FeaturesDonilaye AmmeDonilaye Amme - 14 දෝණිලයෙ අම්මේ

Donilaye Amme – 14 දෝණිලයෙ අම්මේ

-

spot_img

Donilaye Amme – ඊයේ ඉඳලා පත්තර,ටී.වී, රේඩියෝ, සෝෂල් මීඩියා පිරිලා තිබුණේ, අවුරුදු 16 ක දරුවෙක් අතින් සිද්ධ වුණාය කියන රිය අනතුරක් ගැන. ඒ බාලවයස්කාර දරුවගෙ ඉඳලා, හැදූ,වැඩූ දෙමාපියන් දක්වා තමන්ගේ දැනුමේ තරමට විනිශ්චය කරන මාධ්‍ය කෙරුම්කාරයො සහ බුකී විචාරකයො දැකල ඇත්තටම මට ඇතිවුණේ දරුණු කළකිරීමක්. මේ සිද්ධිය ඇහෙනකොටම මට දැණුනේ මං ඒ දරුවගෙ තාත්ත වුණානම් අද මට හිතෙන්නේ මොකක්ද කියලා විතරයි.

“පේනවද මූ හිනාවෙන ලස්සන, මූණේ බයක් කියලා දෙයක් ගෑවිලාවත් නෑ..”

“මුට කලින් ගහන්න ඕනේ මුගේ දෙමාපියන්ට..”

මේ ඒ අනතුර වෙලාවේ එතන හිටපු මිනිස්සු ඒ දරුවට දක්වපු ප්‍රතිචාර. තර්කයක් නෑ. ඒ අනතුර ඛේදවාචකයක් සහ දරුවා කලේ බරපතල වැරැද්දක්. ඒකට නීතීයෙන් දඬුවම් තියෙනවා. ඒවා නියම කරන්න රටේ වගකිවයුතු ආයතන තියනවා. ඊට වඩා කොච්චර අපරාධයක් ඒ දරුවාට සහ පවුලට ඒ මාධ්‍ය හරහා කරාද..? ඒවා නීතීයට පටහැනි නැද්ද..? සදාචාර විරෝධී නැද්ද..? ඔය නීතියයි, සදාචාරයයි බල්ලටම දාමුකෝ. මොකද උඩ තියාගෙන පට්ට ගැහුවට එහෙව් උලව්වක් මේ රටේ ඇත්තෙම නෑනේ. ඔතන හැසිරුණු හුඟක් දෙන දරුවො ඉන්න දෙමව්පියො වෙන්න ඇති. අඩුම තරමෙ මේ ඉන්නෙ තමන්ගෙ වගේම දරුවෙක් කියලා එක මොහොතකට හිතුණනම්, ඔය කටක් අරින්න, කැමරාවක් උස්සන්න කලිං දෙපාරක් හිතනවා. රටේ දරුවෙකුට ඉගෙනගන්න ඉස්කෝලයක් ඇරගන්න බෑ. බොන්න කිරිපිටි ටිකක් ගන්න තැනක් නෑ. පූජකයන්ගෙ,ගුරුවරුන්ගෙ ඉඳලා දේශපාලකයො දක්වා කරපු ළමා අපචාර තොග ගණන් ඉතිහාසයෙ ලියවිලා තියනවා. එහෙව් රටක් අවුරුදු 16ක දරුවෙක් අතින් සිද්ධ වුණු අනතුරක් ගැන තම,තමන්ගෙ උසාවි වල නඩු විසඳනවා.

“මේවා ඇහෙද්දි කෙල්ලො දෙන්නෙක් ඉන්න එක ගැන සතුටු හිතෙනවා සුරංග..”

