ArtPenguin ලෝකෙ අමාරුම දේ වෙන කෙනෙක් වගේ ජීවත්වෙන එක

Penguin ලෝකෙ අමාරුම දේ වෙන කෙනෙක් වගේ ජීවත්වෙන එක

-

spot_img

Penguin – එකමත් එක කාලෙක පෙන්ගුයින් අම්මෙකුයි පෙන්ගුයින් පැටියෙකුයි ජීවත්වුණා. පෙන්ගුයින් අම්මගෙ පණ වුණේ එයාගෙ පැටියා. දෙන්නට දෙන්නා හරිම ආදරයෙන් ජීවත්වුණා. ඒත් එක දවසක් පෙන්ගුයින් පැටියා අතුරුදහන් වුණා. අම්මා හැම තැනම එයාව සොයන්න ගත්තා.

“ලෝකය පවතින්නේ හිරුගේ රැස් වලින් සහ මවගේ කිරිවලින්” යැයි කියමනක් තිබේ. ලෝකයට ජීවය පොවන්නේ මව්වරුන්ය. දරු සෙනෙහස වෙනුවෙන් ඕනෑම දෙයක් කැප කිරීමට තරම් මව්වරු ධෛර්යවන්තයි. ඕනෑම බලසම්පන්න දෙයක් මාතෘත්වයට දෙවැනි වෙනවා. Penguin (2020) මේ කතාව අම්මෙක්ගෙ ආදරේ ගැන ත්‍රිලර් වර්ගයේ සිනමා නිර්මාණයක්.

Penguin

අඳුරු,මිහිදුමෙන් බර කැලෑ ප්‍රදේශයක්. කළු ඇඳුමින් සැරසුණු,චාලි චැප්ලින් වෙස් මුහුණක් පැළඳි බිහිසුණු පෙනුමැති ආගන්තුකයෙක්. මොහු අපරාධකරුවෙක්. ඔහු සමගින් සිටින කුඩා පිරිමි ළමයෙක් සහ කාල වර්ණ සුනඛයෙක්. චිත්‍රපටය ඇරඹෙන්නේ එලෙසින්. ඔබ Thriller ගණයේ කතාවලට කැමති අයෙක්නම් මේ දර්ශනයෙන්ම ඔබ මේ කතාවට කැමතිවෙනවා නිසැකයි. මිහිදුමෙන් වැසුණු මේ සොඳුරු ප්‍රදේශයේ තමයි රිදම් ජීවත්වුණෙත්. රිදම් සත්මස් ගැබිණියක්. ඇගේ සැමියා ගෞතම් ඇයට ගොඩක් ආදරෙයි. නිරතුරුවම ඈ අසල රැඳෙන්නට නොහැකි වූවද ඔහු දුරකථනයෙන් ඈ ගැන සොයා බැලුවා. සමීප යෙහෙළියන් දෙදෙනෙකුත් රිදම්ට සිටියා. ඒ අභී සහ භාවනා. සයිරස් කියන්නෙ රිදම්ගෙ සුරතල් සුනඛයා. එයා කළුපාට ලොකු බව්වෙක්. රිදම් එදා රෝහලට ගියේ තනිවම. එහිදී ඇයට තම අතීතය මතක් වෙනවා. වසර හයකට පෙර අතීතය.

එවකට ඈ විවාහ වී සිටියේ රඝු සමගින්. ඔවුන් දෙදෙනාගේ පුතා අජේ. රඝු තරමක් සැරපරුෂ අයෙක්. එක අවාසනාවන්ත දවසක රිදම්‍ට ඇගේ පුතාව අහිමි වෙනවා. කුඩා අජේගේ යෙහෙළිය රිදම්ට පවසන්නේ අජේ කැලයේ සිට ආව චාලි චැප්ලින් අංකල් සමගින් යන්නට ගිය බවයි. රිදම්,රඝු,ඔවුන්ගේ යහළුවන් ,පොලිසිය මේ හැමෝම දරුවාව සොයනවා. ඇගේ නොසැලකිළිමත්කම නිසා දරුවා අහිමි වූ බැව් පවසමින් රඝු ඇයට දොස් පවරනවා. ටික කාලයකට පසු කැලයේ තිබී කුඩා අජේගේ ඇඳුම් හමුවෙන අතර දරුවා මියගොස් ඇතැයි පොලිසිය පවසනවා. එහෙත් රිදම් තම දරුවා ජීවතුන් අතර බැව් තරයේ විශ්වාස කරනවා. ඒ අතීතය..අතීතය අමතක කරන්න යැයි වෛද්‍යවරුන් ඇයට පවසනවා. නමුත් අම්මෙක්‍ට පුළුවන්ද දරුවෙක්ව අමතක කර දමන්න?

