලින් පදම් කල මැටි බෝල ගෙනවිත් සකපෝරුව අසල හලයි. ගැහැණුන් සකපෝරුව කරකවමින් විවිධ වර්ගයේ හැඩතල සහිත මැටි බඳුන් නිර්මාණයෙහි නිරත වන්නෝය. තවත් තැනෙක පිරිමින් කිහිප දෙනෙකු එසේ නිමවූ මැටි බඳුන් ලීයකින් සෑදූ මිටියක ආකාරයේ උපකරණයකින් තලමින් පදම් කරයි. තවත් පිරිසක් එසේ තලන ලද බඳුන් අව්වේ වියලෙන්නට දමති. එම මඩුව ඉදිරියේ දිගු කවාකාර පොල් අතු වහලක් සහිත ගැල් කිහිපයක් සහ පැරණි ලොරි භාගයක් නවතා තිබේ. වයෝවෘද්ධ ගැමියන් කිහිප දෙනෙකු ගැල්වල පිලිස්සූ මැටි බඳුන් පිදුරු යොදා අහුරති. කොහු ලණු ආධාරයෙන් ගැල් පිටත දෙපසේ මැටි බඳුන් එල්ලති. තරුණ ගැටව් කිහිප දෙනෙකු එක්ව ලොරි භාගයේ ඇතුලත සකස් කළ රාක්කවල විසිතුරු මැටි බඳුන් පිළිවෙලට අහුරමින් ඒවා සටහන් තබා ගනිති.

    “ලීටියා මාමා..”

    ගැල් අතරින් මතුවූ අදීෂ එසේ ඇමතුවේ පිලිස්සූ මැටි බඳුන් ගැලෙහි පිටත අමුණමින් සිටි වයෝවෘද්ධ ගැමියාටය.

    “කිරි පුතා…”

    ගැමියා සිය කසට බැඳුණු දත් විලිස්සා අදීෂ වෙත ආදරණීය සිනාවක් නැඟීය. අදීෂ ඔහු ඇමිණූ බඳුන් වැල පහලට ඇද එහි ශක්තිමත් බව පිරික්සීය.

    “මේ සැරේවත් පිරිමි ගැටේ දාලා තද කරහං මාමා..”

    “කපලා දැම්මොත් අහක, ලිහලා ගන්නවා සුම්මා පුතා..”

    “ගිය සැරෙත් උඔ ඔය වාක්‍යයම කියලා තමා බුදුරුවකන්දට යන්න කලින්ම කදක් බිම හැලුණේ මාමා..”

    එවර ගැමියාගේ මුවින් නැගුණේ බයාදු සිනහවකි.

    “මේ සැරේ උඔ කොයි පාරෙද මාමා..”

    “මං ගල්කල්ලෙ හන්දියෙන් ගිරිබාව පැත්තට පුතා..”

    “මතක් කරලා උයන,පිහන බඩු ටික පටවාගනිල්ලා මාමා…කඩවල්වලින් ගිලින්න තියාගන්නැතුව..”

    අදීෂ එසේ කියාගෙනම එතැනින් පිටව මැටි බඳුන් සැකසෙන දිගු මඩුව වෙතට ඇදුණේය. එහි තැනෙක ගොඩ ගැසූ අඩක් රත් පැහැයෙන් සහ ඉතිරි අඩ කලු පැහැයෙන් යුතු මැටි බඳුන් අසල නතර වූ ඔහු වටපිට බැලීය.

    “ගල්කල්ලෙ නැන්දා..”

    ඒ හඬට සකපෝරුව අසළ හුන් තලතුනා ගැහැණියක අදීෂ අසලට පැමිණියාය.

    “මේ සැරේ වළං දඹු ගහලා වැඩී වගේ නේහ්ං..”

    “පදමට ගිණි ගහලා නැති හැඩයි කිරි පුතේ..”

    “කවුද මේ පෝරණු බැලුවේ..”

    “මයෙ හිතේ ගණිතයෙ කොලුවා…”

    “එක රෑක් මුං එක්ක වැටිලා නොහිටියොත් විනාශයි..කසියා කෙලලා බුදියන්නැති කාළකණ්නි..”

    ගැහැණිය යමක් කියන්නට සැරසෙත්ම, සංහිඳ අසලින් දෙවැටට හැරවූ යතුරු පැදියක් සැර දමනු ඇසිණි. අදීෂ ගෙල උස්සා මොහොතක් එදෙසම බලා හුන්නේය.

    “ලක්මාලයා…” අදීෂගේ මුවින් පිටවූයේ විමතිය මුසු හඬකි.