ඒ මේ අනතුර වෙච්ච වෙලාවේ දෝණිලයෙ අම්මට හිතුණු දේ. ඒ මොහොතෙ මං හිටියෙ කිසිම දේකට ප්‍රති උත්තර දෙන්න පුළුවන් තත්වෙක නෙවේ. ගෑණු දරුවො තමා දෝණිලයෙ අම්මේ අපේ රටේ අනාරක්ෂිතම. සේයා දරුවගෙ, විද්‍ය දරුවගෙ ඉඳලා අද වෙනකොට අවුරුදු දෙකේ,තුනේ ගෑණු දරුවො කොච්චර අමානුෂික විදිහට දූෂණය කරලා මරලා දැම්මද..? ලංකාවේ ප්‍රසිද්ධ මාධ්‍ය නාලිකාවකට ආපු දේශපාලකයෙක් ඒ පොඩි දරුවව කොහොමද දූෂණය කරේ කියල, දූෂකයා කියපු හැටිත් හිරිකිතක් නැතුව කීවා දවසක්. ඔය අපරාධ කාරයො කිසි එකෙක්ට නීතිය ක්‍රියාත්මක වුණු ආකාරය ගැන දෙමව්පියො විදිහට අපිට පසු විපරමක් තිබුණද..? වැඩිවිය පැමිණුනු ගෑණු දරුවගෙ ඉඳලා ඒ ළමයගෙ විවාහෙ දක්වා උත්කර්ෂවත් උත්සව. හැබැයි ගෙදරක තනියෙන් ගෑණු දරුවෙක් දාලා යන්න පුළුවන් රටක්ද මේක. බස් එකක පාඩුවෙ ගෑණියෙක්ට හිටගෙන යන්න පුළුවන් රටක්ද මේක. නෑ . මේක එහෙම රටක් නෙවේ. රෑක තියා මහ දවාලක බැඳපු ගෑණියෙක්ටවත් පාඩුවෙ ගමනක්, බිමනක් යන්න ඉඩක් නෑ මේ අපි ඉන්න ධර්මද්වීපේ. හත් දෙයියනේ නීතී ඕනේ ඒවට නෙමෙයිද..? තමන් දුක් මහන්සියෙන් හදපු ගෑණු දරුවගෙ කොණ්ඩෙ බූ ගාලා මහණ කරනව දැකලා එක අම්ම කෙනෙක් තමන්ගෙ පපුවට ගහ,ගහ අඬන වීඩීයෝ එකක් දිහා බලාගෙන දෝණිලයෙ අම්මා සාධුකාර දෙනවා මං දැක්කා මේ ඊයේ පෙරේද.

“අපිටත් දෙන්නෙක් ඉන්නවනෙ..එක්කෙනෙක් මහණ කරමුද..”

මං දෝණිලයෙ අම්මගෙන් එහෙම ඇහුවා. එයා මං දිහා බැලුවෙ ඔරවලා.

“පිස්සුද ඔයාට..”

“ඇයි ශාසනේ දියුණුවට දරුවෙක් පූජා කරනෙක පිනක්නෙ…”

“මගේ උන් පූජා නොකර හිටියා කියලා ශාසනේ දියුණු නොවී තියෙන්නෑනෙ සුරංග..අනික පූජා කරන්න අපිට දුසිම් ගණන් දරුවො ඉන්නවද..”

ඇත්ත දෝණිලයෙ අම්මේ. අර පපුවට ගගහ අඬපු අම්මටත් හිටපු එකම එක දරුවා වෙන්න ඇති සමහරවිට ඒ ගෑණු දරුවා. ඒ අම්මට ඔය දරුවා හදද්දි තිබුණු බලාපොරොත්තු තේරුම් ගන්න ඒ අම්මා ඒ මොහොතේ වට්ටපු කඳුළු ටිකම මටනම් ඇති. අනුන්ගේ දේකදී කයිවාරු ගහන තරම් ලේසී නෑ තමන්ට දෙයක් පරිත්‍යාග කරන්න වුණාම. අනුන්ගේ වේදනාවකට සාධුකාර දෙනවා තරම් ලේසී නෑ ඒ අත්දැකීම විඳිනෙක. තමන් ඒ අත්දැකීම,මොහොත විඳපු දවසට ඔය අනුන්ගේ ඒවයෙදි ලියවෙන පතරංග කවි,කතා, හෑලී ලියවෙන්නෙත් නෑ.

“හැමදාම කියනව ඇඳපු ඇඳුම් එහෙ,මෙහෙ වීසී කරන්න එපා කියලා.. ගෑණු ළමයි වුණාම පිළිවෙලකට හැදෙන්නෝනෙ ලොකූ..”

දෝණිලයෙ අම්මා ලොකු ළමයට මොකක් හරි දේකට දොස් කියනවා ඇහෙනවා.

“දැන් ගෑණු ළමයි විතරක් පිළිවෙලට හැදුණාම මේ රට හැදෙයිද අම්මා..”

එතනින් එහාට දෝණිලයෙ අම්මගෙන් දෝණිට ලැබෙන ප්‍රතිචාරෙ දන්න නිසා, සද්දෙ ඇහෙන්නැති වෙන්න මං පොඩ්ඩක් එතනින් එහාට ආවා.

