NewsSmallest Bear මිනිස් හැසිරීම් සහිත ලොව කුඩාම වලසා

Smallest Bear මිනිස් හැසිරීම් සහිත ලොව කුඩාම වලසා

-

spot_img

Smallest Bear – මීට දින කිහිපයකට පෙර චීන සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ කුඩා වලසෙකුගේ වීඩියෝවක් ලොව පුරා කතාබහට ලක්වුවා. ඒ එම වලසාගේ හැසිරීම් මිනිසෙකුගේ ක්‍රියාකාරකම් වලට බෙහෙවින්ම සමාන වූ හෙයිනි. මෙම වීඩියෝව නිකුත් කර තිබුණේ නැගෙනහිර චීනයේ Hangzhou නම් සත්ව උද්‍යානයේ සිටි වලසෙකු පිළිබඳව වූ අතර ඔවුන් මෙම කුඩා වලසා හඳුන්වා තිබුණේ “ඇන්ජෙලා” යන නමිනි. මෙය වලසෙකු ලෙසින් සැරසී පෙනී සිටින මිනිසෙකුගේ වීඩියෝවක් බවට සැක පහල වෙමින් තිබියදී CNN පුවත් සේවය මෙම වලසා පිළිබඳව අනාවරණයක් කොට තිබුණා.

CNN පුවත් සේවයේ වාර්තාවට අනුව මෙම කුඩා වලසා ආසියාව තුළ සීග්‍රයෙන් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති “Sun bear” නමින් හඳුන්වන කුඩා වලස් වර්ගයක් බවට සත්ව සංරක්ෂකයින් අදහස් දක්වා තිබෙනවා. මිනිසෙකුගේ හැසිරීමට බොහෝ සෙයින් සමාන ක්‍රියාකාරකම් ඇතිවීම හේතුවෙන්ම සිද්ධ වන වරදවා වටහා ගැනීමත් මෙම සත්වයා වඳවී යෑමට එක් හේතුවක් වී ඇතැයි සත්ව සංරක්ෂකයින් පෙන්වා දෙනවා.

Smallest bear

එමෙන්ම එක රැයකින් ලෝකයේම අවධානයට ලක්වූ “ඇන්ජෙලා” නම් වලසා නිසා එම සත්ව වර්ගයා ආරක්ෂා කර ගැනීමට මාර්ගයක් විවර වූ බව සත්ව සංරක්ෂකයින් පෙන්වා දෙනවා. නීති විරෝධී සත්ව ජාවාරම්,දඩයම් හා වන විනාශයන් හේතුවෙන් මෙම හිරු වලසුන් දිනෙන් දින වඳවීමේ තර්ජනයට මුහුණ දෙන බවත් ඔවුන් පවසනවා. දිගු කාලයක් තිස්සේ මෙම වලසුන් පිළිබඳව පර්යේෂණ කරන මැලේසියානු ජීව විද්‍යාඥයෙකු වන Wong Siew පවසා තිබුණේ මෙම වීඩියෝව හේතුවෙන් හිරු වලසුන් පිළිබඳව විශාල කතිකාවතක් ඇතිවීම පිළිබඳව තමා ඉහමත් සතුටට පත්වූ බවයි.

-CNN ඇසුරෙනි-

Photo Credits – China Internet/Reddit.com

 

 

Latest news

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...
- Advertisement -spot_img

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ?

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ? ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනේම නැත. බේත් හේත් වුවද එසේමය. නිසි ප්‍රමාණය නිසි වෙලාව ඉක්මවා...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you