FeaturesBing Chun අයිස්ක්‍රීම් උගුලේ වැටුණු පාරිභෝගිකයා

Bing Chun අයිස්ක්‍රීම් උගුලේ වැටුණු පාරිභෝගිකයා

-

spot_img

Bing Chun අයිස්ක්‍රීම් උගුලේ වැටුණු පාරිභෝගිකයා

පසුගිය දිනවල කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල තරුණ තරුණියන් අතර උන්මාදයක් බවට පත්වූ “Bing Chun” (බින් චුන්) අයිස්ක්‍රීම් සහ පාන වර්ග පිළිබඳව මේ වන විට රටම කතා කරන ආන්දෝලනාත්මක සත්‍යයක් හෙළිදරව් වී තිබේ. ජාත්‍යන්තර මට්ටමේ සුපිරි සන්නාමයක් ලෙස පාරිභෝගිකයන් මුළා කරමින්, ඉහළ මිල ගණන්වලට අලෙවි කළ මෙම නිෂ්පාදන, මෙරට ආහාර ප්‍රමිතීන් පවා උල්ලංඝනය කර ඇති බව අධිකරණය හමුවේ තහවුරු වී ඇත. 

Bing Chun

 

අධිකරණය හමුවේ හෙළි වූ සත්‍යය කුමක්ද?

කොළඹ මහ නගර සභාවේ (CMC) මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) විසින් කොම්පඤ්ඤවීදියේ පිහිටි බින් චුන් අලෙවිසැලක සිදුකළ හදිසි වැටලීමකදී ලබාගත් අයිස්ක්‍රීම් සාම්පල නාගරික රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබුණි. එම පරීක්ෂණ වාර්තාවලින් තහවුරු වූයේ එම අයිස්ක්‍රීම් මෙරට නීතියෙන් නියම කර ඇති ආහාර ප්‍රමිතීන්ට අනුකූල නොවන බවයි. ඒ අනුව, අදාළ සමාගමට එරෙහිව චෝදනා 28ක් යටතේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරනු ලැබූ අතර, එම සියලු චෝදනාවලට වරද පිළිගැනීමෙන් අනතුරුව අධිකරණය විසින් සමාගමට රුපියල් 84,000ක දඩයක් නියම කරන ලදී.

සමාගමේ නිදහසට කරුණු සහ සැබෑ අවදානම

සිද්ධිය සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචනයට ලක්වීමත් සමඟ බින් චුන් ශ්‍රී ලංකා ආයතනය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඔවුන් පවසන්නේ මෙම ගැටලුව ඇති වූයේ වැනිලා සහ චොකලට් අයිස්ක්‍රීම් වර්ග දෙකක අඩංගු විය යුතු මේද ප්‍රමාණය (Fat content) සහ මුළු ඝන ද්‍රව්‍ය ප්‍රමාණය (Total solids) නියමිත ප්‍රමිතියට නොතිබීම නිසා පමණක් බවයි. එම නිෂ්පාදන “මිනිස් පරිභෝජනයට නුසුදුසු හෝ විෂ සහිත” බව රස පරීක්ෂක වාර්තාවේ සඳහන් නොවන බව පවසමින් ඔවුන් සිය ප්‍රතිරූපය බේරා ගැනීමට උත්සාහ කරයි. නමුත් මෙහි ඇති බරපතළම ප්‍රශ්නය නම් “අයිස්ක්‍රීම්” (Ice Cream) ලෙස නම් කර යමක් විකුණන්නේ නම්, ඊට අදාළ අවම පෝෂණ සහ මේද ප්‍රමිතීන් තිබිය යුතු විමය. එම ප්‍රමිතීන් නොමැතිව රසකාරක සහ වතුර මිශ්‍ර කර අයිස්ක්‍රීම් නමින් අලෙවි කිරීම පාරිභෝගිකයා නොමඟ යැවීමක් සහ බරපතළ වෙළඳ වංචාවකි.

