NewsKeheliya Rambukwella අක්ෂි සැත්කම් ඖෂධවලින් පීඩාවට පත්වූ පුද්ගලයින්ට වන්දි

Keheliya Rambukwella අක්ෂි සැත්කම් ඖෂධවලින් පීඩාවට පත්වූ පුද්ගලයින්ට වන්දි

-

spot_img

Keheliya Rambukwella – ඉන්දීය ඖෂධ නිෂ්පාදන සමාගමක් විසින් නිෂ්පාදනය කරන ලද ‘ප්‍රෙඩ්නිසිලෝන්’ නම් දියර ඖෂධය භාවිත කිරීම හේතුවෙන් කොළඹ අක්ෂි රෝහලේ සහ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අක්ෂි සැත්කම් කර බෙහෙතක් යෙදීමෙන් පසු, ඇස් පෙනීම දුර්වල වීමේ සිද්ධියෙන් විපතට පත් වූ සියලු දෙනාට වන්දි ගෙවීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසා තිබෙනවා.

එම ඖෂධ තොගයේ එක් කාණ්ඩයක යම් බැක්ටීරියා ආසාදනයක් හේතුවෙන් මෙම තත්ත්වය ඇති වූ බව සඳහන් කළ අමාත්‍යවරයා, මුළු තොග කාණ්ඩයම නැවත ආපසු හරවා යැවීමට කටයුතු කර ඇති බවත්, අදාළ සමාගම මේ සිද්ධියෙන් පසු අසාදු ලේඛනගත කළ බවත් ප්‍රකාශ කර සිටියා. මෙම ඖෂධය භාවිතයෙන් පසු අසාධ්‍ය තත්ත්වයෙන් සිටින රෝගීන් දෙදෙනෙකු සිටින බවත් අනෙක් රෝගීන් අට දෙනා මේ වන විට සුවය ලබා ඇති බවත් සඳහන් කළ ඔහු, මෙම ඖෂධය රටවල් පනස් හතරකට අපනයනය කරන බවත්, මේ වන විට එය ලංකාවේ රෝගීන් ලක්ෂ ගණනකට භාවිත කර ඇති බවත් පවසා සිටියා. ලියාපදිංචිය නොමැති ඖෂධ සමාගම් නිසා ඇතිවන අර්බුදකාරී තත්වයන් පිළිබඳව කතාබහක් ඇතිවන අවස්ථාවක, මෙම සිද්ධියට අදාළ සමාගම වසර හතක් පුරා ලියාපදිංචි සමාගමක් බව ඔහුගේ අදහසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා කඩිනම් වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය මැයි මාසයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී තිබු අතර, මේ සම්බන්ධයෙන් සොයා බලන ලෙස රජය ඉන්දීය රජයෙන් ඉල්ලීමක් හා අදාළ සමාගමෙන් මේ සඳහා දඩ අය කර ගන්නා ක්‍රමය සම්බන්ධයෙන් විමසීමක් සෞඛ්‍ය අමාත්‍යාංශය කර ඇතැයි වාර්තා වනවා. වන්දි ගෙවීම් සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි අමාත්‍යාංශ ලේකම්වරයාට තමා උපදෙස් දී ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුට වගකීම පැහැර හැරීමට නොහැකි බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Latest news

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ

පළාත් සභා ඡන්ද විශේෂ කාරක සභාවට විපක්ෂය නෑ පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා...

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට

මැලේරියාව සහ පිටගැස්ම පාලනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට මැලේරියා රෝගය මෙන්ම මවුවරුන්ගේ සහ බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කිරීමත් එය වසර 10ක්...

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා

වසර දෙකක් තුළ සතොස අලෙවිහල් 31ක් වහලා 2024 වසරේ ජනවාරි සිට ඉකුත් වසරේ (2025) ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...
- Advertisement -spot_img

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ?

පැරසිටමෝල් වැඩිපුර බිව්වොත් මොකද වෙන්නේ? ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනේම නැත. බේත් හේත් වුවද එසේමය. නිසි ප්‍රමාණය නිසි වෙලාව ඉක්මවා...

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ

ප්‍රධාන ජලාශ 74 ක වතුර හිඳේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74 හි සමස්ත ජල ධාරිතාව සියයට 34ක පමණ...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you