Interviewsරඟපාන චරිතය හැර වෙනත් කිසි දෙයක් සෙට් එකට ගේන්නෙ...

රඟපාන චරිතය හැර වෙනත් කිසි දෙයක් සෙට් එකට ගේන්නෙ නෑ

-

spot_img

රඟපාන චරිතය හැර වෙනත් කිසි දෙයක් සෙට් එකට ගේන්නෙ නෑ – Kay Kay Menon

ඔහු ඉන්දියානු සිනමාව තුළ සුවිශේෂී අනන්‍යතාවයක් ගොඩනගා ගත් රංගන ශිල්පියෙකි. ක්‍රිෂ්ණ කුමාර් මෙනන් නොහොත් කේ කේ මෙනන් කුඩා වියේදීම වේදිකා රංගනය ඔස්සේ සිනමාවට පිවිසුණේය. Bhopal Express, Black Friday, Sarkar, Shaurya, Gulaal, Haider සහ Baby වැනි චිත්‍රපට ඔස්සේ ඔහු සිය රංගන හැකියාව සනිටුහන් කළ අතර මෑතකාලීනව streaming/web series ඔස්සේ ප්‍රේක්ෂකයින්ට සමීප විය. මේ දිනවල Prime Video හි විකාශය වෙන Adarsh ​​Baal Vidyalaya කතාමාලාවේ ”ඥානේෂ්වර් ත්‍රිපාති” නම් විදුහල්පතිවරයාගේ චරිතයෙන් ඔහු ඔබ හමුවට එයි. මේ ඔහු Hindustan Times ඇසුරින් සිදුකළ කතාබහකි. 

Kay Kay Menon

කේ කේ මෙනන් කුඩා අවධියේ සිටම විද්‍යාවට ඇළුම් කළේය.

“මම භෞතික විද්‍යාවට කැමති වුණා, ඒ නිසා ඒ විෂය ඔස්සේ උපාධිය හැදෑරුවා.”

ඔහු පවසයි. රංගනය ද ඔහුගේ ජීවිතයට පැමිණියේ කුඩා කාලයේමය. වයස අවුරුදු නවයේදී ඔහු වේදිකා නාට්‍යවල රඟපෑවේය.

“ඒ දේ මට හරි ලේසියෙන් කරන්න පුළුවන් වුණා. මම ඒකට කැමති වුණා. නමුත් රඟපෑම කියන්නෙ මට ලැබුණු විශේෂ හැකියාවක් බව මම දැනගෙන හිටියේ නැහැ. මගේ MBA උපාධිය ඇතුළු වෙනත් ඕනෑම දෙයකට වඩා රංගනයෙන් මම සතුටක් ලබන බව මට තේරුණේ ගොඩක් කාලෙකට පස්සෙ. ඒ නිසා මම නැවතත් රංගනයට යොමු වුණා” 

Kay Kay Menon

එය තමාගේ සැබෑ කැඳවීම (calling) බවයි ඔහු පවසන්නේ.

“හැම කෙනෙක්ටම දක්ෂතා දෙකක් හෝ තුනක් තිබෙන බව මට තේරෙනවා. සමහරවිට ඔබට ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ දක්ෂතාවක් තිබිය හැකියි, නමුත් ඔබට ඕනෙ නළුවෙක් වෙන්න. ඔබේ දක්ෂතාව වෙනත් ක්ෂේත්‍රයක තියෙද්දි රංගනයට යොමු වීම කියන්නෙ එය ආශාව උදෙසාම විතරක් වෙන්න පුළුවන්. ඒ නිසා, කළමනාකරණය හෝ වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රයට වඩා රංගනය මට සතුටක් බව පරක්කු වෙලා හරි මම තේරුම් ගත්තා.”

හාස්‍යජනක නිර්මාණයක කොටස්කරුවෙකු වීම පිළිබඳව අදහස් දක්වමින් මෙනන් පවසන්නේ මෙලෙස.

“හාස්‍යය සමඟ කටයුතු කරන එක ප්‍රශ්නයක් නෙමේ. නමුත් මට ඇත්තෙන්ම ‘හාස්‍යජනක පුද්ගලයෙක්’ (funny person) වෙන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. මොකද ඒක සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්. උදාහරණයක් ගත්තොත් ගෝවින්දා හෝ ජිම් කැරී වගේ නළුවන්ට පුළුවන් ක්ෂණිකව හාස්‍යජනක අවස්ථා නිර්මාණය කරන්න. නමුත් මට එහෙම කරන්න පුළුවන් කියල මම හිතන්නෙ නැහැ. මට නම්, හාස්‍යය පිටපත තුළම තියෙන්න ඕනෙ. එතකොට මට යම් යම් ක්ෂණික වෙනස්කම් (improvisations) සිදු කරලා ඒක මතු කර ගන්න පුළුවන්. නමුත්, පිටපතේ එවැන්නක් නොමැති නම්, මට මගේම අදහසකින් ක්ෂණිකව හාස්‍යජනක දෙයක් නිර්මාණය කරන්න බැහැ” 

Kay Kay Menon

 

කෙසේ වෙතත්, මෙනන්ගේ චිත්‍රපටකරණය විවිධ ප්‍රභේද හරහා පැතිරී ඇති අතර, ඔහු එකිනෙකට වෙනස් සංකීර්ණ චරිත රඟපා ඇත. ඔහු කලින් රඟපෑ චරිතයක සෙවනැලි සිහිපත් නොකර රඟපෑමට, විවිධ හැඟීම් මතු කිරීමට කටයුතු කරන්නේ කෙසේද?