Bing Chun

සමාජ මාධ්‍ය “රැල්ලට” රැවටුණු පාරිභෝගිකයා

TikTok සහ Facebook වැනි සමාජ මාධ්‍ය හරහා මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද වීඩියෝ (Paid Promotions) හරහා මෙම සන්නාමය පිළිබඳව විශාල රැල්ලක් නිර්මාණය කෙරුණි. කිසිදු සොයා බැලීමකින් තොරව පෝලිම්වල රැඳී සිටිමින් ජනතාව මිලදී ගෙන ඇත්තේ, අවම වශයෙන් අයිස්ක්‍රීම් එකක තිබිය යුතු මූලික ප්‍රමිතියවත් නොමැති නිෂ්පාදනයක් බව දැන් පැහැදිලිය.

පාරිභෝගිකයන් ලෙස අප උගත යුතු පාඩම

විදේශීය නමක් ගැසූ පමණින් හෝ සමාජ මාධ්‍යවල “ට්‍රෙන්ඩ්” වූ පමණින් ඕනෑම ආහාරයක් ගුණාත්මක යැයි විශ්වාස කිරීම අතිශය භයානකය. ජනතාවගේ සෞඛ්‍යය සහ මුදල් සමඟ සෙල්ලම් කරන මෙවැනි ව්‍යාපාරිකයන්ට රුපියල් 84,000ක දඩයක් යනු ඔවුන්ගේ දවසක ලාභයෙන් සුළු කොටසක් පමණි. එබැවින්, මෙවැනි ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන ප්‍රතික්ෂේප කිරීමේ සැබෑ බලය ඇත්තේ බුද්ධිමත් පාරිභෝගිකයාටය. එහෙත් ඒ පාරිභෝගිකයා හෙටත් රැවටෙනු ඇත.

✍️ ගවේෂක විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

අධ්‍යපනයට වැඩිම මුදලක් කියා හරිනි කියූ කෙප්පය

අධ්‍යපනයට ඉතිහාසයේ වැඩිම මුදලක් කියා හරිනි කියූ කෙප්පය 2027 අයවැය විවාදයේදී අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සිදු කළ...

අයවැයෙන් බදු කැපුණු මිරිස් කන්ටේනර් 60

අයවැයෙන් බදු කැපුණු මිරිස් කන්ටේනර් 60 කොළඹ වරායේ රේගු භාරයේ සිරවී ඇති වියළි මිරිස් බහාලුම් (කන්ටේනර්) තොගය සහ 2027 අයවැය...

කම්කරු නීති මළගම් යැවූ “මව්බිම” අර්බුදය

කම්කරු නීති මළගම් යැවූ "මව්බිම" අර්බුදය රටේ දූෂණ, වංචා සහ අසාධාරණයන් ගැන පෑන මෙහෙයවමින් ජනතාවගේ හඬ බවට පත්වූ මාධ්‍යවේදීන්ට, අද...

කොටහේනෙදී කොටහළුයි, අටමස්ථානෙදි ගොළුයි, නකල්ස් ළඟ විතරක් බුරයි

කොටහේනෙදී කොටහළුයි, අටමස්ථානෙදි ගොළුයි, නකල්ස් ළඟ විතරක් බුරයි නකල්ස් වනාන්තරයේ ගල් ගුහාවකදී අනාරක්ෂිත දරු ප්‍රසූතියකට මුහුණ දුන් 15 හැවිරිදි දැරිය...
- Advertisement -spot_img

2035 දක්වාම ලෝක කුසලාන අහිමි කරගත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට්

2035 දක්වාම ලෝක කුසලාන අහිමි කරගත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනවශ්‍ය දේශපාලන මැදිහත්වීම් සහ අදූරදර්ශී පරිපාලන තීරණ හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ...

පුංචි අය කන්න ආස ස්නැක් එකක්

පුංචි අය කන්න ආස ස්නැක් එකක් - රස්ක්ස් (Rusks) රස්ක් කියන්නෙ පුංචි කාලෙ ඉඳලම ගොඩක් අය කන්න ආස ස්නැක් එකක්....

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you