 

Penguinවෛද්‍යවරුන් ඇයට නියම කර ඇත්තේ අජේ අතුරුදන් වූ පෙදෙසටවත් නොයන ලෙසින්. ඒත් ඇය නිරතුරුවම වාගේ එහි යනවා. එක් දිනක් රාත්‍රියේ කැලය මැදින් සිය මෝටර් රථය පදවාගෙන පැමිණෙමින් සිටියදී කුඩා පිරිමි දරුවෙකු රිදම්ගේ මෝටර් රථය ඉදිරිය පැමිණෙනවා. එම දරුවා කවුරුන්ද? ඒ වසර හයකට පෙර අතුරුදන් වූ රිදම්ගේ පුතුම ද?

 

මේ ලෝකෙ මනුස්සයෙකුට කරන්න අමාරුම දේ තමයි තව කෙනෙක් වගේ ජීවත්වෙන එක. “අරයා වගේ වෙන්න.ඒ වගේ ඇඳුම් අඳින්න. එයා වගේ ලකුණු ගන්න. එයාට ලකුණු ගන්න පුලුවන් නං ඇයි ඔයාට බැරි?” ඔබත් ඔබේ දරුවාට මෙලෙසින් පවසනවාද? එසේනම් පරිස්සමින්!

Penguin

Mystery/Thriller ගණයට අයත් Penguin (2020) අපූරු කතා තේමාවකින් යුතු වූ චිත්‍රපටයක්. Eashvar Karthic ගේ අධ්‍යක්ෂණයක්. Keerthy Suresh, Linga, Madha patty Rangaraj, Nithya Kriupa ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වෙනවා.

 

Latest news

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ

ඕස්ට්‍රේලියානු පුරවැසි ශ්‍රී ලාංකික තරුණයා මාස තුනක් හිරේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නුවර දුම්රියක් තුළ ගමන් ගත් මඟියකුගේ හිසට බෝතලයකින් පහර දීමේ...

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා

ජනාධිපති මන්දිර දේශපාලන හිතවතුන්ට සැප ගන්න දීලා රටපුරා ඇති ජනාධිපති මන්දිර තම පාලන කාලය තුළ සිය වුවමනාවන් සදහා භාවිතා නොකරන...

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව

හිටපු පොලිස්පතිවරයාගේ අවමංගල්‍යයට පොලිස් ගෞරව මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව...

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ

පළාත් සභා ඡන්දය පැවැත්වීමට බල කෙරේ පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස දෙමළ දේශපාලන පක්ෂ හයක නායකයෝ රජයෙන් ඉල්ලීමක්...
- Advertisement -spot_img

තරාතිරම පෙන්වා තප්පුලෑම

තරාතිරම පෙන්වා තප්පුලෑම පුද්ගලයකු වෙනුවෙන් පෙනී සිටීමේදී මෙන්ම එදිරි වීමේදීත් ඔහුගේ හෝ ඇයගේ තරාතිරම නොසළකා හරින්නට වුවමනා බව සමාජ සාධාරණ...

ශිවාජි මහ රජුගේ කතාව

ශිවාජි මහ රජුගේ කතාව - Raja Shivaji නායකත්වය හෝ බලය උදුරාගත හැකි නමුත්, ජනතාවගේ සිතේ ලැගුම්ගන්නට, ජනතාවගේ නායකයෙකු වන්නට හැමෝටම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you