Travelමෙරට පළමු සහ එකම සත්ව නිදර්ශන කෞතුකාගාරය

මෙරට පළමු සහ එකම සත්ව නිදර්ශන කෞතුකාගාරය

-

spot_img

මෙරට පළමු සහ එකම සත්ව නිදර්ශන කෞතුකාගාරය

මෙවර දරුවන්ට මානසික සහ ශාරීරික සහනයක් ගැනීමටත් විනෝදයෙන් දිනක් ගත කරන්නටත් සුදුසු සංචාරක ස්ථානයක් හඳුන්වා දීමට බලාපොරොත්තු වෙනවා. අප අද හඳුන්වා දෙන සංචාරක ස්ථානය දැක බලා ගැනීමට යන ඔබට මෙම ප්‍රදේශය ආශ්‍රිතව තවත් බොහෝ තැන් නැරැඹීමට හැකි වීමත් විශේෂයි. විශේෂයෙන්ම අධ්‍යාපනය ලබන දූ දරුවන්ට මෙම ස්ථානය සුවිශේෂී වනවා නොඅනුමානය. 

museum houses

‌ඓතිහාසික වටිනාකමක් සහිත පොළොන්නරුව, ඒසේම දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය ලද හබරණ සහ ගිරිතලේ ආශ්‍රිතව මෙය පිහිටා තිබෙනවා. ශ්‍රී ලංකා ජාතික වනජීවී කෞකුතාගාරය ඔබ සංචාරය කර තිබෙන්නත් නොතිබෙන්නත් හැකියි. දූ දරුවන්ට මෙන්ම වැඩිහිටි ඔබටත් ඉතා වැදගත් වූ ස්ථානයක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය. අප රට පළමු සහ එකම සත්ව නිදර්ශන කෞතුකාගාරය මෙයයි. හබරණ – පොළොන්නරුව මාර්ගයේ කිලෝමිටර් 12ක් පමණ ඇලහැර හරහා ගිරිතලේට ගමන් කිරීමේදී මෙම කෞතුකාගාරය හමු වෙනවා. 2010 වසරේදී මෙය විවෘත කර තිබෙන අතර ස්වාභාවික සහ මිනිස් ක්‍රියාකාරකම් නිසා මියගිය සත්වයන්ගේ නිදර්ශන මෙම කෞතුකාගාරයේ තැම්පත් කර තිබෙනවා.

museum houses

වන සම්පත සහ සිවුපාවුන්ගේ අගය අප්‍රමාණය. සොබා දහමේ අප්‍රමාණවූ වටිනාකම් දිනෙන් දින විනාශ වෙමින් පවතිනවා. අපේ රටේ ඉපැරැණි රජවරු නීති රීති පනවා වනගත සතුන්ට නිසි ආරක්ෂාව සැලසීමට කටයුතු කර තිබුණ නමුත්, දහසය වන සියවස සිට යුරෝපීයන් විසින් ආර්ථික වාසි පතා වැවිලි හඳුන්වා දෙනවා. ඒසේම වානිජ පරමාර්ථයෙන් අලි ඇතුන්ගේ දළ සහ සම් අපනයනය සිදු වීම නිසා අපගේ වනගත සතුන් විනාශයට ලක් වීම ආරම්භ වුණා.

museum houses

මේ නිසා අප රටේ වන සම්පත මෙන්ම සත්ව සම්පතටද සිදු වූ හානිය අතිමහත්. ගිරිතලේ ජාතික වනජීවි කෞතුකාගාරයේ දුර්ලභ සත්ව අවයව සහ කළල අතරින් ගැට කිඹුලාගේ නිදර්ශනය ඉතා විශේෂයි. ලෝකයේ මෙතෙක් විශාලතම ගැට කිඹුලාගේ නිදර්ශනය මෙහි වන බවයි සඳහන් වන්නෙ. ඒසේම කළු දිවියා, සති තුනක් වයසැති අලියකුගේ කළලයක්, මාස එකහමාරක කළලයක පිඹුරකු ඉපැදීමට ආසන්නයේ කළලයක්ද මේ අතර වෙනවා. මෙයට අමතරව අලියකුගේ හෘදය මොළය වැනි විශේෂ අවයවද නිදර්ශන ලෙස තබා ඇත.

