ArtThe Martian ඔබ බිලියන අටක් වූ පෘථිවි වාසීන් අතර...

The Martian ඔබ බිලියන අටක් වූ පෘථිවි වාසීන් අතර තනි වී තිබේද?

-

spot_img

The Martian “මට ගොඩක් පාළුයි”, “මම තනිවෙලා”, “මම ගැන සොයන්න කවුරුත්ම නැහැ” බිලියන අටක් පමණ වූ පෘථිවි වාසීන් අතර සිටින ඔබට ඇතැම්විට එහෙම දැනෙනවා ඇති. ඔබේ ඒ සිතිවිලි තුළ කොතැනක හෝ වරදක් ඇතිවග මේ කතාව නැරඹුවාට පසුව වැටහී යාවි.

“Who am I to talk about loneliness?” තනිකම ගැන කතාකරන්න මං කවුද? එහෙම කියන්නෙ අඟහරු මත තනිවූ උද්භිද විද්‍යාඥයෙක්. මහ ඉහළින් අපි අපි ගැන සිතා සිටියද විශ්වය තුළ අපි මොනතරම් නම් කුඩා ජීවින් ද?

The Martian

ඒ 2035 වර්ෂය. අඟහරු ග්‍රහයා වෙත දියත් කළ මෙහෙයුමක් අතරතුරදී එම ගවේෂක කණ්ඩායම දුහුවිලි කුණාටුවකට අසුවෙනවා. ඔවුන් මෙහෙයුම අත්හැර දමන අතර සිය කණ්ඩායමේ සාමාජිකයෙකු වූ ගගනගාමී Mark Watney අතුරුදන් වී ඇති බව ඔවුන්ට වැටහී යනවා. Mark Watney ජීවතුන් අතර නොමැති බවට සියල්ලෝම අනුමාන කරනවා.

පියවි සිහියට එළඹි පසු තමා අඟහරු ග්‍රහයා මත තනිවී ඇති වග Mark Watney ට වැටහී යනවා. පෘථිවිය සමග සන්නිවේදනය කිරීමට හැකියාවක් ඔහුට නොමැති අතර තමාට පෘථිවියට යෑමට අවස්ථාව ලැබෙන්නේ තවත් වසර හතරකින් සිදුකිරීමට නියමිත අඟහරු මෙහෙයුමෙන් බැව් ඔහුට තේරුම් යනවා. බලා සිටීම හැර වෙනත් විකල්පයක් නොමැති වග පෙනී යන අතර දැන් ඔහුට ඇති ලොකුම ගැටළුව වෙන්නේ ආහාර සහ ජලයයි. උද්භිද විද්‍යාඥ Mark Watney ගේ ඉරණම කුමක් ද? ඔහුට යළි පෘථිවිය බලා පැමිණීමට අවස්ථාව ලැබෙයි ද?

The Martian

I am still alive…Surprise!
පුදුමයකි! මම තවමත් ජීවත්වෙමි.

ජීවිතය ලැබීමම මොන තරම් නම් ආශ්චර්යයක්ද? වෙනත් ග්‍රහලොවක් මත තනිවූ ඒ මිනිසා ජීවත්වීම උදෙසා,ගතින් සිතින් දුර්වල නොවීම උදෙසා වසර කිහිපයක් පුරාවට කරන සටන නැරඹිය යුතුමයි. The Martian (2015) විද්‍යා ප්‍රබන්ධයකටම පමණක් සීමා නොවූ වටිනාම ජීවිත පාඩමක් රැගත් කතාවක්. ඇකඩමි සම්මාන සඳහා නිර්දේශ වූ මෙම චිත්‍රපටය අමෙරිකානු ලේඛක Andy Weir විසින් රචිත The Martian විද්‍යා ප්‍රබන්ධ කෘතිය ඇසුරින් නිමවූවක්. Ridley Scott ගේ අධ්‍යක්ෂණයක්. Matt Damon, Jessica Chastain ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වෙනවා.

The Martian

 

Latest news

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින්

ළමුන් ලක්ෂ දෙකහමාරකට වඩා පාසල් හැරගිහින් 2018 සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පාසල් හැරගිය ළමයින් 267,138 දෙනෙකු වාර්තා වී...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල්

කොළඹ මහල් නිවාස විසි හතම අපායවල් කොළඹ මහල් නිවාස විසි හතම අපායන් බවත් ඒවා මිනිසුන්ට ජීවත් විය හැකි පරිදි සකස්...

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්?

ට්‍රම්ප්ගෙන් ලංකාවට අලුත් බද්දක්? රජයේ ආර්ථික කළමනාකරණය ගැන විශ්වාසය ගිලිහී යෑම නිසා රුපියල මත පවතින පීඩනය තවදුරටත් ඉහළ යා හැකි...
- Advertisement -spot_img

ඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ

ඔයාට තරම් ඔයාව බලාගන්න වෙන කාටවත් බෑ - Ananya Panday අනන්‍යා පාණ්ඩේ යනු සමකාලීන බොලිවුඩයේ වඩාත්ම ජනප්‍රිය නිළියන්ගෙන් කෙනෙකි. ඉන්දීය...

එල් නිනෝ ලංකාවට එන හැටි

එල් නිනෝ ලංකාවට එන හැටි - El Nino එල් නිනෝ යනුවෙන් හඳුන්වන්නේ මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය මතුපිට...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you