දකුණු පළාතේ සාම්ප්‍රදායික කෑමක් – මාළු ඇඹුල් තියල්
ශ්‍රී ලාංකික ආහාර සංස්කෘතියේ ඉහළින්ම තියෙන කෑමක් තමයි මාළු ඇඹුල් තියල්. විශේෂයෙන්ම දකුණු පළාතේ සාම්ප්‍රදායික කෑමක්. සම්ප්‍රදායික ක්‍රමයට, හරි පදමට මාළු ඇඹුල් තියල් හදාගන්නෙ කොහොමද කියලා බලමු.

• අවශ්‍ය ද්‍රව්‍ය
මාළු කිලෝග්‍රෑම් 1ක් (බල, කෙලවල්ලා හෝ තලපත්)
ගොරකා 50 g
ගම්මිරිස් කුඩු මේස හැඳි 3ක්
බැදපු තුනපහ කුඩු තේ හැඳි 1ක්
රම්පේ
කරපිංචා ඉති කිහිපයක්
කුරුඳු පොතු කැබැල්ලක්
ලුණු
සුදුළූණු බික් කිහිපයක්
ඉඟුරු ස්වල්පයක්
වතුර

• සාදාගන්නා ආකාරය
මුලින්ම මාළු ටික හොඳට සුද්ධ කරලා, තරමක් ලොකු කෑලිවලට කපාගන්න. ඊට පස්සෙ ගොරකා ටික හොඳට හෝදලා වතුර ටිකක් දාලා තම්බගන්න. ගොරකා මෘදු වුණාට පස්සෙ වතුර ඉවත් කරලා අඹරාගන්න. දැන් ඒකට ගම්මිරිස් කුඩු, බැදපු තුනපහ කුඩු, ලුණු , සුදුලූණු සහ ඉඟුරු ටිකත් එකතු කරගන්න.

මේ ඔක්කොම හොඳට මිශ්‍ර කරලා පේස්ට් එකක් හදා ගන්න. දැන් මේ පේස්ට් එක මාළු කෑලිවල හොඳට තවරගෙන විනාඩි තිහක් විතර සීසන් කර ගන්න. ඊළඟට මැටි හට්ටියක් අරගෙන හට්ටියේ අඩියට රම්පේ, කරපිංචා සහ කුරුඳු පොතු කැබැල්ල අතුරන්න. ඊට පස්සෙ සීසන් කරගත්ත මාළු කෑලි ඊට උඩින් අතුරන්න.




