More
    spot_imgspot_imgspot_imgspot_img
    NewsNamal Rajapaksha නොගෙවූ මගුල් විදුලි බිල ගැන ලංවිමට...

    Namal Rajapaksha නොගෙවූ මගුල් විදුලි බිල ගැන ලංවිමට ලියයි

    -

    - Advertisment -spot_imgspot_imgspot_imgspot_img

    Namal Rajapaksha ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නමින් නොගෙවූ විදුලි බිලක් පිළිබඳව ලංකා විදුලි බල මණ්ඩලය පසුගියදා ලිපියක් නිකුත් කර තිබුණා.

    නාමල් රාජපක්ෂ මහතා 2019 විවාහ මංගල්‍යයේ විදුලි බිල මෙතෙක් පියවා නොමැති බව පවසමින් තම RTI ඉල්ලීමට ලංවිම ප්‍රතිචාර දැක්වූ බව ජනතා විමුක්ති පෙරමුණේ (JVP) හිටපු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ මහතා පෙරේදා එම ලිපියත් සමග ප්‍රකාශක් කර තිබුනා. තොරතුරු දැනගැනීමේ අයිතියේ ලියවිල්ලෙන් හෙළිදරව් වන්නේ 2019 සැප්තැම්බර් 12 සහ 2019 සැප්තැම්බර් 15 අතර පැවති උත්සවයකදී භාවිතා කරන ලද ආරක්ෂක විදුලි පහන් සහ විදුලි ජනක යන්ත්‍ර සම්බන්ධ වීරකැටිය නිවස සඳහා රුපියල් 26,82,246.57 ක නොගෙවූ විදුලි බිලක් සම්බන්ධයෙනි.

    රුපියල් ලක්ෂ 26කට අධික විදුලි බිල නොගෙවීමේ පුවත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සම්බන්ධීකරණ ලේකම්වරයාගෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට ලිපියක් යොමු කර තිබෙනවා.

    පහත දැක්වෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සම්බන්ධීකරණ ලේකම්වරයා ලංකා විදුලිබලයට යොමු කළ ලිපියේ උපුටා ගැනීමකි.

    සංජීව විජේරත්න
    කාල්ටන් නිවස
    තංගල්ල
    2023.08.04

    සභාපති
    ලංකා විදුලිබල මණ්ඩලය ,
    ශ්‍රීමත් චිත්තම්පලම්.ඒ.ගාඩිනර් මාවත,
    කොළඹ 02.

    සභාපතිතුමනි,

    සමාජ මාධ්‍ය මගින් සංසරණය වන නොගෙවූ විදුලි බිල්පතකට අදාල ලිපිය සම්බන්ධවයි.

    හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මැතිතුමාගේ නම සදහන් කරමින්,2019 වර්ෂයට අදාල නොගෙවූ හිග විදුලි බිල්පතක් සම්බන්ධව 2023 අගෝස්තු 02 දිනැති ඔබ ආයතනයේ ලිපි ශීර්ෂය යටතේ නිකුත්වූ ලිපියක් උපුටමින් විවේචනාත්මක හා අපහාසාත්මක තොරතුරු සමාජ මාධ්‍ය තුල මේ දිනවල සංසරණය වෙමින් පවතී.නියොජ්‍ය සාමාන්‍යාධිකාරි (වානිජ හා අයතනික- බෙදා හැරීම් අංශ 4) විසින් නිකුත් කරන ලද යැයි සදහන් එම ලිපිය මේ සමග අමුණා ඇත.

    ලංකා විදුලිබල මණ්ඩලය මගින් නිකුත් කර ඇති බවට සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරණය වන මෙම ලිපියට අදාලව, විදුලි බිල්පතක් ඉදිරිපත් කර ඇත්නම් එය කාගේ නමින් කුමන දිනයක, කුමන ලිපිනයක් සදහා යොමු කර ඇත්ද යන වගත්, එම බිල්පතෙහි නිවැරැදි තොරතුරු ගරු මන්ත්‍රීතුමා වෙත ලබාදීමට කටයුතු කරන ලෙසත් මෙයින් ඉල්ලා සිටිමි.
    ස්තුතියි

    සංජීව විජේරත්න
    ගරු නාමල් රාජපක්ෂ මැතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම්

    Latest news

    Piumi Hansamali කියන්නේ කවුද?

    Piumi Hansamali කියන්නේ කාලෙන් කාලෙට සමාජ මාධ්‍ය තුල පුවත් මවන්නියක්. පියුමි හංසමාලි විසින් උපයාගත් බව කියන වත්කම් සම්බන්ධයෙන් පරීක්ෂණයක්...

    procession අලි කුලප්පුවෙන් 13ක් පෙරහැරින් රෝහලට

    procession - රුහුණු කතරගම මහ දේවාලයේ ඇසළ පෙරහැර ඊයේ ආරම්භ වී සුළු මොහොතකට පසු, රාත්‍රි 9 ට පමණ...

    Devon 5 ධීවරයින් පහකට මරු කැඳවූ Alcohol Brand එක

    Devon 5 ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් පස් දෙනෙකු මුහුදේ පාවෙමින් තිබු බෝතලයක තිබු කිසියම් දියර වර්ගයක් පානය කිරීමෙන් අනතුරුව...

    Morella මාළුවෙකුගේ ප්‍රහාරයකින් ධීවරයෙකු මරුට!

    Morella - විෂ සහිත මොරෙල්ලා නම් මත්ස්‍යයා සිය තුඩඟින් සිදුකළ ප්‍රහාරයක් හේතුවෙන් ධීවරයෙකු මියගිය පුවතක් යාපනය ප්‍රදේශයෙන් වාර්තා වේ....
    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    ICC Womens Player of the Month ලංකාවෙන් විශ්මි ගුණරත්න

    ICC Womens Player of the Month ජූනි මාසය සඳහා නිර්දේශිත නාම අතරට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ විශ්මි ගුණරත්න...

    Hima Mal Renu හිම මල් රේණු – 12

    Hima Mal Renu හිම මල් රේණු සති අන්තයේ මාත් නදීරාත් අමතර පන්තියට යන විට තේෂාන් ඇතුළු සියළු දෙන අපිටත් සමඟ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page