පැණි රසට කැමති අයට හකුරු පුඩිං – Jaggery Pudding
පැණි රසට කැමති අයට ගැළපෙනම අතුරුපසක් තමයි හකුරු පුඩිං කියන්නෙ. ගෙදරදීම රසට සුවඳට හකුරු පුඩිං එකක් හදාගන්න විදිහ බලමු.

• අවශ්ය ද්රව්ය
කිතුල් හකුරු 200g
පොල් කිරි 400 ml
බිත්තර 4 ක්
වැනිලා තේ හැන්දක්
ලුණු ස්වල්පයක්
එනසාල් කුඩු ස්වල්පයක්

• සාදන ආකාරය
ඉස්සෙල්ලම කිතුල් හකුරු පොඩි කෑලිවලට කපාගන්න. භාජනයකට හකුරු ටික දාලා පොල් කිරි ටිකකුත් එකතු කරලා අඩු ගින්දරේ රත් කරමින් හකුරු ටික දිය කරගන්න. හකුරු ටික සම්පූර්ණයෙන් දියවුණාට පස්සෙ මිශ්රණය පෙරලා නිවෙන්න තියන්න.
ඊළඟට වෙනම භාජනයකට බිත්තර හතර දාලා කහමදය සහ සුදුමදය හොඳට මිශ්ර වෙනකං හිමීට බීට් කරගන්න. ඊට පස්සෙ නිවාගත්ත හකුරු මිශ්රණයට ඉතිරි පොල් කිරි ටිකත් එකතු කරන්න.මේකටම බීට් කරගත්ත බිත්තරත් හෙමීට එකතු කරලා හොඳට මිශ්ර කරගන්න. දැන් වැනිලා, ලුණු සහ එනසාල් කුඩු ටිකත් එකතු කරන්න. ඊට පස්සෙ මිශ්රණය සිහින් පෙරනයකින් පෙරාගන්න. එතකොට පුඩිං එක සොෆ්ට් වෙනවා.