ලොකු ළමයගෙ කතාවෙ ලොකු ඇත්තක් තියනවා කියලා මට හිතුණා. ඔය පිළිවෙලේදී ගෑණු,පිරිමි බෙදන එකම මහ මුලාවක්. උයන්නෙ, රෙදි හෝදන්නෙ ගෑණු, ළමයි බලාගන්න ඕනේ ගෑණු, ගේ දොර අතුපතු ගාන්නෝනෙ ගෑණු, මල් වවන්නෙ ගෑණු, කේක් හදන්නෙ ගෑණු. ඔය කැටගරි ලිස්ට් එක නිසා තමා හුඟක් ප්‍රශ්න පටංගන්නෙ. පවුල ඇතුලේ “ගවුම හදාගෙන වාඩිවෙන්න” කියන තැන ඉඳලම එයාට තියෙන්නේ පීඩනය. ලංකාවේ අටවගෙන තියන ඔය මහිලා සමිති වලටයි, කුළඟන සමිති වලටයි වැරදුණු තැනත් එතනයි. අදටත් සනීපාරක්ෂක තුවායක් ගන්න ගෑණියෙක් ඉන්න ෆාමසියකට යන්නයි, ඒක අරං බ්‍රවුන් පේපර් බෑග් එකක හොරෙන් ඔතාගෙන එන්නයි වෙලා තියෙන්නෙත් ඒකයි. ඒක වෙනස් කරගන්න බැරි රටේ මොන මඟුලකටද ඔය කාන්තා සංවිධාන..? අපි මුලින්ම සංවිධානය වෙන්නෝනෙ පවුල ඇතුලේ. පවුල් සංස්ථාව තමා දෙමාපියන් සහ දරුවන්. සමහරවිට, ආච්චිලා, සීයලා නැන්දලා, මාමලා ඉන්නත් පුළුවන්. හරි ලේසියි අත්දැකීම් ඇති තැනකින් දෙයක් ගන්න. දරුවො ළං කරන්න ඕනේ පවුල ඇතුලේ අත්දැකීම් තියන වැඩිහිටි පරපුරට. හුඟක් උදවිය ඒකට ලැජ්ජයි. මොකද එයාලා “පොෂ්” නැති නිසා. මං කියන්නෙ ඔය “පොෂ්” කියන හුඟක් උන්ගෙ ඔලුගෙඩි “පුස්”. හැබැයි අපේ අම්මගෙ,අම්මලා, තාත්තගෙ තාත්තලා අත්දැකිම් වලින් ඔය “පොෂ් ” අයට වඩා හුඟක් “උස්”. එයාලගෙත් තියෙනවා බැහැර කළ යුතු දේවල් ඒවා අතෑරලා ගත්තම ඒ අත්දැකීම් වල තියනවා විශ්වවිද්‍යාලයක දැනුම.

“උදේ ඉඳලා තැන්,තැන් වල ගල් ගැහිලා කල්පනාව..මොනාද සුරංග වෙලා තියෙන්නේ..”

දෝණිලයෙ අම්මා අවසානෙට මාව හොයාගෙන ඇවිත්.

“නෑ මං මේ කල්පනා කරේ..”පොෂ්” ගැනයි “පුස්” ගැනයි..”

“පුහ්ං.”

දෝණිලයෙ අම්මගෙ කටිං හිනාව එළියට පැන්නෙ ඒ වගේ සද්දෙකින්.

“ඇයි දැන් ඒකේ හිනාවෙන්න මොනාද තියෙන්නෙ..”

“ඉස්සර ඔයා ඇන්දෙම කලිසමට ෂර්ට් එක යට කරලා, බෙල්ට් එකක් දාලා, පටි සෙරෙප්පු..ඒ මදිවට කමිසෙ උඩ සාක්කුවෙ බෝල්පොයින්ට් පෑනකුත් ගහනවා…”

“ඉතිං..”

“මං තමා ඔයාට ඩෙනිමක්,ටී ෂර්ට් එකක් ඇඳලා සපත්තු දාන්න පුරුදු කරේ….”

යකෝව් මේ ගෑණි “පොෂ්” එකයි “පුස්” එකයි තේරුම් ගත්තු හැටි බලාපල්ලකො.

Latest news

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි?

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි? කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...
- Advertisement -spot_img

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන්

පොඩි බඩගින්නට බේකරි රසට ගෙදර හැදු සොසේජ් බන් - Sausage Bun බේකරි කෑම අතරෙ ලොකු කුඩා කවුරු අතරත් ගොඩක්...

ක්ලෝඩියාගේ සීයා

ක්ලෝඩියාගේ සීයා - The Funeral and the Feast ඇගේ සීයා මිය යෑමට දින තුනකට පෙර ක්ලෝඩියා සුදු ලේස් ඇඳුමකින් සැරසුණු...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you