FeaturesDonilaye AmmeDonilaye Amme - 20 දෝණිලයෙ අම්මේ

Donilaye Amme – 20 දෝණිලයෙ අම්මේ

-

spot_img

Donilaye Amme – ආදරේ පෙන්වන එක,එක සංකේත තියනවලුනෙ. ඔය රෝස මල්, හදවත්, මල්සරා වගේ. ඔය සංකේත ටික එකතු කරලා සමරන්න දිනත් තියනවනෙ. “වැලැන්ටයින් දිනය” එහෙමත් නැත්තං “ආදරවන්තයින්ගේ දිනය” කියන්නෙ එයින් එකක්. මං එහෙම දවස් සමරලා නැති වුණාට, මට ඔය දිනේට ඔය කියන සංකේත එක්ක තෑගි එහෙම ලැබිල තියනව. ඒ නිසා මට ඔය සංකේත ටික එක්කවත්, දිනේ එක්කවත්, සමරන අය එක්කවත් කිසිම “ඇරියස්” එකක් නෑ. හැබැයි ඔය සැමරිලි එක්ක ගොඩනැගුණු උප සංස්කෘති වල “එතික්” එක එක්ක පොඩි “කන්වශේෂන්” එකක් තියනවා. වචන ටිකක් බර නිසා මේක කියවන කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඒක “පණ්ඩිතකමක්” නැත්තං “කුහකකමක්” කියලා. . මේ වෙනකොටත් අපේ ගෙදර උන්දැ ටී.වී එක ඉස්සරහ. දෝණිලයන්දලා මොබයිල් ෆෝන් එක එක්ක. රටේ චැනල් ටිකට සතියක් ගෙවාගන්න “ටොපික්” එකක් හම්බවෙලා. ඒ විතරක් නෙවේ ටියුෂන් ගුරාලට, සෝෂල් මීඩියා නංගිලා, මල්ලිලාට පොඩි බිස්නස් මාකටිං “පොයින්ට්” එකක් ඇවිල්ලා. මට එදා ඉඳලා තිබුණු ප්‍රශ්නෙ ඔය විශේෂ දිනයක විතරක් සමරන, උත්කර්ෂයට නඟන ප්‍රේමය, දයාව, ගෞරවය, රැකවරණය වගේ උදාන වාක්‍ය ටික මිනිස්සුන්ගෙ හිත්වල සදාකාලිකව රැඳෙන්නැත්තෙ ඇයි? කියනෙක. මගේ ඒ සාධාරණ සැකය ආදරවන්තයින්ගේ දිනයට විතරක් නෙවේ. වැඩිහිටි දිනය, ළමා දිනය, කාන්තා දිනය වගේ දවස්වලටත් එනවා.

“මොකෝ සුරංග මහත්තය තනියම බර කල්පනාවක..මං මේ බැලුවෙ වැලැන්ටයින් එක ගැන තාම මොකෝ කට කැඩිච්ච කතාවක් නොකීවෙ කියලා…”

දෝණිලයෙ අම්මා මිදුලට ආවේ මට අවකැපෙන කතාවකුත් කියාගෙන.

“මං මේ කල්පනා කරේ ඔයා මොකද මට තාම රෝස මලක් නොදුන්නේ කියලා…”

“රෝස මල්ම තමා මෙයාට දෙන්න වටින්නෙ කරන වැඩවලට..”

“ඉතිං ඔයා අපි ලව් කරපු කාලේ දුන්නෙ එහෙනම්..”

“ඒ නිසා තමයි අපිට දැන් ළමයි දෙන්නෙක් ඉන්නේ..”

“ආන්න ඔයා හොඳ කතාවක් කීවා, උන් දෙන්නා තමා අපේ ආදරේ හොඳම සංකේතය. අනික මටනම් අපේ කෙල්ලො දෙන්නා රෝස මල් වලට වඩා ලස්සනයි..”

දෝණිලයෙ අම්මා මං දිහා බැලුවෙ යටැහින්. “ඒකෙ තේරුම මොකක්ද” කියන්නා වගේ.

“මේහ්..සුරංග..ඔයා ආසම මල් වර්ගෙ මොකක්ද..”

“වරා මල්..මං පොඩි කාලේ ආසම ඕකේ පොහොට්ටුව අරං “ටික්” ගාලා නළලේ ගහලා පුපුරවන්න..තව කනේරු මල්වලට ආසයි ඒකේ නැට්ට ගලවලා පැණි බොන්න පුළුවන් නිසා….”

“මොන ජාතියේ මනුස්සයෙක්ද දන්නෑ අනේ ඔයානම්..”

