NewsKeheliya Rambukwella අක්ෂි සැත්කම් ඖෂධවලින් පීඩාවට පත්වූ පුද්ගලයින්ට වන්දි

Keheliya Rambukwella අක්ෂි සැත්කම් ඖෂධවලින් පීඩාවට පත්වූ පුද්ගලයින්ට වන්දි

-

spot_img

Keheliya Rambukwella – ඉන්දීය ඖෂධ නිෂ්පාදන සමාගමක් විසින් නිෂ්පාදනය කරන ලද ‘ප්‍රෙඩ්නිසිලෝන්’ නම් දියර ඖෂධය භාවිත කිරීම හේතුවෙන් කොළඹ අක්ෂි රෝහලේ සහ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අක්ෂි සැත්කම් කර බෙහෙතක් යෙදීමෙන් පසු, ඇස් පෙනීම දුර්වල වීමේ සිද්ධියෙන් විපතට පත් වූ සියලු දෙනාට වන්දි ගෙවීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසා තිබෙනවා.

එම ඖෂධ තොගයේ එක් කාණ්ඩයක යම් බැක්ටීරියා ආසාදනයක් හේතුවෙන් මෙම තත්ත්වය ඇති වූ බව සඳහන් කළ අමාත්‍යවරයා, මුළු තොග කාණ්ඩයම නැවත ආපසු හරවා යැවීමට කටයුතු කර ඇති බවත්, අදාළ සමාගම මේ සිද්ධියෙන් පසු අසාදු ලේඛනගත කළ බවත් ප්‍රකාශ කර සිටියා. මෙම ඖෂධය භාවිතයෙන් පසු අසාධ්‍ය තත්ත්වයෙන් සිටින රෝගීන් දෙදෙනෙකු සිටින බවත් අනෙක් රෝගීන් අට දෙනා මේ වන විට සුවය ලබා ඇති බවත් සඳහන් කළ ඔහු, මෙම ඖෂධය රටවල් පනස් හතරකට අපනයනය කරන බවත්, මේ වන විට එය ලංකාවේ රෝගීන් ලක්ෂ ගණනකට භාවිත කර ඇති බවත් පවසා සිටියා. ලියාපදිංචිය නොමැති ඖෂධ සමාගම් නිසා ඇතිවන අර්බුදකාරී තත්වයන් පිළිබඳව කතාබහක් ඇතිවන අවස්ථාවක, මෙම සිද්ධියට අදාළ සමාගම වසර හතක් පුරා ලියාපදිංචි සමාගමක් බව ඔහුගේ අදහසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා කඩිනම් වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය මැයි මාසයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී තිබු අතර, මේ සම්බන්ධයෙන් සොයා බලන ලෙස රජය ඉන්දීය රජයෙන් ඉල්ලීමක් හා අදාළ සමාගමෙන් මේ සඳහා දඩ අය කර ගන්නා ක්‍රමය සම්බන්ධයෙන් විමසීමක් සෞඛ්‍ය අමාත්‍යාංශය කර ඇතැයි වාර්තා වනවා. වන්දි ගෙවීම් සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි අමාත්‍යාංශ ලේකම්වරයාට තමා උපදෙස් දී ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුට වගකීම පැහැර හැරීමට නොහැකි බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Latest news

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා

හැරී කුමරුගේ මාමණ්ඩියට ළමා ලිංගික අපයෝජන චෝදනා හැරී කුමරුගේ බිරිඳ මේගන් මාර්කල්ගේ පියා වන තෝමස් මාර්කල් (Thomas Markle Sr.) සම්බන්ධයෙන්...

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති

සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීමට එරෙහිව නීති දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට...

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම

ධම්මික පෙරේරා කුණු කොල්ලයට ගත් කිංග්ස්බරි ඉඩම  කොළඹ කොටුවේ අක්කර 5.5 ක මංකොල්ලය කොළඹ නගරයේ හදවත බඳු, වාණිජමය වශයෙන් ඉහළම වටිනාකමක්...

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ වෙඩි වැදීමකින් මරණයට පත් පුද්ගලයෙකුගේ සිරුරක් කොටවෙහෙර පොලිස් වසමට අයත් කුඹුරක තිබියදී හමුවී...
- Advertisement -spot_img

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ

කුඹුරක තිබී වෙඩි වැදුණු සිරුරක් හමුවේ වෙඩි වැදීමකින් මරණයට පත් පුද්ගලයෙකුගේ සිරුරක් කොටවෙහෙර පොලිස් වසමට අයත් කුඹුරක තිබියදී හමුවී...

පැණි රසට කැමති අයට හකුරු පුඩිං

පැණි රසට කැමති අයට හකුරු පුඩිං - Jaggery Pudding පැණි රසට කැමති අයට ගැළපෙනම අතුරුපසක් තමයි හකුරු පුඩිං කියන්නෙ. ගෙදරදීම...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you