“මම පිටපත කිහිප වතාවක් කියවන්න පුරුදුවෙලා ඉන්නව වගේම රඟපාන චරිතය හැර වෙනත් කිසි කෙනෙක්ව සෙට් එකට අරන් එන්නෙ නෑ. අත්දැකීම් එක්ක, ඔබෙන් ගලා එන වෙනත් ටැප් වහලා දාන එක ලේසි වැඩක් නෙමේ. රංගනය කියන්නෙ ප්‍රකාශනයට වඩා සංයමය තියාගන්න ඕනෙ දෙයක්. ඔබට පහසුවෙන් නිදර්ශන රංගනයට පිවිසෙන්න පුළුවන් නමුත් ඒක නිවැරදි මාර්ගය නෙමේ. පිටපතට අදාළව ඔබව සීමා කරලා රඟපෑම පටන් ගන්න ඕනේ”

වසර ගණනාවක් පුරා ඔහුගේ රංගනය සැබැවින්ම දියුණු වී ඇති බවයි මෙනන් පවසයි.

“රංගනය පිළිබඳ මගේ දැක්ම වෙනස් වෙලා තියෙනවා. බුද්ධිමත් බව ක්‍රියාවකට රිංගන ‘බුද්ධිමත් රඟපෑම්’ වලට මම කැමති නෑ. ඒ වෙනුවට චරිතයේ හැමදේම එළියට ගන්න මට අවශ්‍යයි,” 

Kay Kay Menon

නාට්‍යවල වැඩ කිරීමෙන් පසු කැමරාවට සහ රංගනයට හුරු වෙමින් සිටි කාලය ගැන ඔහු සිහිපත් කරයි. රූපවාහිනී කතා මාලාවක කථාංගයක රූගත කිරීම් අතරතුර, මෙනන්ට පොතක් හමුවී තිබේ.

“මම රංගනය ගැන පොත් කියවන්න කැමති නැහැ. ඒවා හරිම කම්මැලියි. මම කැමති ස්වයං චරිතාපදාන කියවන්න.”

නමුත් අහම්බෙන් මෙන් ඔහු එම පොත අතට ගත් අතර පළමු පිටුවේ ලියා ඇති දේ ගැන පුදුමයට පත් විය.

“ඒකෙ තිබුණා, ‘කැමරාව ඔබේ පෙම්වතිය වගේ. කිසිම වෙලාවක ඒක විශ්මයට පත් කරන්න උත්සාහ කරන්න එපා’ කියලා. සිනමා රංගනය සම්පූර්ණයෙන්ම වෙනස් බවත් කැමරාවට ඔබේ මවාපෑම දකින්න පුළුවන් බවත් මම එදා දැනගත්තා. ඔබ කරන දෙයට ඔබ අවංක නම් එය කැමරාව ඉදිරියේ ස්වයංක්‍රීයව සනිටුහන් වේවි. ඉතින්, මට කරන්නෙ නම්, මම ඇතුළු වෙනවා; ඇතුළට දාන්නෙ නැහැ”

සිය රංගනයේ අව්‍යාජභාවය පවත්වා ගැනීම උදෙසා ඔහු එතැන් සිට සිදු කරන්නේ එයයි.

“මම සාර්ථක වුණාට වඩා අසාර්ථක වෙලා තියෙනවා. නමුත් මගේ ක්‍රියාවලිය හැමදාමත් එලෙසමයි. ඔබ කරන දේ සත්‍ය නම්, ඔබේ අසාර්ථකත්වයන් තුළ පවා ඔබේ මහිමය පවතිනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

බල්ලන් ලියාපදිංචි කිරීමේ ආඥාපනත ඉවත් කෙරේ

බල්ලන් ලියාපදිංචි කිරීමේ ආඥාපනත ඉවත් කෙරේ ලංකාව තුළ ජලභීතිකා රෝගය තුරන් කිරීම, සුනඛයන් ලියාපදිංචි කිරීම සහ සුනඛ ගහනය පාලනය කිරීම...

රේගුව සැප්තැම්බරයේ ආදායම් සීමා ඉක්මවයි

රේගුව සැප්තැම්බරයේ ආදායම් සීමා ඉක්මවයි සැප්තැම්බර් මාසයට අදාළ ආදායම් ඉලක්කය මාසය අවසන් වීමට පෙරාතුවම සපුරා ඉලක්කය අබිබවා ආදායම් රැස් කිරීමට...

දිස්ත්‍රික්ක 6 ක වනාන්තර 20 ක් රක්ෂිත කරයි

දිස්ත්‍රික්ක 6 ක වනාන්තර 20 ක් රක්ෂිත කරයි "වනස්පති'' ජාතික වැඩසටහනට සමගාමිව තවත් වනාන්තර 20ක් රක්ෂිත ලෙස ගැසට් කරන බව...

හයිවේ ටිකට් මගඩියේ පාඩුව මිලියන 4500 කට වැඩියි

හයිවේ ටිකට් මගඩියේ පාඩුව මිලියන 4500 කට වැඩියි 2019 නොවැම්බර් සිට 2024 ජූලි දක්වා වූ කාලය ඇතුළත අධිවේගී මාර්ගවල සිදුව...
- Advertisement -spot_img

හයිවේ ටිකට් මගඩියේ පාඩුව මිලියන 4500 කට වැඩියි

හයිවේ ටිකට් මගඩියේ පාඩුව මිලියන 4500 කට වැඩියි 2019 නොවැම්බර් සිට 2024 ජූලි දක්වා වූ කාලය ඇතුළත අධිවේගී මාර්ගවල සිදුව...

කතානායකට එරෙහිව විශ්වාසභංගයක්

කතානායකට එරෙහිව විශ්වාසභංගයක් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව සමගි ජනබලවේගය විසින් විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට තීරණය කර ඇත. පසුගියදා පැවැති...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you