දෝණිලයෙ අම්මා මට පිටුපාලා යන්න ගියා. කේන්තියක් නොතිබ්බත්, ඒ ගමනෙ පොඩි නොරිස්සුමක් තියෙන්න ඇති කියලා මට හිතුණා. ඒකයි මං හයියෙන් එයාගේ නම කියලා කතාකරේ. එයා ක්ෂණිකව හැරිලා බැලුවා.

“අමතක වුණා කියන්න..ඉස්සර වගේම තමා…නාරිලතා මල් වලටත් මං කැමතියි..”

ගෙට ඇතුල් වෙන්න ගියපු දෝණිලයෙ අම්මා එහෙමම බැම්ම අයිනේ තිබ්බ ප්ලාස්ටික් ජෝගුවකින් මට දමලා ගැහුවා. මං ඒක අල්ලගත්තෙ හිනාවෙවී. සමහරවිට එයා හිතන්නැති මං එයාව “බයිට්” කරන්න හිතාගෙන ඔය වරාමල්,කනේරු මල් කතාව කිව්වා කියලා. ඇත්තටම නෑ. මට තියනවා ඒ මල් දෙකත් එක්ක ආදරය මුසුවුණු මතක. මං ඉපදුණුදා ඉඳලා වැඩිම කාලයක් හැදුණෙ කිරි අම්ම එක්ක. ඒ මගේ අම්මගෙත්, අප්පච්චිගෙත් අතර තිබුණු විරසකකම් නිසා. එතකොට පවුලෙ හිටියෙ ලොකු නංගී විතරයි. එයත් නිතරම මා එක්ක හිටියෙ නෑ. කෙල්ලෙක් නිසා අම්ම යන තැනක තමා එයත් ඉන්නේ. කිරිඅම්මා දෙමාපියන් හා සමාන ආදරයක් දුන්නත්, දෙමාපියන් සහ සහෝදරයන් නැති අඩුව නිසා, මට තිබුණේ හුදෙකලා ජීවිතයක්. වෙලාවකට මට ඒ හැඟීම හරිම මූසල විදිහට දැණුනා. කිරිඅම්මලයෙ ගෙදර වැට දෙපැත්තෙ හොඳට අතුපතර විහිඳුණු, කහපාට මල් පිරුණු කණේරු පඳුරු දෙකක් තිබුණා. මං එළියෙ වාඩිවෙලා ඔය කණේරු පඳුරු දෙක දිහා බලාගෙන ඉන්නවා. එතකොට තමා මට පේන්න ගන්නෙ කණේරු මල්වල පැණි බොන්න එන හොට දිග නිල්පාට පුංචි කුරුල්ලෙක්. මං ඌට කීවේ “පැණි කුරුල්ලා” කියලා. ඉස්සර ඌ එක පඳුරක පැණි බොද්දි මං අනෙක් පඳුරේ මල් ගලවගෙන පැණි උරා බොනවා. ටික වෙලාවකින් මට ඒකත් එපාවෙනවා. ගේ ඉස්සරහ තිබ්බා පුංචි වැවක්. ඒ වැව් බැම්ම දිගේ තියනවා වරා පඳුරු. සමහර දවස්වල කිරිඅම්මා මගේ නම කියලා කෑගහලා මාව හොයනකං මං ඔය වරා පොහොට්ටු නළලේ ගගහ ඉන්නවා. ආදරය අහිමිවීම ඇතුලෙත් තියනවා, ජීවිතය අපිට දරාගන්න කියලා දුන්නු ආදරණීය පාඩම් දෝණිලයෙ අම්මේ. අහිමිවීම් දරාගන්න බැරි කිසිම මිනිහෙකුට ආදරේ කරන්න බෑ. අපි දරුවන්ට ඉස්සෙල්ලාම උගන්නන්න ඕනේ දරාගැනීම. ඒක ඇතුලෙ තියනවා හිතාගන්න බැරි තරමෙ ආදරයක්. ඒකට කියන්නේ තමා තමන්ට ආදරය කිරීම කියලා. ඒක භාවනාවක් වගේ දෙයක්. සීරුවෙන් ප්‍රගුණ කරන්නෝනෙ දෙයක්. තමන්ට, තමන්ගෙ ජීවිතයට ආදරය කරන්න බැරි කිසිම මිනිහෙකුට බෑ තව කෙනෙක්ගෙ ජීවිතයක් ආදරයෙන් පුරවන්න. එහෙම මිනිස්සු තමා දරුවො මරාගෙන තමනුත් මැරෙන්නෙ. තමන් බලාපොරොත්තු වුණු ආදරය අහිමි වුණාම, ඒ කෙනාගේ ජීවත්වීමේ අයිතියත් සාහසික විදිහට උදුරගන්නෙ. ඒකයි මං කියන්නෙ එක දිනයක් වෙන් කරලා ආදරේ සමරන්න බෑ කියලා. දවසේ පැය විසිහතරෙම, අවුරුද්දෙ දවස් තුන්සිය හැටපහේම අපි ආදරේ කරන්නෝනෙ. තමන්ගෙ ආදරවන්තයට විතරක් නෙවේ. ගහට,කොලට,සතා, සිව්පාවට, රටට,ලෝකෙට සියලූම සත්වයන්ට. ඒත් අපි එහෙම කරනවද?