    සිය තැපැල් නයින්ටි වර්ගයේ යතුරු පැදියෙන් ශාරික මහ කමත දෙසට යමින් සිටියේය. ඔහු දුරදීම මහ කමතේ කොහොඹ ගස යට නවතා තිබූ කාලිංගගේ මේට් ෆිෆ්ටි වර්ගයේ යතුරු පැදිය දුටුවේය. ඒ අසලින්ම සිය යතුරු පැදියද නැවතූ ඔහු වටපිටාව බැලූයේ කාලිංග කොහිදැයි නිශ්චය කරගැනීමටය. “බොග්” හඬින් යමක් දිරාපත් පිදුරු ගොඩ මත වැටිණි. කමත පසෙක ඇති කණාටු පොල් ගස දෙසත්, පිදුරු ගොඩ දෙසත් මාරුවෙන් මාරුවට බැලූ ශාරික වගා ළිඳ වෙතට පිය මැන්නේය. දිගු කලක් කැණීම් නවතා තිබූ හෙයින්, වගා ළිඳ වටා ඇති පස් කඳු ,කලු ගල් මෙන් දැඩිව තිබිණි. ඔහු කණුවකට බරදී ළිං පතුලට එබුණේය. පතුල නොපෙනෙන තරමේ ගැඹුරකට එය කැණීම් කර තිබුණද, දිය සීරාවක ලකුණකුදු පෙනෙන්නට නොවීය. ළිං පතුලේ කඹයෙන් එල්ලුණු දිරාගිය බාල්දියක් පමණක් වූයේය. තප්පර කීපයකින් බොලොක්කය දිගේ ඉබේ ඉහලට පැමිණි බාල්දිය ශාරිකගේ මුහුණට සමාන්තරව නතර විණි. ඊළඟ තප්පරයේ ඒ මත සටහන් වූයේ සිය මියගිය ලොකු මාමා වූ “ලෝකයා” ගේ මුහුණයි. ශාරික සැනෙන් පසුපසට පැන්නේය. ඔහුගේ ඇඟෙහි යමක් හැපුනෙන් ඔහු පිටුපස බැලීය. ඔහු අසල වුයේ කාලිංගයි. ශාරිකගේ මුහුණට සිනහවක් නැගිණි. එහෙත් ගිණි පිටවෙන දෑසීන් ශාරික දෙස බැලූ කාලිංග, සිය සරම කැහැකවා ගත්තේය.

    ” පරයා…”

    මහ හඬින් ගිගිරූ කාලිංග ශාරිකගේ උදරය පෙදෙසට පා පහරක් එල්ල කළේය. වටයක් කැරකැවී ශාරික වගා ළිඳ තුලට ඇද වැටුණේය.

    “ලොකූකූකූකූ…”

    නිවසේ ඉදිරි කොටසෙහි හාන්සි පුටුව මත ඇලවී හුන් හීන් බංඩාරමැණිකේ කෑ ගසාගෙන ඉන් නැඟී සිටියාය. තමා දුටුවේ සැබෑවක්ද, සිහිනයක්ද යන්න සැක හැර ගැනීමට මෙන් ඈ කිහිපවිටක් හිස දෙපසට ගැසුවාය. පරිසරය තිබුණේ මඳ ආලෝකයෙනි. සන්ධ්‍යාව එළඹ ඇතැයි ඇයට දැණුනාය. පමාවී දිවා ආහාරය ගෙන මෙහි දිගාවූවා ඇයට මතකය. කිසි දිනක දහවලේ නිදා නොගත් තමා සිහින දකින තරමේ නින්දක් මේ පුටුව මත ලැබුවේය යන්න ඇයට අදහාගත නොහැකි විය. මිදුලට බට ඈ කිහිප වරක් එහා, මෙහා ඇවිද්දාය. ගේට්ටුව අසලින් දුර අඩි තබා යන්නට සැරසෙන ජිල්බුව ඈ දුටුවේ අහම්බෙනි.

    “මේහ්ං..ළමයා…”

    ඒ හඬට ජිල්බූ හිටිවනම නතරවූයේ සරඹ සංදර්ශනයක නිශ්චල ජායාරූපයක් මෙන් දෑත්, දෙපා දෙපසට විහිදුවාගෙනය.

    “මෙහෙට්ට ආවනම් ඩිංගිත්තක්..”

    ජිල්බූ සිනාසුනා නොව, ආයාසයෙන් කට පළල් කළේය.

    “හූනා කියන්නැහැ ඔය කතා කරන්නෙනම් හොඳකට නෙවේ..”

    ඔහු තමාටම මුමුණා ගනිමින් ගොස් හීන් බංඩාරමැණිකේ අසළ හිටගෙන බයාදු ලෙස සිනාසුණේය.

