Featuresවෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් නාටකය නටා අවසන් ද ?

වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් නාටකය නටා අවසන් ද ?

-

spot_img

වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් නාටකය නටා අවසන් ද ?

බම්බලපිටියේ සිට දෙහිවල දක්වා මැරීන් ඩ්‍රයිව් (Marine Drive) වෙරළ තීරයේ පවත්වාගෙන යනු ලබන අනවසර හෝටල් සහ සංචාරක ආපනශාලා සැප්තැම්බර් 10 වැනි දිනට පෙර ඉවත් කරගන්නා ලෙස වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවෙන් මීට පෙර දැඩි නියෝගයක් නිකුත් කෙරිණි. එහි මුල් අදියර ලෙස පුද්ගලයන් 8 දෙනෙකුට අයත් අනවසර ඉදිකිරීම් 19ක් සම්පූර්ණයෙන්ම කඩා ඉවත් කිරීමට අදාළ නිල ලැයිස්තු ද සකස් කර තිබිණි. “සැප්තැම්බර් 10 ට පෙර ඉවත් නොකළහොත් 11 වැනිදා ඩෝසර් දමා කඩා බිඳ දමනවා” යැයි බලධාරීන් එදා මාධ්‍ය ඉදිරියේ සිංහ නාද කළහ. නමුත් අද වන විට එම නියෝගය කුමන අබලි කූඩයකට ගොස් ඇද්දැයි ප්‍රශ්න කිරීමට තරම් පරිසරය නිහඬය. 

Unauthorized construction on the beach

දේශපාලනඥයන්ගේ සහ ඇතැම් රජයේ ඉහළ නිලධාරීන්ගේ සෘජු අනුග්‍රහය මත, ව්‍යාජ ලෙස සකස් කරන ලද බලපත්‍ර සහ ලේඛන භාවිතා කරමින් අධික වාණිජ වටිනාකමකින් යුත් මෙම වෙරළ කලාපය ආක්‍රමණය කළ බලවතුන් ඉදිරියේ නීතිය දණ ගසා ඇත. බලධාරීන්ගේ ‘තර්ජන’ සහ ‘අවසාන නිවේදන’ දින කිහිපයක් මාධ්‍ය ප්‍රවෘත්ති මැවීමට පමණක් සීමා වූ තවත් එක් මෙගා නාටකයක් බව මේ වන විට තහවුරු වෙමින් තිබේ. නීතිය ක්‍රියාත්මක කරන බව පෙන්වමින් ජනතාවගේ දෑස් රවටන මේ හිස් කයිවාරුවලින් පැහැදිලි වන්නේ මෙරට දේශපාලන හා නිලධාරී තන්ත්‍රයේ සුපුරුදු නිරුවතයි. සාමාන්‍ය දුප්පත් මිනිසෙකුගේ කුඩා කඩයක් හෝ ජීවත් වන පැල්පතක් ඉවත් කිරීමට පොලිස් බලඇණි පිරිවරාගෙන වේගයෙන් ක්‍රියාත්මක වන ජේසිබි මැෂින්, බලවතුන්ගේ අනවසර හෝටල් ඉදිරියට පැමිණි විට අකර්මන්‍ය වීම පුදුමයට කරුණක් නොවේ. පුද්ගලයන් 8 දෙනෙකු වැනි සුළු පිරිසකගේ නීතිවිරෝධී ගොඩනැගිලි ටිකක් ඉවත් කිරීමට මුළු රාජ්‍ය යන්ත්‍රණයටම නොහැකි වීමෙන්ම පෙනී යන්නේ “දේශපාලන හස්තය” සහ “යටින් වන ගනුදෙනු” නීතියට වඩා කොතරම් බලවත්ද යන්නයි.

Unauthorized construction on the beach

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩෝසර් තර්ජනයට සිදුවූයේ කුමක්ද?

සැප්තැම්බර් 10 ගෙවි ගොස් මාස කිහිපයක් ගතවී ඇතත්, ව්‍යාජ ලේඛන සෑදීමට උදව් කළ නිලධාරීන්ට හෝ දේශපාලනඥයන්ට එරෙහිව කිසිදු පරීක්ෂණයක් නැත. අදාළ ස්ථාන තවමත් සුපුරුදු පරිදි ක්‍රියාත්මක වීමෙන් පෙනී යන්නේ නීතිය යනු බලවතුන්ට ඕනෑ හැටියට නැටවිය හැකි කොන්දේසි සහිත තොවිලයක් බවයි. මහජනතාව රවටන ප්‍රචාරක සන්දර්ශන පසෙක තබා, නීතිය හැමටම එක ලෙස ක්‍රියාත්මක කරන සැබෑ දේශපාලන සංස්කෘතියක් බිහිවුණා යැයි පුරසාරම් ඇද බෑ අය අද බොරු නින්දේය. බොරු නින්දේ සිටින වුන් අවදි කිරීම අපහසුය. සිදුව ඇත්තෙ එයය.

✍️ ගවේෂක විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

සුපිරි Reality TV තරුවට සේවකයන් හතර දෙනෙකුගෙන් නඩු

සුපිරි Reality TV තරුවට සේවකයන් හතර දෙනෙකුගෙන් නඩු සුප්‍රකට Reality TV පවුලක සාමාජිකාවක් මෙන්ම Kylie Cosmetics නම් රූපලාවන්‍ය සන්නාමයේ හිමිකාරිණිය...

මාලිමාවේ මර්දන පනත සම්මත වීමට සියල්ල සූදානම්!

මාලිමාවේ මර්දන පනත සම්මත වීමට සියල්ල සූදානම්! දශක හතරකට අධික කාලයක් පුරා මෙරට පුරවැසි නිදහසට සහ මානව හිමිකම්වලට දැඩි තර්ජනයක්...

නීතිපති දෙපාර්තමේන්තුවේ නීති විභාග වංචාවක්

නීතිපති දෙපාර්තමේන්තුවේ නීති විභාග වංචාව කොළඹ, 2026 නොවැම්බර් 17 මෙරට රාජ්‍ය සේවයේ ඉහළම නීතිමය ආයතනය වන නීතිපති දෙපාර්තමේන්තුවට නිලධාරීන් බඳවා...

ඩොලර් මිලියන 13ක ඉන්ධන ටෙන්ඩරය ඩීල් එකක් ද?

ඩොලර් මිලියන 13ක ඉන්ධන ටෙන්ඩරය ඩීල් එකක් ද? රාජ්‍ය ව්‍යවසායන්හි මූල්‍ය විනය සහ ප්‍රසම්පාදන ක්‍රියාවලීන් පිළිබඳව දැඩි අවධානයක් යොමුව ඇති...
- Advertisement -spot_img

ඩොලර් මිලියන 13ක ඉන්ධන ටෙන්ඩරය ඩීල් එකක් ද?

ඩොලර් මිලියන 13ක ඉන්ධන ටෙන්ඩරය ඩීල් එකක් ද? රාජ්‍ය ව්‍යවසායන්හි මූල්‍ය විනය සහ ප්‍රසම්පාදන ක්‍රියාවලීන් පිළිබඳව දැඩි අවධානයක් යොමුව ඇති...

ජනතාවගේ බදු මුදල් ගිලින රාජ්‍ය මාධ්‍ය

ජනතාවගේ බදු මුදල් ගිලින රාජ්‍ය මාධ්‍ය 2027 අයවැය මගින් රාජ්‍ය වියදම් සීමා කරන බවට පුරසාරම් දොඩන අතරතුර, අඛණ්ඩව රටට බරක්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you