“අදනං හිතලා, හිතලා හිතේ පොට යන සීන් එකක් තියෙන්නේ..”

ආයෙත් දෝණිලයෙ අම්මා. කේක් කෑල්ලකුයි,තේ කෝප්පෙකුයි අරං ඇවිත්.

“ඔයාට වැලන්ටයින්ද..” මං ඇහුවෙ හිනාවෙලා.

“නෑ….මං දැන් ඉන්නේ වැල යන අතට මැස්ස ගහන ටයිප් එකෙන්..”

“ඔයා අඳුරනවද ඔය මල්සරා කියන හාදයා…”

මං දෝණිලයෙ අම්මයෙන් එහෙම ඇහුවාම එයා ඔලුව දෙපැත්තට වැනුවා.

“දැන් ඔය මිනිස්සු කියනවනෙ මිනිහ මල් ඊතල විඳලා, ආදරේ කරන උන්ට සපෝර්ට් කරනවා කියලා…”

“ඔව් ඉතිං..”

“දැන් ඔය යකා එහෙම ජෝඩු කරපු උන් බැඳලා, ඇරිලා, පවුල් කැඩිලා ඉන්නකොට ඔය මල්සරාව පාරෙදි මාට්ටු වුණොත් එහෙම මොනා වෙයිද..”

“දැන් ඔයාම කියන්නකො ඉතිං වෙන්න පුළුවන් දේ..”

“ඔය යකාගෙ දුන්න අරං..දෙකට නවලා පස්ස පැත්තෙ ගහලා, ළඟම තියන කුණු කාණුවක ඔබයි නේහ්…”

“ඔව් නේහ්.. එහෙනම් මේං මේ ලියුම කියවලා…ඕක ලියපු එකා අහුවුණොත් ඌට මොනාද කරන්නෝනෙ කියලත් මට පොඩ්ඩක් කියන්නකෝ හරිද..”

මගෙ අතේ හතරට නවපු ලියුමක් තියපු දෝණිලයෙ අම්මා යන්න ගියා. මං හිමීට ඒක දිගෑරලා බැලුවා. රෝසපාට සුවඳ කවාපු ලියුම් කොලේක මගේ අත් අකුරු. ලියුම පටං අරං තියෙන්නේ

“ලොවම නිඳන අඳුරු රැයක” කියලා. ,ආශිර්වාදයට තිබුණේ

“සමන් මලින් පවන් සැලේ” කියලා..

ඊට පස්සෙ හදවත් දෙකක් පසාරු කරගෙන යන ඊතලයක් පෑනෙක් ඇඳලා. එක හාට් එකක “සුරා” කියලා ලියලා. අනිත් එකේ “දිනූ” කියලා ලියලා. ඇත්තටම එතනින් එහාට කියවන්න ඕනෙ වුණේ නෑ මට ඒක මං දෝණිලයෙ අම්මගෙන් යාළුවෙන්න අහලා දීපු පළවෙනි ලියුම කියලා තේරුම් ගන්න.

නිකං “රෙදි ඉල්ලෙයි” වගේ හැඟීමක් ආව නිසා මං වටපිට බලලා හිමිං සැරේ ඒක සාක්කුවෙ දාගත්තා.

Latest news

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිම වංචනිකයි ආණ්ඩුව ක්‍රියාත්මක කිරිමට නියමිත විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දිර්ඝ කිරිමේ ව්‍යවස්ථා සංශෝධනයට නිතීඥ ක්ෂේතුයේ දැඩි...

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නුවර දුම්රියක් තුළ ගමන් ගත් මඟියකුගේ හිසට බෝතලයකින් පහර දීමේ...

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...
- Advertisement -spot_img

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

රසකාරක නැති චිකන් සීසනින් කියුබ්

රසකාරක නැති චිකන් සීසනින් කියුබ් - Chicken seasoning Cube චිකන් සීසනින් කියුබ් (Chicken seasoning Cube) කියන්නෙ මේ වෙනකොට ගෘහණියන්ට කෑම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you