    “කොහෙදෑ මේ ළහි ළහියේ..හරියට බැරිවෙච්චි මොනාහරි ගේන්ඩ යනවැහෙ..”

    “අපෙ මැණිකෙට කියන්ඩ ඕං..අර ටැට්ටර ගුණයා ඉන්නවා නේහ්ං..”

    ජිල්බූ කතාවට තාලය ඇල්ලූ ආකාරයට හිස සලමින් හීන් බංඩාරමැණිකේ ආදරණීයව සිනාසුනාය.

    “වංගියක් ඕකා මං ලව්වා කලු ගල් ටේලරයක්ම පටෝ ගත්තා…”

    “ඇත්තට…ඉතිං..”

    “රුපියල් දහයක් දෙනවය කියලා…ඒ දහය ගන්ඩ මං දැන් පනහක, හැටක ඌ ගාවට කකුල් ගාලා ඇති..දැනුත් මේ ඒ අහ යන ගමං..”

    “මේ තකහනියේ මොකටදෑ ඔය ළමයට කාසී ඕනැන්නේ..”

    “අර..කාලිය…මේහ්ං..ආ..කාලිංගයියට දෙන්ඩ නොවැ අපෙ මැණිකේ..”

    “මේ අපේ කාලිංග පුතාට..අර අහවල් කාරණේකටද..”

    “වෙන මොන කෙංගෙඩියකටද අපෙ මැණිකේ..රා මුට්ටියක් කෙලා බාලා…සරලා චුටිගෙ පලු..පලුලූලූලූ..”

    කියන්නට ගිය දෙයෙහි බරපතලකම තේරුණු හෙයින්දෝ, ජිල්බූ එහි අවසානය උත්තරයක් හදාගන්නා තෙක්‍ අදිමින් සිටියේය.

    “පාළුයි..බංඩාර මුත්තේ..වචනේ ආවා…සරලා චූටී නැතුව මටයි, කාලිංගයියටයි පාළුයි..”

    “ඉතිං කාසී ගෙනත් පාළුවට මක් කොරන්නද.”

    “අපි අර කාලිංගයියගෙ හුටුහුටුවෙ සරලා චූටී බලන්ඩ යන්ඩ කියල..”

    “කොච්චර හොඳද..මාත් එන්නදෑ යන්ඩ..”

    “අපෙ මැණිකෙ කොහෙ යන්ඩෙයි..ඒ හුටු හුටුවෙ දාන්ඩ ඇහැකි දෙකයි නොවැ…”

    “අපි ලොකූගෙ හුටු හුටුවත් ඇන්න යං..”

    “මේ කපේදී යන්ඩ වෙන්නෑ…ඕං කීවා ..”

    “ඒ මොකෑ..”

    “ඒ දොහේ අපේ කාලිංගයියයි පුංචි නිළමෙයි අලුත බැඳපු ජෝඩුව වගේ උන්නට දැන් එහෙම නෑ…”

    “ඒ කියව්වෙ..”

    “අපෙ මැණිකෙට කියන්ඩ..දැන් දෙන්න දෙමාල්ලො නයයි, මුගටියයි ගාන..මගතොටේ දැක්කා වුණත් භූමිතෙල් හලපු ගැරඬි ගානට ලිස්සලා යනවා…අනික..”

    ජිල්බූ දිගින් දිගටම කතා කරගෙන ගියද, මුල් වචන කිහිපයෙන් පසුව හීන් බංඩාරමැණිකේගේ අවධානය ඔහුගෙන් ගිලිහුණාය.

    “කෝ දැන් කාලිංග..”

    ජිල්බුගේ කියවිල්ල නතර වූයේ හීන් බංඩාරමැණිකේගේ මේ පැනයෙනි.

    “ඔය මොකක්දෝ මන්දා ගණුදෙනුවක් බේරගන්ඩ තියේය කියලා ගියේ..දෙකින් එකක් බේරගෙන මිසක එන්නැතය කියලා පාරම්බබා උන්නේ..”

    හීන් බංඩාරමැණිකේගේ හිත වේගයෙන් ගැහෙන්නට වූවාය. ජිල්බුගේ කතාවත්, තමා දුටු සිහිනයත් ඈ වහා සසඳන්නට වූවාය.

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 38

    රත් දෝතළු - 38 අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ...

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක්

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක් - Homebound සමහර මිතුරුකම් ලේ නෑකම්වලට වඩා ප්‍රභලයි. අම්මා තාත්තටත් වඩා හදවතට සමීපයි. යහළුවෙක්ට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page