museum houses

මෙම කෙෘතුකාගාරයේ දිවියා, කොටියා, වළහා, මීමින්නා, තිත් මුවා, සුදු වැලි මුවා, ජාන විකෘතිව බිහි වූ සතුන්, වල් බළලා, දිය බල්ලා, වැලි මුවා උගුඩුවා (කළවැද්දා), වඳුරා, මුහුදු බෙල්ලන් මෙන්ම පිඹුරාගේ සැකිල්ලක්ද සමනල සහ මුහුදු බෙල්ලන් විශේෂ බොහොමයක් ප්‍රදර්ශනයට තබා තිබෙනවා. කෞතුකාගාරයේ තබා ඇති සත්ව නිදර්ශන අතර බොහෝ දෙනාගේ අවධානය යොමු වෙන කතිර දළ පූට්ටු ඇතා මෙරට වනාන්තරවලින් හමු වූ අවසාන දළ පුට්ටු ඇතා ලෙසයි සලකන්නේ. කුමන හා ඒ් අවට ප්‍රදේශයන්හි සැරි සැරූ මෙම ඇතා වෙඩි පහරකින් මිය ගොස් තිබියදී හමු වී තිබෙනවා.

museum housesmuseum houses

මෙම කෞතුකාගාරයේ තවත් මෙවැනි සත්ව නිදර්ශන බොහොමයකි. අප සඳහන් කළේ ඉන් කිහිපයක් පමණි. අංගම්මැඩිල්ල ජාතික වන උද්‍යානය, පොළොන්නරුව, ගිරිතලේ, හබරණ සහ එම ප්‍රදේශ පසුකරමින් සංචාරය කරන ඔබ මෙම ස්ථානයටත් ගොඩ වැදී ඒහි වටිනාකම අත්විඳින්න.

Shan Bandu Weerasinghe
සටහන සහ ඡායාරූප – ශාන් බන්දු වීරසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

බොරතෙල් මිල යළි ඉහළට

බොරතෙල් මිල යළි ඉහළට ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල නැවතත් ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අනුව WTI...

ලබන වසරේ සිට සරල බදු ක්‍රමයක්

ලබන වසරේ සිට සරල බදු ක්‍රමයක් එළැඹෙන වසරේ සිට මෙරට බදු ක්‍රමය වඩාත් සරල සහ පහසු කිරීමට සැලසුම් කර ඇති...

නීති විරෝධී ධීවර කටයුතු මැඩලීමට පියවර

නීති විරෝධී ධීවර කටයුතු මැඩලීමට පියවර නීති විරෝධී ධීවර කටයුතු සහ ධීවර යාත්‍රා යොදා ගනිමින් සිදු කරනු ලබන නීති විරෝධී...

ලිසිං වාහනවලට එන අලුත් නීති

ලිසිං වාහනවලට එන අලුත් නීති මූල්‍ය සහ කල්බදු සමාගම්වලින් ලබාගත් වාහන හෝ වෙනත් උපකරණ නැවත එම සමාගම් යටතට පවරා ගැනීමේදී...
- Advertisement -spot_img

මුත්‍ර ගල් කල්තියා හඳුනාගන්නෙ කොහොමද ?

මුත්‍ර ගල් කල්තියා හඳුනාගන්නෙ කොහොමද ? ඔබට කොන්දේ වම් හෝ දකුණු පස වකුගඩු ආශ්‍රිත ප්‍රදේශයේ හෝ ඉන් පටන් ගෙන උදරය...

ලිසිං වාහනවලට එන අලුත් නීති

ලිසිං වාහනවලට එන අලුත් නීති මූල්‍ය සහ කල්බදු සමාගම්වලින් ලබාගත් වාහන හෝ වෙනත් උපකරණ නැවත එම සමාගම් යටතට පවරා ගැනීමේදී...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you